දමිතාගේ ලේ සාම්පල ගන්න දින දෙයි

ජනාධිපති ලේකම් කාර්යාලයට අනවසරයෙන් ඇතුළු වීමේ චෝදනා ලැබ සිටින දමිතා අබේරත්නට රුධිර සාම්පලයක් ලබා දීම සඳහා එළඹෙන 29 වැනිදා රස පරීක්ෂක හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (26) නියෝග කළාය.

අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී දමිතා අබේරත්න, සචිනි කෞශල්‍යා සහ මොරින් නූර් යන විත්තිකාරිනියන්ට රස පරීක්ෂක හමුවේ පෙනී සිටි රුධිර සාම්පලයක් ලබා දෙන ලෙස පූර්වගාමි විනිසුරුවරයා ලබාදුන් නියෝගය දමිතා අබේරත්න ඉටුකර නොමැති බවත් ඒ හේතුවෙන් රුධිර සාම්පලයක් ලබාදීම සඳහා ඇයට නියෝගයක් නිකුත් කර ලෙස ඉල්ලා සිටින බවත් කොළඹ උතුර අපරාධ කොට්ඨාශය ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *