හරින්ගේ සහ මනුෂගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි

හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අයගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ගත් තීන්දුව වලංගු බව අද (09) ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග නිකුත් කළා.

ඒ සමගි ජන බලවේගයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ඔවුන් පක්ෂයේ තීන්දුවට පටහැනිව ආණ්ඩුවේ ඇමැති ධුර ලබා ගැනීම හේතුවෙන්.

සමගි ජන බලවේග පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ඔවුන් දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරිමට එරෙහිවු ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කළා.

අදාළ නඩුව විජිත් මලල්ගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය ගැනුණු අතර අද එහි තින්දුව ප්‍රකාශයට පත් කෙරිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *