Kubiya

විභාග දෙපාර්තමේන්තුව අසල උණුසුම් – කැරලි මර්දනයත් කැඳවයි

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් ඉවත් කර අවසන් ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණයට විරෝධය පළ කරමින් අද (18) විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී දෙමව්පියන් විරෝධතාවයක නිරත වේ. ඔවුන් ඉල්ලීම් කරන්නේ පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන ලෙසය. ඒ අනුව විරෝධතාවයේ නියැලුණ දෙමාපියන්ගෙන් කිහිපදෙනෙකුට විභාග දෙපාර්තමේන්තුව තුළට ගොස් ලිපියක් භාරදීමට අවස්ථාව…

Read More

පරණ කාලයේ වීඩියෝ සමාජ මාධ්‍යයේ පළ කරන අය දෙස පොලිස් ඇස

දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ කාලවලදී ඇතිවූ සිදුවීම්වලට අදාළ වීඩියෝ දර්ශන මේ දිනවල යළි සමාජ මාධ්‍යයේ සංසරණයවීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. කටුනායක ගුවන්තොටුපොළ දක්වා ගමන් කරන ඇතැම් වාහන විවිධ පුද්ගලයන් විසින් පරීක්ෂා කිරීම සහ ඇඳිරි නීතිය පැනවූ අවස්ථාවලදී ලබාගත් වීඩියෝ දර්ශන ආදිය මේ දිනවල හුවමාරු වෙමින් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි….

Read More

ප්‍රචාරක කටයුතු අදින් අවසන්.. නිහඬ කාලය ගැන දැනුම්දීමක්

ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු හෙට (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතය. ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රී 12 සිට මැතිවරණය පැවැත්වෙන 21 වන සෙනසුරාදා දක්වා නිහඬ කාලය ක්‍රියාත්මක වනු ඇත. මෙම කාලසීමාව තුළ කිසිදු ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් සිදුකිරීම තහනම් වන අතර මැතිවරණ නීති රීති උල්ලංඝනය කරන ඕනෑම පාර්ශ්යක් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට බලය…

Read More

මේ දේශපාලන වේදිකාවේ විකටයා හොයන මැතිවරණයක් නෙවෙයි – නාමල් රාජපක්ෂ

ඉටු කිරීමට බැරි පොරොන්දු තමා ජනතාව හමුවේ ඉදිරිපත් නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ රත්නපුරයේ ඊයේ (17) දහවල් පැවැති ජන රැලියක් අමතමිනි. “සමහර අය විවිධ දේවල් අඩු කරනවා කියනවා. දේශපාලන පොරොන්දු ගැන ජනතාව දන්නවා.  ජනතාව මෙවැනි සුරංගනා කතා අහලා තියෙනවා. මේ දේශපාලන වේදිකාවේ…

Read More

ඩිජිටල් අනන්‍ය අංකය ලබාදෙන බව දින වකවානු සහිතව පවසන්න – දිලිත්ගෙන් ජනාධිපති අපේක්ෂකයන්ට අභියෝගයක්

සෑම පුරවැසියෙකුටම ඩිජිටල් අනන්‍ය අංකය ලබාදෙන බව හැකිනම් දින වකවානු සහිතව පවසන ලෙස සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා අනෙකුත් ජනාධිපති අපේක්ෂකයින්ට අභියෝගක් කරමින් පවසයි. දිලිත් ගමට ජනරැලි මාලාවේ තවත් අදියරක් යටියන්තොට නගරයේදී අද (17) පෙරවරුවේ පැවැත්වුණි. එහිදී අදහස් දක්වමින් දිලිත් ජයවීර මහතා මේ බව ප්‍රකාශ කළේය. “අපි ඉදිරිපත් කළා උපාය මාර්ගික වැඩපිළිවෙලක්. ඒ තුළින්…

Read More

හොර ඡන්ද දැම්මොත් දඩය ලක්ෂ 2යි

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී වංචනික ලෙස ඡන්දය ප්‍රකාශ කරනු ලබන පුද්ගලයින්ට එරෙහිව කටයුතු කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි. වංචනික ලෙස ඡන්දය ප්‍රකාශ කරනු ලබන පුද්ගලයින්ට නියම කරන දඩ මුදල රුපියල් ලක්ෂ 02ක් දක්වා වැඩි කිරීමට කටයුතු කළ බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි. 2023 අංක 23 දරණ මැතිවරණ විශේෂ විධිවිධාන පනත යටතේ අදාළ…

Read More

සජිත් 360ට ලොකු පොල්ලක් තියයි..

දෙරණ රූපවාහිනී නාලිකාවේ ඊයේ (17) පැවැත්වීමට නියමිත වූ 360 සජීවි වැඩසටහනට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී නොවීය. දින කිහිපයක සිට මෙම වැඩසටනට සහභාගී වීම ඔහු තහවුරු කර තිබූ බවත් හදිසියේම අද පෙරවරුවේ ඊට සහභාගී විය නොහැකි බව දැනුම් දී තිබූ බවත් දෙරණ නාලිකාව සඳහන් කළේය. හෙට (18) දිනයේ දෙරණ නාලිකාවේ 360 වැඩසටහන ජනාධිපති රනිල්…

Read More

සජිත්ගේ වේදිකාවට නැග්ග තවත් අපෙක්ෂකයෙක් බස්සයි

ස්වාධීන ජනාධිපති අපේක්ෂක පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා  පොළොන්නරුව පුලස්තිගම 400 නගරයේදී පැවැති සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රවර්ධන ජනහමුවක් අමතමින් සිටියදී අතරමගදී ජන හමුව ඇමැතීම නතර කර වේදිකාවෙන් බැසීමට සිදුවිය. එසේ ඔහු ​වෙදිකාවෙන් බස්සවනු ලැබුවෙ එම ජන හමුව පැවැත්වෙන අතරතුර යම් පිරිසක් ලබා දුන් තොරතුරක් මත එහි…

Read More

අස්වැසුම ප්‍රතිලාභීන්ට voice message යැවූ ජනාධිපති අපේක්ෂකයෙකුට වැඩ වරදින ලකුණු

ජනාධිපති අපේක්ෂකයෙකු තමාට ඡන්දය   දෙන ලෙසට අස්වැසුම ප්‍රතිලාභීන්ට එස්.එම්.එස් පණිවිඩයක් සමග හඬපටයක් යවන ලදැයි  කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස දන්වමින්  පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ(17) පැමිණිල්ලක්  කළේය. ලබන 21 වැනිදායින් පසු අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය නම් තමාට ඡන්දය දෙන ලෙස  එම පණිවිඩයෙන්  ඉල්ලීමක් කර ඇති බවත් එය පැහැදිලි වශයෙන්ම ඡන්දදායකයන්ට කළ…

Read More

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන විකිණීමට තීරණයක්

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ “පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තීරණය කර ඇත. ඉතාලියේ දේපළ වෙළඳාම් සමාගමක් වන ඩ්‍රීමර් රියල් ස්ටේට් වෙත “පල්මියෙරි විලා” විකිණීමේ වගකීම පැවරී තිබේ. ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයට ආසන්නයේ කඳුකරයේ පිහිටි පල්මියෙරි සංචාරක නිවහන ඉතාලි ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ඨතම…

Read More
Page 3 of 24
1 2 3 4 5 24