හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නාය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය එසේ දිවුරුම් දුන්නාය.

හරිනි අමරසූරිය මෙනවිය ශ්‍රී ලංකාවේ තෙවැනි අගමැතිනිය ලෙස ඉතිහාසයට එකතු වූවාය.

පසුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධිකරණ, අධ්‍යාපන, කම්කරු, කර්මාන්ත විද්‍යා හා තාක්‍ෂණ, සෞඛ්‍ය සහ ආයෝජන අමාත්‍යවරිය ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ මීට පෙර සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *