Press "Enter" to skip to content

ප්‍රතිසංස්කරණ ආණ්ඩුවක් සඳහා එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමක් අවශ්‍යයි – වික්ටර් අයිවන්

තම මුහුණු පොතේ සටහනක් තබමින් ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා සඳහන් කරන්නේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ආරාධනාවක් කළ යුතු බවය.

 

ඔහු විසින් මෙම ප්‍රකාශය කරනු ලබන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලය සහ ඉන්දියාවේ බුද්ධි මණ්ඩලය තුළින් ජාත්‍යන්තර මැදිහත්වීමක් ශ්‍රී ලංකාවේ අන්තර් කාලින පාලනයක් පිහිටුවිය යුතු බවට මතවාද ඉදිරිපත් වන තත්ත්වයක් යටතේය. ඊට අමතරව පසුගිය දිනවල ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බවට අරගලකරුවන් අතුරින් ද අදහස් ඉදිරිපත් විය.

 

ලිබියාවේ ජනාධිපතිවරයා ඝාතනය කිරීමෙන් පසුව කථානායකවරයාගේ මූලිකත්වයෙන් ජාත්‍යන්තර ගිවිසුමක් මඟින් පිහිට වූ අන්තර්කාලීන ආණ්ඩුව වැනි ආණ්ඩුවක් ගෝඨාභය පලවා හැරීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පිහිටුවිය යුතු බවට මතවාදයක් ගොඩනගමින් තිබෙන බව විශ්ලේෂකයෝ පවසති.

Whatsapp Group සමගින්  ක්වන්න 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *