Press "Enter" to skip to content

රොෂාන් ඇප තියයි… අනුර අත්සන් කරයි

මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් ඇප තැන්පත් කර තිබේ.

ඒ මහතාගේ ඥාති පුත්‍රයෙකු වන  ආලෝක රණසිංහ මහතා විසින් එලෙස ඇප මුදල් තැන්පත් කර ඇත.

මේ අතර එළැඹෙන සැප්තැම්බර් 21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අනුර කුමාර දිසානායක මහතා අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබේ.

ඒ අද (12) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී ය.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන මහත්වරු ඇතුළුව ජාතික විධායක සභිකයින් කිහිප දෙනෙක්ද සහභාගි වූහ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *