බංග්ලාදේශ පාර්ලිමේන්තුව වහා ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරීමට කටයුතු කළ බව එරට ජනාධිපති කාර්යාලය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
විරෝධතාවයේ නිරත ශිෂ්‍ය නායකයින් විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත කාලසීමාවක් නියම කර පැය කිහිපයකට පසුව මෙම නිවේදනය නිකුත් කර ඇති අතර ඔවුන්ගේ නියමිත කාලසීමාව සපුරා නොගතහොත් “දැඩි වැඩපිළිවෙළක්” දියත් කරන බවට ඔවුන් අනතුරු ඇඟවීමක්ද නිකුත් කර තිබුණා.
මේ අතර අන්තර්වාර රජයේ නායකයා ලෙස ශිෂ්‍ය ක්‍රියාකාරීන් යෝජනා කර ඇත්තේ, සමාජ ව්‍යවසායකයෙක්, ආර්ථික විද්‍යාඥයෙක් සහ සිවිල් සමාජ නායකයෙක් වන මුහම්මඩ් යුනුස් ය.
ශෙයික් හසීනාගේ දේශපාලන ප්‍රතිවාදියෙකු ද වන මුහම්මඩ් යුනුස් ක්ෂුද්‍ර ණය සහ ක්ෂුද්‍ර මූල්‍ය සංකල්පවල පුරෝගාමීත්වය වෙනුවෙන් 2006දී නොබෙල් සාම ත්‍යාගයද දිනා ගෙන තිබේ.
එමෙන්ම ශිෂ්‍ය ක්‍රියාකාරීන් අවධාරණය කරන්නේ ඔවුන් හමුදා පාලනයකට එකඟ නොවන බවය
Be First to Comment