ලාල්කාන්ත අත්අඩංගුවට ගන්න සමගි නීතිඥ සංගමයෙන් පැමිණිල්ලක්

රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කිරීම වෙනුවෙන් දණ්ඩ නීති සංග්‍රහයේ පවතින නීති ප්‍රකාරව ජාතික ජන බලවේගයේ විධායක මණ්ඩල සභික කේ .ඩී. ලාල්කාන්ත මහතා වහා අත්අඩංගුවට ගෙන දඬුවම් ලබාදිය යුතු බව සමගි නීතිඥ සංගමය පවසයි.

ඒ අරගලය පාර්ලිමේන්තුව දෙසට හැරවීමට ගත් උත්සාහය අසාර්ථක වූ බවට කේ.ඩී. ලාල්කාන්ත මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශයට එරෙහිව එම සංගමයේ සාමාජිකයින් අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදුකිරීමට පැමිණි අවස්ථාවේදී ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *