බිරිය සමග රන්ඩු වූ දොස්තරගේ සිරුර අඹගසේ එල්ලේ

හොරොව්පොතාන පොලිස් බල ප්‍රදේශයට අයත් මොරකෑව ප්‍රදේශයේදී  වෛද්‍යවරයකුගේ සිරුර අඹගසක එල්ලෙමින් තිබියදී සොයාගෙන  ඇතැයි හොරොව්පොතාන පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ,  චාමර චතුරංග නමැති තිස් අට හැවිරිදි තිදරු පියෙකි.

කැබිතිගොල්ලෑව මූලික රෝහලේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලෙස කටයුතු කළ මෙම වෛද්‍යවරයා සිය බිරිඳගේ මහ ගෙදර පදිංචි වී සිට ඇති අතර, එදින ඇතිවූ පවුල් ආරවුලක් මත මෙලෙස සිය දිවි නසා ගන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

වෛද්‍යවරයාගේ බිරිඳ හෙද සේවිකාවක බව ද පොලිසිය සඳහන් කළේය.

ඔහුගේ මෘත දේහය පිළිබඳ ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතව ඇති අතර,හොරොව්පොතාන පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *