
පරණ කාලයේ වීඩියෝ සමාජ මාධ්‍යයේ පළ කරන අය දෙස පොලිස් ඇස
දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ කාලවලදී ඇතිවූ සිදුවීම්වලට අදාළ වීඩියෝ දර්ශන මේ දිනවල යළි සමාජ මාධ්‍යයේ සංසරණයවීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. කටුනායක ගුවන්තොටුපොළ දක්වා ගමන් කරන ඇතැම් වාහන විවිධ පුද්ගලයන් විසින් පරීක්ෂා කිරීම සහ ඇඳිරි නීතිය පැනවූ අවස්ථාවලදී ලබාගත් වීඩියෝ දර්ශන ආදිය මේ දිනවල හුවමාරු වෙමින් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි….