හරීන් ප්‍රනාන්දු මහතා සමගි ජන බලවේගය පක්ෂයෙන් නෙරපීම සමග හිස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා තුන් කොන් සටනක් මතුව ඇතැයි වාර්තාවේ. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, සුජීව සේනසිංහ සහ අජිත් පී පෙරේරා යන අය මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඉල්ලීම් කර තිබේ.
මේ අතර හරින් ප්‍රනාන්දු ගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් පුරප්පාඩු වී ඇති සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට සුදුසු අයකු පත්කිරීම
ජනාධිපතිවරණයෙන් පසුව සිදුකිරීමට තීරණය වී ඇතැයි සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
එම මන්ත්‍රී පුරප්පාඩුව සඳහා සමගි ජන බලවේගය හා එම සන්ධානය නියෝජනය කරන කිහිපදෙනෙකු අතර තියුණු තරඟයක් මතුව ඇති හෙයින් එවැනි තීරණයක් ගෙන ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩි දුරටත් කියා සිටියි.