Press "Enter" to skip to content

බංග්ලාදේශයේ හෝටලයකට අරගලකරුවන් ගිනි තියයි: 24ක් මරුට

බංගලාදේශයේ ෂෙයික් හසීනාගේ පක්ෂයට අයත් දේශපාලනඥයෙකුට අයත් හෝටලයකට අරගලකරුවන් විසින් ගිනි තබා තිබෙනවා.

එම ගින්න හේතුවෙන් ඉන්දුනීසියානු ජාතිකයෙකු ඇතුළු පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර බංග්ලාදේශ අගමැතුතිනී ශෙයික් හසීනා පසුගියදා සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බව එරට මාධ්‍ය වාර්තා කර තිබුණා.

ශෙයික් හසීනා ඉන්දියාවේ ත්‍රිපුර වෙත පලා ඇවිත් ඇති බවටයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මෙලෙස අගමැතිනිය ඉල්ලා අස්වී සිය නිල නිවසින් පිට වීමට පියවර ගත්තේ විරෝධතාකරුවන් නිල නිවසට කඩා වැදීමට මොහොතකට පෙරයි.

ලක්ෂ සංඛ්‍යාත අරගලකරුවන් ඇඳිරිනීතිය නොතකා අගනුවර වීදිවල ගමන් කරමින් පසුව අගමැති මන්දිරයට කඩාවැදුනා.

ඩකාහි සන්නද්ධ රථ සහිත සොල්දාදුවන් සහ පොලිසිය හසීනාගේ කාර්යාලයට යන මාර්ග කටු කම්බිවලින් අවහිර කර තිබූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

More from විදෙස් පුවත්More posts in විදෙස් පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *