Press "Enter" to skip to content

Posts published by “Kubiya”

විජයදාසට එරෙහි වාරණ විසිවෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතාත්, වැඩබලන ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත මහතාත් පත් කර ගැනීමට ගනු ලැබූ තීරණය මත එම පක්ෂය, එහි සංවිධාන හා නිලධාරීන් ක්‍රියා කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය අද (16) ප්‍රතික්ෂේප කළේය.

 

කෙසේ වෙතත් පැමිණිලිකරුට මෙම පැමිණිල්ල සංශෝධනය කර යළි අදාළ වාරණ නියෝගය සඳහා කරුණු තහවුරු කිරීමට අවස්ථාව තිබෙන බවත් විනිසුරු සඳුන් විතාන මහතා ප්‍රකාශ කළේය.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් දුමින්ද දිසානායක මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

 

 

ලක්ෂ හයක් පාසල් සිසුන් උදේට හාමතේ

පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6 ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව හෙළිවූ බව පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසනවා.

පාසල් දරුවන්ට ආහාර ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් පසු දරුවන් පාසලට පැමිණීම වැඩි වී ඇති බවද එම කාරක සභාවේදීම අනාවරණය වී තිබෙනවා.

එසේම, ප්‍රාථමික ශ්‍රේණිවල පාසල් දරුවන්ට ආහාර ලබා දීමේ වැඩපිළිවෙල සම්බන්ධ ප්‍රගතිය සම්බන්ධයෙන් වර්තාවක් ලබා දෙන ලෙස ද කාරක සභාව මගින් අධ්‍යාපන අමාත්‍යංශය දැනුවත් කර තිබෙන බවද සඳහන්.

තවද , පාසල් දරුවන්ට ලබාදෙන ආහාර වේල සඳහා වසරකට රුපියල් කෝටි 1600 කට වැඩි මුදලක් වැය වන බවද සඳහන්.

 

සජිත් – අනුරගේ විවාදය වෙනුවෙන් රජයේ නිවාඩු දිනයක්?

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ විවාදය ජනතාවට දැක බලා ගැනීම සඳහා එදින රජයේ නිවාඩු දිනයක් කළ යුතු බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

 

එහෙත් ඔහු පෙන්වාදෙන්නේ අදාළ විවාදය පැවැත්වීම සඳහා එම දෙපාර්ශවයටම උනන්දුවක් නොමැති බවය.

 

“අද ප්‍රධාන අනිත් අපේක්ෂකයින් දෙදෙනාගෙන් එක ඉල්ලීමක් කරන්න කැමතියි. කරුණාකරලා අර විවාදය තියන්න. මොකද මේ විවාදයට දෙන්නම හැංඟෙන ගතියක් පේන්න තියෙනවා. මම ඇත්තටම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමකුත් කරා රජයේ නිවාඩු දිනයක් නම් කරලා, මේ විවාදය ලංකාවේ මිනිස්සුන්ට බලන්න කියන්න. මේ දෙන්නාගේ විවාදය බලලා රට හදන හැටි. මොකද අභියෝග භාරගන්න බැරි මිනිස්සු කොහොමද රට හදන්නේ කියන එක ඉස්සෙල්ලාම බලන්න ඕනේ. මේක තනිකර ගේමක් යන්නේ. දෙපැත්තම දන්නවා මේක කරගන්න බෑ කියලා. එක්කෙනෙක් බර සිංහලෙන් කතා කරයි. අනෙක් කෙනා බර ඉංග්‍රීසියෙන් කතා කරයි. දෙන්නට දෙන්නා කතා කරපු එක තේරෙන්නේ නැති වෙයි. අපි කරුණාකරලා ඉල්ලනවා කයිවාරුවෙන් නෙමෙයි ක්‍රියාවෙන් කරලා පෙන්වන්න.”

 

 

විමල්ගේ නවතම කෘතිය “රාම රාවණ සහ විභීෂණ නූතන කතාව” හෙට (16) ජනගත වෙයි

ඉන්දු පැසිෆික් සාගර කලාපයේ සිදුවෙමින් පවතින භූ දේශපාලනික මෙහෙයුම පිළිබඳ ගැඹුරු අධ්‍යයනයකින් අනතුරුව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත පර්යේෂණාත්මක කෘතිය, “රාම රාවණ සහ විභීෂණ  නූතන කතාව”  ජනගත කිරීම, කොළඹ 07 පිහිටි ලයිට්හවුස් ශ්‍රවණාගාරයේදී(ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා හා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනය)  2024 මැයි මස 16 වැනිදා සවස 3:00ට සිදු කිරීමට නියමිතය.

 

කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමි සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා මෙම කෘතිය ජනගත කිරීමේ උළෙලෙහි ආරාධිත දෙසුම් සඳහා ඇරයුම් ලැබ සිටිති.

 

කතුවර දේශනය විමල් වීරවංශ මහතා විසින් සිදු කරනු ඇත.

 

මාධ්‍ය ඒකකය,
ජාතික නිදහස් පෙරමුණ 

 

 

ලාල් කාන්තලාට අමතකවූ ජවිපෙ අනන්‍යතාවය වෛද්‍ය වසන්ත බණ්ඩාර කරුණු සහිතව මතක්කර දෙයි

කේ.ඩී. ලාල් කාන්ත සහ නලින් හේවගේ යන ජනතා විමුක්ති පෙරමුණේ සභිකයන් විසින් පසුගිය  මැයි දින වේදිකාව මත දී පැවසූ කතා දෙකක් සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කරුණු දැක්වීමක් සිදුකර තිබේ.

 

ලිපියක් මගින් කරුණු සඳහන් කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දී ඇත්තේ සුමන්තිරන්ලා කිසි දිනක ලබා නොදෙන ඡන්ද කුට්ටියක් දෙස බලාගෙන ලාල්කාන්තලා තම ඓතිහාසික දේශපාලන න්‍යායාත්මක ස්ථාවරය දියාරු කිරීම මගින් රටක් ලෙස මෙරට ජනයා ගෙවා ඇති වන්දිය සහ පරිත්‍යාග සියල්ල අවතක්සේරුවට ලක්වන බවයි.

 

එමෙන්ම එම ප්‍රකාශ මගින් 60,000ක් වූ තම අතීත සඟයින් පමණක් නොව ඉහත සඳහන් කළ පරම්පරා ගණනාවක මුතුන් මිත්තන් ද ඉතා ගුණමකු ලෙස පාවාදෙන බව පැහැදිලි බවත්, ඒ සියල්ල මගින් ජාතික ජනබලවේගයේ යම් නායකයින් සහ අධිරාජ්‍යවාදී බලවේග බලවත් සතුටට පත්විය හැකි වුවත්  රටේ ජනතාව දුකට පත්වීමට ගතවන්නේ ඉතා කෙටි කලක් බවත් ඒ මහතා සඳහන් කර සිටී.

 

අදාළ ලිපිය පහළින්…

 

ලාල් කාන්තලාට අමතකවූ ජවිපෙ අනන්‍යතාවය 

මැයි දින වේදිකාව මත සිට ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත මහතා විසින් සිදු කළ ප්‍රකාශයක අන්තර්ගතය විකෘති කරමින් මේ දිනවල විවිධ දේශපාලන සංවාද මණ්ඩප ගොඩනැගෙන ආකාරය දැක ගත හැක. ඒ තුළ ඊට පෙර තවත් ජවිපෙ ප්‍රබලයකු වූ නලින් හේවගේ මහතා රූපවාහිනී සංවාදයකදී සිදු කළ ප්‍රකාශයකටද විවිධ අර්ථකථනයන් ලබාදෙන ආකාරය දැකගත හැක. නමුත් නලින් හේවගේ වැනි 1989 වකවානුවේ සැබැවින්ම සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව ගැඹුරු පුද්ගලික අත්දැකීම් අඩු අයෙකුගේ ප්‍රකාශයක් සහ ලාල්කාන්ත වැනි යම් අත්දැකීම් සහිත පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් සමාන තලයක තබා කියවා ගැනීම වරදක් බව ඉතා පැහැදිලිය.

 

ඊට අමතරව නලින් හේවගේ මහතාගේ ප්‍රකාශය විවාදයකදී බුරාගෙන් පනින ප්‍රතිවාදීන් නිහඬ කිරීම සඳහා එල්ල කරනු ලැබූ වාග් වෙඩි ප්‍රහාරයක් සේ සලකා බැහැර කළ නොහැක. ඔහුට අනුව එදා ජවිපෙ විසින් “කැන්ගරු උසාවි” මගින් නඩු අසා ස්ත්‍රී දූෂකයන් බවට චෝදනා එල්ල වූ පුද්ගලයන්ට මරණ දඬුවම නියම කර ඇත. ඒ අනුව ලාල්කාන්තගේ ගමට අධිකරණ බලය ලබාදීම නැමැති සංකල්පය එම සන්දර්භය මත තබා විග්‍රහ කිරීමේදී අනාගතයේදී ගම්වල ජ.වි.පෙ. සාමාජිකයින් නලින් හේවගේගේ ප්‍රකාශය යථාර්ථයක් බවට පත්කිරීමට ඉඩ ඇතැයි භීතියක් මැවීමට ඉඩක් විවර වේ. කෙසේ වෙතත් ජ.වි.පෙ. අතීතයට සාධාරණය ඉටු කිරීම සඳහා, ජාතික ජන බලවේගයට එම අතීතය ප්‍රශ්නයක් වුවද, යම් පැහැදිලි කිරීමක් සිදු කිරීමේ වගකීමක් මෙම ලියුම්කරුට ඇත.

 

ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා විදේශීය රටකදී 89 සිදුවීම් පිළිබඳව සැබවින්ම කණගාටුව ප්‍රකාශ කළා නම් එහි වරදක් නැති බව පළමුවෙන්ම කිව යුතුය. එම වකවානුවේදී සිදුවූ ඝාතන රැල්ල පිළිබඳව අත්දැකීම් ඇත්තෙකුට ඊට අදාළ කණගාටුවක් ඇති නොවන්නේ නම් ඔහු මනුෂ්‍යයකු විය නොහැක. නමුත් ඔහු විසින් ඊට අදාළව සමාව ඉල්ලා සිටියා නම් එය බලවත් වරදකි. කණගාටුව ප්‍රකාශ කිරීම කිරීමේ දිගුවක් ලෙස සමාව ඉල්ලා සිටීමට පොදු බලපෑමක් ඇත්නම් ඊට පෙර තම මාමා විසින් ආරම්භ කළ සහ තමා විසින් උච්ච ස්ථානයකට ඔසවා තැබූ ප්‍රචණ්ඩ ඝාතන සංස්කෘතිය පිළිබඳව පළමුවෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා විසින් සමාව ඉල්ලා සිටිය යුතුය. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය විසින්  බටලන්ද සිදුවීම් පිළිබඳ සොයා බැලීම සඳහා 1995 දී පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අනුව බටලන්ද වධකාගාරය ආශ්‍රිතව සිදුවූ අපරාධ “මිනිස් සංහතියට එරෙහිව සිදුවූ අපරාධ” ලෙස සලකා නඩු පැවරීම පිළිබඳව සලකා බැලිය යුතුය.

 

එදා 1987 ජුලි 28 දින ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව පිටකොටුවෙන් ආරම්භ කළ විරෝධය මර්ධනය කිරීම සඳහා එදින අහිංසක නිරායුද පුද්ගලයින් 140 දෙනෙකු ඝාතනය කෙරුණි. එම ඝාතනවලට පොලිසියට අමතරව බාහිර මැර පිරිස් ද යොදාගත් බවට චෝදනා එල්ල විය. ඊට පෙර 1983 සිට බොරු චෝදනා එල්ල කරමින් ජවිපෙ තහනම් කර මර්ධනයට යටත් කළද ඊට පිළිතුරු ලෙස හෙවත් මර්ධනයට ප්‍රති අවියක් ලෙස හෝ ජවිපෙ විසින් ප්‍රචණ්ඩත්වය හෝ ඝාතන යොදාගත්තේ නැත. ඉන්දු ලංකා ගිවිසුම අනුව ඉන්දියානු මැදිහත්වීම මත පළාත් සභා පිහිටුවීම මගින් රට බෙදීමට එරෙහිව දියත් කළ දේශපාලන ව්‍යාපාරයට ජ.වි.පෙ  විසින් ප්‍රචණ්ඩත්වය යම් මාත්‍රාවකට එකතු කරන්නේ දේශපාලන අවියක් ලෙසය.

 

දේශපාලන ජයග්‍රහණ සඳහා ප්‍රචණ්ඩත්වය සුළු මාත්‍රාවකින් යොදාගැනීම පිළිබඳව ලෝක ඉතිහාසයේ ඕනෑ තරම් අත්දැකීම් ඇත. එවැනි උත්සාහයන් සාර්ථක වීම පිළිබඳව කෙසේ වෙතත් මහා ඛේදවාචක බවට පත්වීම පිළිබඳව බොහෝ උදාහරණ ඇත.  එල්සැල්වදෝරයේදී ශ්‍රී ලංකාවේ සිදුවූ දේ ඊට වසර කිහිපයකට පෙර ඒ ආකාරයටම සිදු වූ ආකාරය පිළිබඳව සුවිශේෂී හෙළිදරව්වක් සුප්‍රසිද්ධ උෂඔභෑී ඔධ උ්ඍ :ඊහ ෘඞ ක්‍්‍ය්ඍඛෑී ක්‍ඛෑඵෑභඔ නම් වූ ග්‍රන්ථය මගින් ඉදිරිපත් කර ඇත. ඊට අනුව වාමාංශික ව්‍යාපාරය විසින් රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට එරෙහිව මහජනයා විසින් ප්‍රචණ්ඩත්වය ප්‍රති අවියක් ලෙස  කුමන මාත්‍රාවකින් යොදා ගත්තද එම ක්‍රියාවලිය චක්‍රීයව වර්ධනය වන විශම චක්‍රයක් බවට පත්වේ. එම ක්‍රියාවලිය තුළ රාජ්‍ය ත්‍රස්තවාදය සාධාරණිකරණය කෙරෙන අතර විවිධ සමාජ විරෝධී බලවේගවලටද පවතින තත්වය යොදාගනිමින් තම පටු පුද්ගලික අරමුණු ඉටුකර ගැනීමට අවකාශය නිර්මාණය වේ.

 

කෙසේ වෙතත් එවැනි ඛේදවාචකයක් පිළිබඳව ප්‍රත්‍යාවලෝකනය කිරීමේදී වරදක් සිදුවී ඇති බව පිළිගැනීම මූලික කොන්දේසියකි. දෙවන්න දැනුම්වත්ව ඊට දායක වූ ප්‍රමාණය සහ යම් තත්ත්වයන් වැළැක්වීම සඳහා ගනු ලැබූ පියවර කුමක්ද යන්න පිළිබඳ විමසා බැලීමයි.  මෙම ලියුම්කරු 1983 සිට 2008 දක්වා ඉතා සමීපව සහ 2008 සිට මරණය තෙක් දුරස්ව සෝමවංශ අමරසිංහ සහෝදරයා දේශපාලන වශයෙන් මෙන්ම පුද්ගලිකවද ඇසුරු කර ඇත. එසේම රෝහණ විජේවීර සහෝදරයා 1984 සිට 1989 දී අත්අඩංගුවට පත්වීමට මාස කිහිපයකට පෙර කාලය දක්වා ඉතා සමීපව ඇසුරු කර ඇත. ඒ නිසා ඔවුන්ගේ දේශපාලන සහ පුද්ගලික මනෝභාවයන් පිළිබඳව ඉතා ගැඹුරු අවබෝධයකින් යුක්තව සහ වගකීමෙන් යුක්තව සඳහන් කළ හැක්කේ ඔවුන් දෙපළ නායකයින් ලෙස එදා රටේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව බලවත් සිත් වේදනාවකින් සහ කම්පනයකින් යුක්තව ක්‍රියාකළ බවය. යම් විශේෂිත සිදුවීම් පිළිබඳව ඔවුන් පුද්ගලිකව දුකට පත්වූ ආකාරය පිළිබඳව අත්දැකීම් රාශියක් මෙම ලියුම්කරුට ඉදිරිපත් කළ හැක.

 

ඊට අදාලව හොඳම උදාහරණය සපයන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින් වගකීම බාරගත් කටුනායක ගුවන් හමුදා කඳවුරට එල්ල කළ ප්‍රහාරයේදී ගුවන් හමුදා බටයකු මරණයට පත්වීමේ සිදුවීමය. එම සිදුවීම පිළිබඳව ඔවුන් පුද්ගලිකවද කම්පාවට පත්වූ අතර ප්‍රසිද්ධියේ මහජනයාට කණගාටුව ප්‍රකාශ කරනු ලැබීය. ඒ මගින් අභ්‍යන්තරවද ප්‍රවේසම් විය යුතු ආකාරය පිළිබඳව මානසික බලපෑමක් ඇති කරනු ලැබීය. කෙසේ වෙතත් එල්සැල්වදෝරයේ ඛේදවාචකය ශ්‍රී ලංකාවේ ඛේදවාචකය සමඟ සංසන්දනය කිරීමේදී ජාතියක් ලෙස අප විසින් ගෙවා ඇති වන්දියට සාපේක්ෂව ලැබී ඇති ප්‍රතිලාභය සැලකිල්ලට ගත යුතුය. නමුත් බොහෝ අඳබාල දේශපාලඥයින් ප්‍රකාශ කරන්නේ රෝහණ විජේවීර තම ජීවිතය සහ සාමාජිකයන් 60,000 කගේ ජීවිත පූජාකර ලබා ගත් ප්‍රතිලාභය කුමක්ද යනුවෙනි. ලාල්කාන්ත සහෝදරයාගේ ප්‍රකාශය සාකච්ඡාවට ගත යුත්තේ ඊට අදාළ සංදර්භය තුළය.

 

එදා 1987දී ඉන්දු ලංකා ගිවිසුම අනුව 13වැනි ව්‍යවස්ථා සංශෝධනය යෝජනාවන්නේ අවසානයේදී රට බෙදා වෙන් කිරීමේ අරමුණු සහිතව බව මේ වන විට එදාටත් වඩා හොඳින් පැහැදිලි වී ඇත. ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා නීති උපදෙස් ලබාගත් එච්.එල්. ද සිල්වා, එස්.එල්. ගුණසේකර වැනි විද්වතුන් මෙන්ම හිටපු අග විනිසුරු රාජා වනසුන්දර මහතා පසුකාලීනව එළිදරව් කළ ආකාරයට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සකස්වන්නේ පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහාය. එය බෙදුම්වාදී මාර්ග සිතියමේ පළමු පියවර වන අතර ජාත්‍යන්තරය ද මැදිහත් වන ගැටුම් යොදා ගනිමින් ෆෙඩරල් රාජ්‍යය වෙනම රාජ්‍යයක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය දෙවන පියවර ලෙස සැලකේ. ලාල්කාන්ත සහෝදරයා මැයි දින වේදිකාවේදී සුමන්දිරන් මහත්මයලා සතුටු කිරීම සඳහා ව්‍යවස්ථාදායක බලය සහ විධායකය බලය පමණක් නොව අධිකරණ බලයද ඇතුළත් වන ආකාරයට බලය බෙදීම තමාගේ ප්‍රතිපත්තිය බව සඳහන් කිරීම මගින් අදහස් වන්නේ කුමක්ද?  ඔහු දැනුවත්ව හෝ නොදැනුවත්ව පෙනී සිටින්නේ පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක ආකාරයට බලය බෙදීම සඳහා බව ඉතා පැහැදිලිය.

 

ඒ ආකාරයට පරමාධිපත්‍යයේ බලය බෙදීම යනු  ජාත්‍යන්තර නීතියට අනුව රටක් බෙදා වෙන් කිරීමේ ක්‍රියාවලිය තුළ ජාත්‍යන්තර අධිකරණය විසින් සැලකිල්ලට ගන්නා මූලික කොන්දේසියකි. දෙවන ලෝක යුද්ධයට පසුව ජාත්‍යන්තර මැදිහත්වීම මත බෙදාවෙන්කර ඇති රටවල් 26ක් අධ්‍යයනය කිරීමේදී දක්නට ලැබෙන පොදු ලක්ෂණය වන්නේ පළමු පියවර ලෙස එම රටේ ව්‍යවස්ථාව මගින් හෝ ජාත්‍යන්තර ගිවිසුමක් මගින් පරමාධිපත්‍යයේ බලය බෙදීයන ආකාරයට ෆෙඩරල් ලක්ෂණ සහිත පාලන බල ප්‍රදේශයක සීමා ලකුණු කිරීමය. ශ්‍රී ලංකාවේදී 13 වන සංශෝධනය මගින් උත්සාහ කළ දේ සුඩානයේ දී සිදු කරන්නේ ජාත්‍යන්තර ගිවිසුමක් තුළින් තාවකාලික ආණ්ඩුවක් පිහිටුවීම මගිනි. ශ්‍රී ලංකාවේදී 2002 දී එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ක්‍රමවේද දෙකම දෙමුහුන් කිරීම මගින් බෙදුම්වාදීන්ගේ මනදොල සැපරීමට උත්සාහ කළ බවද අමතක නොකළ යුතුය.

 

ඒ ආකාරයට 1987 ජුලි මාසයේදී රජීව් ගාන්ධි විසින් ප්‍රභාකරන්ට පොරොන්දු වන්නේ අනාගත ඊළම නිර්මාණය කිරීම සඳහා ෆෙඩරල් පාලනයක් ලබා දෙන බවට ය. ඔහු ආයුධ බිම තැබීමට එකඟ වන්නේ ඊට අනුවය. නමුත් නොවැම්බර් මාසය වන විට ජවිපෙ විසින් එම ක්‍රියාවලියට එරෙහිව දියත් කළ ප්‍රචණ්ඩ විරෝධතාවයන් නිසා 13 වැනි සංශෝධනය සඳහා ඉන්දියාව විසින් ඉදිරිපත් කළ ලියවිල්ල බරපතල වෙනස්කම්වලට භාජනය කිරීමට සිදුවිය. ඊට හේතු වූයේ පූර්ණ පෙඩරල් පාලනයක් සඳහා වන ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය වීමය. එම ප්‍රචණ්ඩ විරෝධය තුළ ජනමත විචාරණය පරාජය වීමේ ප්‍රබල හැකියාවක් තිබුණු අතර එසේ වූවා නම් සමස්ත බෙදුම්වාදී මාර්ග සිතියම හකුලා ගැනීමට සිදුවේ. ඊට අමතරව මධ්‍යගත ප්‍රබල ධනේෂ්වර රාජ්‍යයක ඒකාධිපතියා වීමට සිහින දකිමින් සිටි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට බලය බෙදීමට අදාළව පුද්ගලිකව එඟකතාවයක් නොතිබුණු බව ඉතා ඉහත සඳහන් කළ විද්වතුන් විසින් එළිදරව් කරන්නට යෙදුණි.

 

ඒ අනුව ජවිපෙ විරෝධය තුළ ඉන්දියාවට අතරමැදි සමාදානයකට එකඟවීමට සිදුවූ අතර පූර්ණ ෆෙඩරල් පාලනය බිහිකිරීම වැළැක්වීම සඳහා ව්‍යවස්ථාමය බාධක ප්‍රමාණයක් පැනවීම සඳහා එකඟතාවය පළකිරීමට සිදුවිය. ඒ අනුව සමගාමී ලැයිස්තුව ඇතුල් කිරීම, මුදල් සහ ඉඩම් බලය සීමා කිරීම, ආණ්ඩුකාරවරයාගේ බලතල සහ ජාතික ප්‍රතිපත්ති වලට අදාළ බලය මධ්‍යයම ආණ්ඩුව සතුවීම ආදී වශයෙන් එවැනි බාධක 5ක් හඳුනාගත හැක.  එහිදී ඉන්දියාව අඩියක් පිටුපසට තැබූ බව පෙනුණත් ඔවුන්ගේ වෙනස් වූ උපායමාර්ගික ප්‍රවේශයට අනුව 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම හෙවත් පූර්ණ ෆෙඩරල් පාලනයක් බිහි කිරීම ද්විතීක අවස්ථාවක් බවට පත් කෙරිනි. පසුගිය කාලයේදී ව්‍යවස්ථා සංශෝධනයක් මගින් බාධක ඉවත් කිරීම හරහා 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලත්ම කිරීම හෝ පරිපාලන වශයෙන් ආණ්ඩුකාරවරයාගේ බලතල ක්‍රියාත්මක කිරීමට ඉඩ හැරීම මගින් 13 බලාත්මක කිරීම සඳහා ඉන්දියාවෙන් බලපෑම් එල්ලවන්නේ එම ද්විතීක උපාය මාර්ගයට අනුවය.

 

එසේ වුවත් ප්‍රභාකරන්ට ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම නිසා ඔහු නැවත ආයුධ අතට ගැනීම සාධාරණීකරණය විය. ඉහත සඳහන් කළ ආකාරයට පසුකාලීනව 13 පූර්ණ වශයෙන් බලාත්මක කිරීම සඳහා බලපෑම් එල්ල කිරීමේදී එම ආයුධ බලය කේවල් කිරීමේ අවියක් ලෙස යොදා ගැනීමට අවකාශය ලැබුණි. එහිදී පසුකාලීනව ප්‍රභාකරන් නැති ඊළමක් බිහි කිරීම දක්වා ඉන්දියාවේ උපායමාර්ගය තුළ වෙනස්කම් සිදුවුවද බෙදුම්වාදී මාර්ග සිතියමට අදාළ මූලික උපාය මාර්ගික ප්‍රවේශය වෙනස් වූයේ නැත. අද වන විට එහි අවසාන අරමුණ එනම්, ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්කර ගැනීම සහ ඉන් පසුව ඊළම නිර්මාණය කර ඈදා ගැනීම මගින් 30 වැනි ප්‍රාන්තය නිර්මාණය කිරීමට අදාල ක්‍රියාවලියේ හැඩතල පැහැදිලිව හඳුනාගත හැක.

 

ඒ සමස්ත පැහැදිලි කිරීම මගින් ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කළ ප්‍රචණ්ඩ විරෝධය සහ ඒ සමග බැඳුණු ජීවිත පරිත්‍යාගය නිසා එදා 1987 දී පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් බිහිවීම වැළැක්වීම තුළින් බෙදුම්වාදී මාර්ග සිතියම තීරණාත්මක පසුබෑමකට ලක්වූ බව තේරුම් ගත හැක.  එසේ නොමැති තත්ත්වයක් යටතේ මේ වන විට එසේ නිර්මාණය කිරීමට නියමිත වූ පූර්ණ ෆෙඩරල් රාජය්‍ය බෙදී වෙන් වී අප ජාතියක් ලෙස එකිනෙකා මරා ගන්නා තත්ත්වයක් නිර්මාණය වේ. එසේ වුවානම් එදා සිදු කළ පරිත්‍යාගයට වඩා මහා විනාශයකින් වන්දි ගෙවීමට සිදුවන බව ඉතා පැහැදිලිය. අද සුඩානයට අත් වූ ඉරණම දෙස බැලීමේදී ඒ බව ඉතා හොඳින් පැහැදිලි වේ. සුඩානයට අත් වූ ඉරණම එනම් 2002 දී අප රටේ නළලේ කෙටීමට උත්සාහ කළ ඉරණම දෙස බැලීමේදී ද එදා ජවිපෙ 1988-89 කාලයේදී සිදු කළ පරිත්‍යාග වල වැදගත්කම තවදුරටත් අවධාරණයවේ.

 

එදා ඒ මහා විනාශයට පසුව “ෆීනික්ස් පක්ෂියා’ සේ 1994 දී ජවිපෙ නැවත නැගීසිටීමෙන් පසුව බෙදුම්වාදයට අදාළ රෝහණ විජේවීරයන්ගේ ඉගැන්වීම් හිස් මුදුනේ තබාගෙන කටයුතු කරන්නේ අතීතයේ සිදු කළ පරිත්‍යාගයන්ගේ බරපතළකම සහ වැදගත්කම නිසාය. එම වන්දියේ තරම අනුව එම පක්ෂයට බෙදුම්වාදයට අදාළ ස්ථාවරය වෙනස් කිරීමේ හැකියාවක් නැත. ඒ අකාරයට ජවිපෙ 2002 දී රෝහණ විජේවීරයන්ගේ ඉගැන්වීම් සහ පරිත්‍යාග හිස මත තබාගෙන කටයුතු කළ නිසා ඔවුන්ට සුඩානයට සිදු කළ විපත එනම් ජාත්‍යන්තර ගිවිසුමක් මගින් තාවකාලික ආණ්ඩුවක් පිහිටුවීමේ උත්සාහය පරාජයට පත් කිරීමට හැකි විය. එසේ නොකළා නම් අද සූඩානයේ වැසියන් ගෙවන ආකාරයට අප රටේ වැසියන්ට ගෙවීමට සිදුවන වන්දිය 1988-89 කාලයේදී ගෙවූ වන්දියට වඩා සිය දහස් ගුණයකින් බරපතල වන බවට කිසිදු සැකයක් නැත. අප රටේ වසර 2000කට අධික කාලයක් ආක්‍රමණ 20ක් පරාජය කර ශ්‍රී ලංකාවේ රාජ්‍යය ආරක්ෂා කිරීම සඳහා රට වැසියන් ලක්ෂ ගණනක් සිය ජීවිත පරිත්‍යාග කර ඇත. ශ්‍රී ලංකාවේ භූ දේශපාලන පිහිටීම අනුව, ගෝලීය බලතුලනයේ මහා වෙනසක් සිදු නොවන්නේනම්, එම තත්වය ඉදිරියටත් එසේම පවතිනු ඇත.

 

ඒ අනුව දැන් සුමන්තිරන්ලා කිසි දිනක ලබා නොදෙන ඡන්ද කුට්ටියක් දෙස බලාගෙන ලාල්කාන්තලා තම ඓතිහාසික දේශපාලන න්‍යායාත්මක ස්ථාවරය දියාරු කිරීම මගින් රටක් ලෙස අප ගෙවා ඇති වන්දිය සහ පරිත්‍යාග සියල්ල අවතක්සේරු වේ. ඊට අමතරව ඔහු විසින් 60,000ක් වූ තම අතීත සඟයින් පමණක් නොව ඉහත සඳහන් කළ පරම්පරා ගණනාවක මුතුන් මිත්තන් ද ඉතා ගුණමකු ලෙස පාවාදෙන බව පැහැදිළිය. ඒ සියල්ල මගින් ජාතික ජනබලවේගයේ යම් නායකයින් සහ අධිරාජ්‍යවාදී බලවේග බලවත් සතුටට පත්විය හැකි වුවත් අප රටේ ජනතාව දුකට පත්වීමට ගතවන්නේ ඉතා කෙටි කලක් බව ඉතිහාසයට සාධාරණය ඉටු කිරීම සඳහා ඉතා කණගාටුවෙන් යුතුව මෙසේ ලියා තබමි.

 

– වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර 

 

 

නිලධාරීන් පැමිණ නෑ: වීසා අවුලේ මුදල් කමිටු සාකච්ඡාව නවතී

කටුනායක ගුවන්තොටුපොළේ වීසා ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට අද (14) කැඳවා තිබුණද එකම නිලධාරියකු හෝ පැමිණ නොසිටීම විශේෂ සිද්ධියක් විය.

 

එම නිලධාරීන්ගේ ක්‍රියා කලාපය ගැන තමා දැඩි සේ අප්‍රසාදය පළ කරන බවත් එසේ කමිටුව මගහැරි නිලධාරින් සම්බන්ධයෙන් කමිටු සාමාජිකයන් සමඟ සාකච්ඡා කර ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පාර්ලිමේන්තුවේදී ඊයේ  (14) පැවසීය.

 

කාර්යාලය මාරු කළ හෙයින් 2016 වර්ෂයේ ලිපිගොනු වගයක් සොයා ගැනීමට නොහැකි බව දැනුම් දෙමින් නිලධාරීන් මෙසේ නොපැමිණි බවත් එය සාධාරණ හේතුවක් නොවන බවත් සභාපතිවරයා කීවේය.

 

 

 

 

විජයදාසට, කීර්තිට හා ශ්‍රිලනිප දේශපාලන මණ්ඩලයට බාධා එපා… දැන් ලැබුණු අධිකරණ තීන්දුව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් වූ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂට, එම පක්ෂයේ නව ලේකම්වරයා ලෙස පත් වූ නීතිඥ කීර්ති උඩවත්තට සහ එම පක්ෂයේ දේශපාලන මණ්ඩලයට පක්ෂයේ කටයුතු කරගෙන යාමට බාධා කිරීම් වලක්වමින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉන්ජංෂන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

විධායක කාරක සභිකයන් දෙදෙනෙක් වන ඉසුරු අබේවර්ධන, සුමිත් විජයමුණු ද සොයිසා යන දෙදෙනා විධායක කාරක සභිකයින් විසිදෙනෙකු විත්තිකරුවන් ලෙස නම් කරමින් මෙම නඩුව පවරා තිබුණා.

නඩුවේ පැමිණිලිකරුවන් වෙනුවෙන් නීතිඥ රසික දිසානායක, ජනාධිපති නීතිඥ වික්‍රම් මොහොමඩ්, කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම වාරණය පනවා තිබෙනවා.

 

 

පාවහන් ජාවාරමෙන් බිලියන 35ක් රටට අහිමිවෙලා

විදෙස් රටවල නිෂ්පාදිත පාවහන් නීත්‍යානුකූල නොවන අයුරින් මෙරටට ආනයනය කර අලෙවි කිරීමේ මහාපරිමාණ ජාවාරමක් සම්බන්ධවෙන් තොරතුරු අනාවරණය වී තිබේ.

 

නියමිත බදු ගෙවීමකින් තොරව ඇතැම් රේගු නිලධාරීන් හා සම්බන්ධවෙමින් ඔවුන් එම ජාවාරමේ නිරතව ඇති බව සඳහන්ය.

 

විදෙස් රටකින් මෙරටට ආනයනය කරන ලද පාවහන් යුගලයක් සඳහා අවම වශයෙන් රුපියල් 2,000ක බදු මුදලක් අයකරනු ලබයි.

 

දේශීයව නිපදවන පාවහන් මිලට වඩා ඉතා අඩු මිලකට මෙලෙස ගෙන්වන ලද විදෙස් පාවහන් වෙළෙඳපොළට නිකුත් කරන බව සඳහන්ය.

 

මෙමඟින් වාර්ෂිකව රුපියල් බිලියන 35ක පමණ බදු ආදායමක් මෙරටට අහිමි වී ඇති බව වෙත වාර්තාවේ.

 

 

‘‘විජයදාස පිළිගන්න බෑ‘‘

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයකු වන ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට නම් කිරීම එස්. ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමටත් වැඩි කණගාටුදායක සිද්ධියක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශ්වයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

 

අනීතික රැස්වීමක් පවත්වා වාරණයට ලක් වූ පිරිසක් තනතුරුවලට පත් කරගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය.

 

දිසානායක මහතා මෙසේ පැවසුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

 

දුමින්ද දිසානායක මහතා මෙසේද පැවසීය.

 

ඒ අය කැඳවපු රැස්වීම අනීතිකයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවල වෙනසක් නීත්‍යානුකූල මට්ටමින් සිදුවෙලා නැහැ. වාරණයට ලක්වෙච්ච පිරිසක් තමයි අද දිනයේත් අනීතික රැස්වීමක් කැඳවලා තියෙන්නේ. වාරණයට ලක් වෙච්ච පුද්ගලයන්ව ඒ අනීතික රැස්වීමේදී නැවත වතාවක් තනතුරුවලට පත් කරලා තියෙනවා.

 

අපි කියන්නේ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා නිත්‍යානුකූලව ඉවත් විය යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයකු නොවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයකු පක්ෂයේ සභාපති කරලා. මේක එදා බණ්ඩාරනායක මහත්තයා ඝාතනය කළාට වඩා දෙයක්. තවත් විදිහකට කියනවා නම් පක්ෂය සමූල ඝාතනය කිරීමක්.

 

විජයදාස රාජපක්ෂ මහතා මුලින්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉවත් වෙන්න ඕන. ඊට පස්සේ ඒ පක්ෂය අපිට ඒක කියන්න ඕන. විජයදාස සාමාජිකයෙක් නොවෙයි කියලා. එතකොට තමයි විජයදාස රාජපක්ෂ මහත්තයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ඉල්ලුම් කරන්න පුළුවන් වෙන්නෙ. සාමාජිකයකු නොවන පුද්ගලයකුට පක්ෂයක සභාපති කමක් දරන්න බැහැ.

 

 

පාර්ලිමේන්තුවේ තවත් පිටරැටියෝ 10ක්

විදේශයන්හි පුරවැසිභාවය ලැබූ මන්ත්‍රීවරුන් තවත් දහයකට ආසන්න සංඛ්‍යාවක් සහ රාජ්‍ය සේවයේ උසස් නිලධාරීන් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් සිටින බවට තොරතුරු වාර්තාවී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

 

මින් වැඩි පිරිසක් ද්‍රවිඩ ජාතික මන්ත්‍රීවරු වෙති.

 

විදේශයන්හි පුරවැසිභාවය ලැබූ සෙසු මන්ත්‍රීවරුන්ට එරෙහිවද ඉදිරියේදී අධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමට බලාපොරොත්තු වන බව සිවිල් සංවිධාන නියෝජිතයෝ පිරිසක් අප සමග පැවසූහ.

 

මේ අයගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු හෝ අභියෝගයට ලක් කර නැතැයි පැවසේ. යමකු එසේ අභියෝග කළහොත් ඔවුනට එරෙහිව අධිකරණයෙන් තීන්දුවක් ලැබෙන තෙක් පමණක් එම මන්ත්‍රී ධූරයන්හි රැඳී සිටිය හැකි බව අධිකරණ විශේෂඥයෝ පෙන්වා දෙති.

 

කෙසේ වෙතත් එහිදී මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය පැහැදිලි වශයෙන් අධිකරණය හමුවේ ඔප්පු කළ යුතුව ඇතැයිද ඔවුහු සඳහන් කරති.

 

විදේශයන්හි පුරවැසිභාවය ලැබූ ගීතා කුමාරසිංහ සහ ඩයනා ගමගේ යන මහත්මීන්ගේ මන්ත්‍රී ධූර ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග අනුව අහෝසි කෙරිණ. මේ සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගවලින් අනතුරුවය, ඒ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පෙර ඇමරිකානු පුරවැසිභාවය නිත්‍යානුකූලව ඉවත් කර ගත්තේය.

 

බැසිල් රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන්ද පසුගිය කාලයේදී සමාජයේ ලොකු කතාබහක් ඇතිවූ නමුත් ඔහු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ එම ගැටලුව නිරාකරණයවිය.