අද (21) උදෑසන 10 දක්වා දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සඳහන් වූයේ මෙසේය.
කළුතර – 32%
නුවරඑළිය – 32%
මුලතිව් – 25%
වව්නියා – 30%
රත්නපුරය – 20%
කෑගල්ල – 15%
අම්පාර – 30%
මන්නාරම – 29%
ගම්පහ – 25%
එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ පෙරවරු 10.00 වන විට ඡන්දය ප්‍රකාශ කිරීම් සිදු කර ඇත්තේ 22.6% ක් බව මාතලේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිනි තේජානි තිලකරත්න පවසනවා.
මාතලේ දිස්ත්‍රික්කයේද ඉතා සාමකාමිව මැතිවරණය ප්‍රකාශ කිරීම් සිදු කරන බව ද කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැති බව මාතලේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිනි තේජානි තිලකරත්න අප කල විමසීමකදී වැඩිදුරටත් කියා සිටියා.
හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමනසේකර අප කල විමසීමකදී කියා සිටියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ වන විට 20% ක් ඡන්දය ප්‍රකාශ කර ඇති බවය.
එමෙන්ම කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැති බව ඔහු වැඩිදුරටත් අප වෙත කියා සිටියා.
අද උදෑසන 7ට ආරම්භ වූ ජනාධිපතිවරණ ඡන්ද විමසීම සවස 4ට නිමා වීමට නියමිතය