2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.
ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මෙවර දේශපාලන පක්ෂ 22කින් හා ස්වාධිනව අපේක්ෂකයන් 17 දෙනකු සහ වෙනත් දේශපාලන පක්ෂ 01 ක් ඇප මුදල් තැන්පත් තිබෙනවා.
මෙවර ස්වාධින පක්ෂවලින් ඉදිරිපත් වන අපේක්ෂකයින් වන්නේ
රනිල් වික්‍රමසිංහ
සරත් කීර්තිරත්න
ඕෂල හේරත්
ඒ.එස්.පී. ලියනගේ
සජිත් ප්‍රේමදාස
පී.ඩබ්ලිව්. එස්.කේ. බණ්ඩාරනායක
විජයදාස රාජපක්ෂ
කේ.කේ. පියදාස
සිරිතුංග ජයසූරිය
අජන්ත ද සොයිසා
ආනන්ද කුලරත්න
සරත් මනමේන්ද්‍ර
බත්තරමුල්ලේ සීලරතන හිමි
අක්මීමන දයාරතන හිමි
සිරිපාල අමරසිංහ
කේ.ආර්. ක්‍රිෂාන්
සරත් ෆොන්සේකා
අනුර කුමාර දිසානායක
පානි විජේසිරිවර්ධන
ඇන්ටනී වික්ටර් පෙරේරා
මුහම්මද් ඉල්යාස්
එම්.එම්. පේමසිරි
සිඩ්නි ජයරත්න
ටී.එම්. බණ්ඩාරනායක
ප්‍රියන්ත පුෂ්පකුමාර වික්‍රමසිංහ
එම්. තිලකරාජා
ජේ.ඩී.කේ. වික්‍රමරත්න
රොෂාන් රණසිංහ
මහින්ද දේවගේ
අනෝජ් ද සිල්වා
පී. ආරියනේත්තිරන්
මොහොමඩ් ඉන්ෆාස්
දිලිත් ජයවීර
නුවන් බෝපගේ
නාමල් රාජපක්ෂ
අනුරුද්ධ පොල්ගම්පොල
ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ
ජනක රත්නායක
ලලිත් ද සිල්වා
සරත් කුමාර ගුණරත්න
ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් පිරිසක් ඇප මුදල් තැන්පත් කර ඇත්තේ මෙවරවීම විශේෂත්වයකි.
2019 ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 36 දෙනකු ඇප මුදල් තැන්පත් කර තිබුණි.
ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයන් 40 දෙනාටම නාමයෝජනා පත්‍ර භාරදීම සඳහා මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට පිවිසීමට අවස්ථාව ඇති අතර, ඔවුන් සමග නාමයෝජනා පත්‍රයට අත්සන් කළ පුද්ගලයාටත් තවත් එක් අයකුටත් ඇතුළුවීමට අවසර හිමිවනවා.
මැතිවරණ කොමිෂන් සභාව පිහිටි රාජගිරිය සරණ මාවත අවට ප්‍රදේශය විශේෂ ආරක්ෂිත කලාපයක් බවට පත්කර ඇති අතර, අවසරලත් වාහන හා පුද්ගලයන් හැර වෙනත් කිසිවකුට ඇතුළුවීම තහනම් කර ඇති බව මැතිවරණ කොමිෂන සභාව පවසනවා.
නාමයෝජනා පත්‍ර භාරගන්නා පෙරවරු 9.00 සිට 11.30 දක්වා විරෝධතා කාලසීමාවක් නම්කර ඇති අතර, එම කාලය අවසන් වීමෙන් පසුව පිළිගත් නාමයෝජනා පත්‍ර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලබයි.
Be First to Comment