පූජකයෙකු ටී 56 දෙකක් පතුරම් තොගයක් සමඟ බුද්ධි අංශ අත්අඩංගුවට ගනී.!

මඩකලපුව මාන්චෝලේ ප්‍රදේශයේ මවුලවිවරයෙකු ගිනිඅවි ඇතුළු ආයුධ කිහිපයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර මව්ලවිවරයාගේ යතුරුපැදියේ තිබී ටී.56 ගිනි අවි දෙකක්, පතුරම් හැටක්, මෙගසින් දෙකක්, දුර දක්නනයක් සොයාගෙන ඇත.

පොළොන්නරුව යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව සැකකරු අරලගංවිල විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මවුලවිවරයා ඕටමාවඩි මාංචෝලේ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙකු බව විශේෂ කාර්ය බළකාය පවසයි.

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *