Press "Enter" to skip to content

යාපනයට එන්න රැජිනි කාන්ත්ට වීසා නොලැබේ

ඊළාම්වාදියකු වූ තමිල්නාඩුවේ සුපිරි නළු රැජිනි කාන්ත්ට යාපනයට පැමිණීම සඳහා වීසා බලපත‍්‍ර නොදෙන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

තමිල්නාඩුවේ චෙන්නායි නුවර පැවැති ලෝක දෙමළ සමුළුවට සහභාගි වූ හිටපු උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්්වරන් මහතා විසින් රැුජිනි කාන්ත්ට ශී‍්‍ර ලංකාවට පැමිණ උතුරේ ඊළාම්වාදීන් හමුවන ලෙස ඇරයුම් කර තිබිණි.

රැුජින් කාන්ත් මේ ඇරයුම පිළිගෙන තිබේ. කොටි සංවිධානය පරාජයට පත් වීමත්, ප‍්‍රභාකරන් මරුමුවට පත් වීමත් ගැන විරෝධය පළ කර තිබූ රැුජිනි කාන්ත් ශී‍්‍ර ලංකාවේ හමුදාවට එරෙහිව ඉන්දීය හමුදාව යැවිය යුතු බව පවසා තිබිණි.

රැුජිනි කාන්ත්ව මෙරටට ගෙන්වන්නේ දේශපාලන කටයුතු සඳහා බවත් එවැනි කි‍්‍රයාදාමයකට වීසා බලපත‍්‍ර ලබා නොදෙන බවත් එම ආරංචි මාර්ග පැවසීය.

රැුජිනි කාන්ත් උතුරට පැමිණීම භාරගෙන ඇති බවට තොරතුරු ප‍්‍රචාරය වීමත් සමගම උතුරේ ඊළාම්වාදීන් ඔහු මහත් හරසරින් පිළිගැනීමේ සැලසුමක් දියත් කර ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *