Headlines

කාන්තා ආසියානු කුසලාන T 20 අවසන් මහා තරගය අද

9 වැනි කාන්තා ආසියානු කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පස්වරුවේ රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවැත්වේ.

ඒ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතරය.

මෙවර තරගාවලියේදී ඒ කාණ්ඩයෙන් තරග බිමට පිවිසි ඉන්දීය කණ්ඩායම අපරාජිතව අවසන් තරගයට පැමිණ සිටී. සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩිකාවනුත් මෙවර අවසන් තරගය සඳහා සිය ස්ථානය වෙන් කරගත්තේ අපරාජිතවය.

ඉන්දීය කණ්ඩායමක් ආසියානු කුසලාන අවසන් තරගයක් සඳහා සුදුසුකම් ලබා ගත් 9වැනි අවස්ථාව මෙයවේ. එහිදි ඉන්දීය ක්‍රීඩිකාවන් අවස්ථා 7කදී ආසියානු ශූරියන් ලෙස කිරුළ හිමිකර ගෙන ඇත.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලාන අවසන් මහ තරගයක් සඳහා අවස්ථා 6කදී සුදුසුකම් ලබා ගෙන තිබේ. ඔවුන් අවස්ථා 5කදී ආසියානු අනුශූරියන් බවට පත්ව ඇත.

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *