Press "Enter" to skip to content

ශ්‍රී ලංකාවට තවත් රිදී පදක්කමක් දිනාදුන් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා

ඉතාලියේ සැවෝනා ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් විය.

යුපුන් අබේකෝන් මීටර් 100 ඉසව්වේ අවසන් තරගය තත්ත්පර 10.01ක කාලයකින් අවසන් කරමින් එලෙස රිදී පදක්කම තමන් සතු කර ගැනීමට සමත් විය.

“මේ වසරට විශිෂ්ට ආරම්භයක්! මම හැමදාම කියනවා වගේ ඉවසීමෙන්, විශ්වාසයෙන්, අධිෂ්ඨානයෙන් සිටීම අනාගතයේ හොඳ ප්‍රතිඵල දකින්න පුළුවන් හොඳ මාර්ගයක්.”

“මට තත්පර 10.01 (+2.7) ක කාලයකින් 2 වැනි ස්ථානයට පත්වීමට හැකි වුණා. මගේ ගමනට සහය දුන් සැමට ස්තුතියි.” යනුවෙන් තරගයෙන් පසු යුපුන් අබේකෝන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *