Press "Enter" to skip to content

නියමු ව්‍යාපෘතියක් ලෙස කංසා වගාකිරීමේ අවස්ථාව

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කංසා වගාකිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

 

කංසා වගාකිරීම පිළිබඳව සොයා බැලීමට පත්කළ විශේෂ කමිටුව ආයෝජනය මණ්ඩලය යටතේ කංසා වගාකිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අනුමැතිය දී ඇති බව කී රාජ්‍ය අමාත්‍ය දිලුම් අමරණුගම මහතා සඳහන් කරන්නේ ආයෝජන මණ්ඩලය ඒ සඳහා ආයෝජකයන් සොයමින් සිටින බවත්ය.

 

එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අයෝජකයන් සහ විශේෂඥායන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ඒ අනුව ප්‍රදේශයක් තෝරාගෙන ළඟදීම එය අත්හදා බලන බවත් අමාත්‍යවරයා පවසයි.

 

කංසා අපනයනය කිරීම සඳහා එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ආයෝජකයන් කීපදෙනෙක් සමඟ සාකච්ඡා කළ බවත් එය රටට ඩොලර් එන මාර්ගයක් බවට පත්විය යුතු බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *