ක්‍රිස්තියානි ධර්මය තුරන් කිරීම ඉලක්ක කරගත් යුක්‍රේන නීති සම්පාදන ප්‍රතිපත්තිය ගැන කොළඹ රුසියානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

ක්‍රිස්තියානි ධර්මය තුරන් කිරීම ඉලක්ක කරගත් යුක්‍රේන නීති සම්පාදන ප්‍රතිපත්තිය ගැන කොළඹ රුසියානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක් නිකුත්කර තිබේ. වර්කොව්නා රාඩා හෙවත් යුක්රේන පාර්ලිමේන්තුව විසින්  දිගුකාලයක් තිස්සේ යුක්‍රේන සමාජයේ ගැඹුරින් සාකච්ඡා කරන ලද අපකීර්තිමත් නීතියක් වන “ආගමික සංවිධානවල ක්‍රියාකාරකම් ක්ෂේත්‍රය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය නියෝගය ආරක්ෂා කිරීම පිළිබඳ” නීතිය සම්මත කර ඇති බව ද එම නිවේදනයේ දක්වා තිබේ….

Read More

ෆවුසිට වසර 10කට අත්හිටවූ වසර 2ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්.!

අද (27) දින වරද පිළිගැනීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම් ෆවුසිට වසර 2ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර එය වසර 10ක කාලයකට අත්හිටුවීමටත් ලක්ෂ 4ක දඩයක් ගෙවීමටද කොළඹ මහාධිකරණ නියෝග කර ඇත. පසුගිය 2010 වසරේදී ඒ. එච්. එම් ෆවුසි ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් එම අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා නෙදර්ලන්තයෙන්…

Read More

බල්ලට වැඩියෙන් කවලා: හිරේ යයි

නවසීලන්ත කාන්තාවකට එරට අධිකරණයක් මාස දෙකක සිරදඬුවමක් නියම කළේය. ඒ, ඇය ඇගේ බලු සුරතලාට සීමාවකින් තොරව ආහාර දී එහි ප්‍රතිඵලයක් ලෙස එම බලු සුරතලා අධික ලෙස තරබාරු වීමත්, අවසානයේ දී මියයෑමත්, හේතුවෙනි. මියයද්දී, නුගායි නමැති මෙම බලු සුරතලාගේ බර කිලෝ 53 ක් බව ද පැවැසෙයි. නුගායි වෙනුවෙන් ඇගේ හිමිකරුට චෝදනා කරමින්, ඇයට එරෙහිව නීති මගින්…

Read More

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුරට ජය

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 11,768ක් ලබා ඉදිරියෙන් පසුවෙයි. සජිත් ප්‍රේමදාස – 4120 රනිල් වික්‍රමසිංහ – 2762 නාමල් රාජපක්ෂ – 188 දිලිත් ජයවීර – 56  

Read More

රනිල් පොහොට්ටු 100ක් ගලවයි.!

එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් සියයකට අධික පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ වනවිට එක්ව සිටිනා බවයි. ඒ අතරින් මැති ඇමතිවරු 75ක් රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කර අවසන් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. ඊයේ(29) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ…

Read More

ඇප තැන්පත් කළ අපේක්ෂකයින් ගැන කොමිසමෙන් දැනුම්දීමක්

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් මේ වනවිට අපේක්ෂකයින් සිව්දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මේ බව දැනුම් දී ඇත. ඒ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත් සහ ඒ. එස්. පී. ලියනගේ යන අය වේ.          

Read More

දමිතාගේ ලේ සාම්පල ගන්න දින දෙයි

ජනාධිපති ලේකම් කාර්යාලයට අනවසරයෙන් ඇතුළු වීමේ චෝදනා ලැබ සිටින දමිතා අබේරත්නට රුධිර සාම්පලයක් ලබා දීම සඳහා එළඹෙන 29 වැනිදා රස පරීක්ෂක හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (26) නියෝග කළාය. අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී දමිතා අබේරත්න, සචිනි කෞශල්‍යා සහ මොරින් නූර් යන විත්තිකාරිනියන්ට රස පරීක්ෂක හමුවේ පෙනී සිටි රුධිර සාම්පලයක් ලබා…

Read More

අනුරගේ ස්ටිකර් ගලවන්නැයි සජබයෙන් පැමිණිල්ලක්

ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ප්‍රවර්ධනය කිරීමට අදාළ රටම අනුරට සඳහන් ස්ටිකර් දිවයින පුරා ත්‍රීරෝද රථවල සහ වෙනත් වාහනවල ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර ඇති බව සමගි ජනබලවේගය පවසනවා. එහි මෙහෙයුම් ප්‍රධානී නීතිඥ තිළිණ ප්‍රනාන්දු විසින් අදාළ පැමිණිල් ඉදිරිපත් කර ඇති අතර මෙය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර ඇති…

Read More

වාහනයට ගංජා දැමුවා කියූ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

සමාජ මාධ්‍ය ඔස්සේ ඉමහත් ප්‍රසිද්ධියට ලක්වූ පොලිස් නිලධාරීන් පිරිසක් වාහනයක් පරීක්‍ෂා කරන මොහොතේ වාහනය තුළට පොලිස් කොස්තාපල්වරයකු විසින් කංසා දමා තරුණ පිරිසක් අමාරුවේ දැමීමට උත්සාහ කළැයි කියනු ලබන සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියේ කොස්තාපල්වරයකුගේ සේවය තහනම් කර ඇත. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවැසුවේ අදාළ කංසා තොගය පොලිසියට භාර නොදීමේ චෝදනාව අනුව මෙම කොස්තාපල්වරයාගේ සේවය තහනම් කළ බවය….

Read More
Page 20 of 24
1 18 19 20 21 22 24