Press "Enter" to skip to content

Posts published in “මුහුණු පොතෙන්”

සේනක බටගොඩටට ගීත ගායනා කිරිම වාරණය කරමින් වාරණ ආඥාවක්

සේනක බටගොඩටට ගීත ගායනා කිරිම වාරණය කරමින් වාරණ ආඥාවක් නිකුත් කරනු ලැබුවා.

 

ඒ අද (02) දින කොළඹ වානිජ මහාධිකරණය විසින්.

 

ඒ අනුව “අපි කවුරැද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීන වලට පනක් තියෙනවා, හොදම දේ සහ සැනසෙන්නම් මා” යන ගීත ගායනය ගරු අධිකරණය විසින් වාරණය කරනු ලැබුවා.

 

එකී ගීතවල ඒකාබද්ධ පද රචනය, තනු නිර්මාණය සහ සංගීත සංකලනය සිදු කරන ලද සංගීතඥ ජනත් කුලතිලක යන අය විසින් මෙම නඩුව ගොනු කරනු ලැබුවා.

 

සියලු කරුණු සලකා බැලු  වානිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසින් මෙම වාරණ නියෝගය සේනක බටගොඩට එරෙහිව නිකුත් කරනු ලැබුවා.

 

තවද පැමිණිලිකරුගේ ලිඛිත අවසරයකින් තොරව එකී ගීත වෙනත් පාර්ශවයන් වෙත ලබා දීමද මහාධිකරණය විසින් වාරණය කළා.

 

පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සදහන් කර සිටියේ ගීත සම්බන්ධයෙන් පවතින බුද්ධිමය දේපල හිමිකම කිසිදු අයෙකුට උල්ලංඝනය කල නොහැකි හිමිකමක් වන බවත් සේනක බටගොඩ විසින් පැමිණිලිකරුගේ බුද්ධිමය දේපල හිමිකම උල්ලංඝනය කර ඇති බවයි.

 

නැවත මෙම නඩුව අප්‍රේල් 16 දින කැදවීමටයි ගරු වානිජ මහාධිකරණය නියෝග කරනු ලැබුවේ.

 

 

අප්‍රේල් 8 පූර්ණ සූර්ය ග්‍රහණයක්

අප්‍රේල් 8 වැනිදා පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදුවෙයි. මෙම සූර්ය ග්‍රහණය හොඳින්ම දකින්න ලැබෙන්නේ උතුරු ඇමෙරිකාවට පමණක් බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි.

 

සූර්ය ග්‍රහණයක් ඇතිවන්නේ, සූර්යයාගේ කොටසක් හෝ සූර්යයා සම්පූර්ණයෙන්ම හෝ වැසී යන පරිද්දෙන් සූර්යයා සහ පෘථිවිය අතරින් සඳ ගමන් කරද්දීය.

 

පූර්ණ සූර්ය ග්‍රහණයක් දකින්න ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. උතුරු ඇමෙරිකානුවන්ට මින් පසු මෙවැනි පූර්ණ සූර්ය ග්‍රහණයක් දකින්න ලැබෙනු ඇත්තේ 2044 දී යැයි නාසා කියයි.

 

Gmail නවතී?

Google සමාගම විසින් Gmail සේවාව නවතා දමන බවට පළ වූ පුවතක් සම්බන්ධයෙන් එම සමාගම විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

 

Google සමාගම විසින් 2024 අගොස්තු 1වන දින සිට Gmail සේවාව නැවැත්වීමට කටයුතු කරන බවට පසුගිය කාලයේ තොරතුරු වාර්තා වුණා.

 

එම සමාගම විසින් Email පණිවිඩයක් හරහා මේ බව දැනුම් දී ඇති බවට ඊට අදාළ Screenshots සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් සංසරණය වීමද සිදු වුණා.

 

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් Google සමාගම විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර කරමින් සඳහන් කර සිටියේ එය අසත්‍ය තොරතුරක් වන බවයි.

 

ඒ බව Google සමාගම ”Gmail is here to stay” ලෙස සිය නිල ‘X’ ගිණුමෙහි සටහනක් ද තබා තිබුණා.

 

 

 

සිඳු ටෙලි නාට්‍යයේ සෝරත පොඩි හාමුදුරුවෝ සසුන්ගත වෙයි

දෙරණ නාලිකාවේ විකාශය වූ අතිශය ජනාදරයට පත් “සිඳු” ටෙලි නාට්‍යයේ පුංචි සෝරත පොඩි හාමුදුරුවෝ, තමන්ටත් දරාගන්න අපහසු චීවරය දරාගෙන ඒ චරිතයට පණ පෙවූ අපූරුව ඔබට මතක ඇති.

 

සරණ පසුපස දුවපැන ඇවිදිමින් ප්‍රේක්ෂක හදවත් තුළ සදාතනික මතකයක් බවට පත්වූ කවීෂ් විහඟ, මේ සෝරත පොඩි හාමුදුරුවන්ගේ චරිතය හරහා රංගනයක නිරත වනවාද යන්නත් ඇතැම් අවස්ථාවල ප්‍රේ‍රක්ෂකයාට අමතකව ගොස් තිබුණි.

 

වයස අවුරුදු 5හේ දී සෝරත පොඩි හාමුදුරුවෝ ලෙසින් ප්‍රේක්ෂක හදවත් දිනාගත් කවීශ් වසර 5ක්ම එම චරිතය තුළ ජීවත් වුණි.

 

ප්‍රේක්ෂකයා ප්‍රාර්ථනා කළේ සැබෑම සෝරත පොඩි හාමුදුරු නමකි.

 

ප්‍රේක්ෂකයාගේ ඒ බලාපොරොත්තුව සඵල කරමින් පුංචි කවීශ් අද සැබෑවටම පුංචි සාමණේර නමක් බවට පත්විය.

 

ඒ සෝරත නමින් නම් නෙවෙයි.

 

ඒ පිළියන්දල සමිද්ධිරතන පොඩි හාමුදුරුවෝ නමිනි.

 

මාතලේ මාවතුපොල පෙතිගෙපිටිය රජමහා විහාරස්ථානයේදී කවීශ් විහඟ අද (19) උදෑසන මෙලෙස සසුන්ගත වුණි.

 

ඒ වසර 5ක් පුරාවට සෝරත පොඩි හාමුදුරුවෝ ලෙසින් දරාගෙන සිටි උතුම් චීවරයේ බර සියලු ලෝක සත්ත්වයාගේ යහපත වෙනුවෙන් සැබෑවටම දරාගනිමිනි.

 

මීට මාස තුනකට ඉහතදී කවීෂ්ගේ එකම සොහොයුරාත් සසුන්ගතවීම කවීශ්ගේ බලාපොරොත්තුව මල්ඵල ගැන්වෙන්න තවත් හේතුවක් වෙන්නට ඇතැයි සඳහන් ය.

 

ඉතින් ඔබ වහන්සේට බුදු සසුනේ චිරස්තිථිය උදෙසා මහඟු සේවයක් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි අපගේ ප්‍රාර්ථනයයි.

 

 

අඟහරු ග්‍රහයා මත ජනාවාස පිහිටුවීමේ සැලැස්ම නුදුරේදීම- එලෝන් මස්ක් කියයි

අඟහරු ග්‍රහයා මත ජනාවාස පිහිටුවීමේ සැලැස්ම නුදුරේදීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව බිලියනපති එලෝන් මස්ක් නැවත වරක් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.

පෘථිවි වැසියන් මිලියනයක් අඟහරු ග්‍රහයා වෙත ගෙන යාමේ සැලැස්ම ස්පේස් එක්ස් සමාගම නිර්මාණය කරමින් සිටින බවයි ඔහු කියා සිටියේ.

ජනතාවට ජීවත් වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම සදහා අගහරු ග්‍රහයා තුළ ස්වයංපෝෂිත පාරිසරික පද්ධතියක් බිහි කිරීමට අදහස් කරන බවට ඔහු ඉගි පළ කර තිබෙනවා.

 

නාඋල අරුම පුදුම දෘෂ්ඨි මායාවක්… වාහනය නියුට්‍රල් ගියරයේ කන්දක් මතට (වීඩියෝ)

දෘෂ්ටි මායාවක් සහිත ස්ථානයක් නාඋල – ඇළහැර මාර්ගයේ මොරගහකන්ද ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.

 

මෙම ප්‍රදේශයේ වාහනයක් නියුට්‍රල් ගියරයේ කන්දක් මතට ධාවනය වන අයුරු දැකගැනීමේ හැකියාව පවතිනවා.

 

මේ පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ මාහාචාර්ය අතුල සේනාරත්න පවසන්නේ දෘෂ්ටි මායාවක් හේතුවෙන් මෙම සංසිද්ධිය සිදුවන බවයි.

 

මෙම ස්ථානය පිළිබඳ අවධානය යොමුව තිබුණේ හිටපු යුද හමුදා කර්නල්වරයෙකු වන රත්නප්‍රිය බන්දු මේ පිළිබඳව මහාචාර්ය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ මහාචාර්ය අතුල සේනාරත්නට විඩීයෝවක් මඟින් කළ දැනුම්දීමක් හේතුවන්.

 

ඒ අනුව මාහාචාර්ය අතුල සේනාරත්න එම ස්ථානය පරීක්ෂාවට ලක් කරනු ලැබුවා.

 

මෙම මාර්ගය පියවි ඇසින් දැකීමේදී නිරීක්ෂණය වන්නේ කන්දක් ලෙසට බවයි සඳහන් වන්නේ.

 

ඊට අදාළ මාර්ග සළකුණු ද මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මෙහි සවිකර තිබෙනවා.

 

 

 

නිර්වින්දනය නොකර මොළයේ සැත්කමක් කරයි…. ඒ අතරතුර නෙළුමකුත් ඇඳලා…

නිර්වින්දනයට ලක් නොකර රෝගියා අවදියෙන් සිටියදීම රෝගියාගේ මොළයේ ඇති ගෙඩියක් ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් පසුගියදා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය අංශය මගින් සාර්ථකව සිදුකරන ලදි.

 

ලංකාවේ රාජ්‍ය අංශයේ රෝහලක මෙවැනි ශල්‍යකර්මයක් සිදුකළේ පළමුවරට බව වාර්තා වෙයි.

 

මෙලෙස ශල්‍යකර්මයට භාජනය වූයේ අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි වෘත්තියෙන් ප්‍රතිමා නිර්මාණ ශිල්පියෙකි.

 

ඔහුගේ වම් මොළයේ ඉදිරිපස, ශරීරයේ දකුණු අර්ධයෙහි ක්‍රියාකාරකම් පාලනය කරන ප්‍රදේශය ආසන්නයේ හටගත් ගෙඩියක් මෙයාකාරයෙන් ඉවත් කිරීමට වෛද්‍යවරු සමත්වූහ.

 

මෙවැනි සංකීර්ණ ශල්‍යකර්මයක් සාමාන්‍යයෙන් සිදුකිරීමේදී රෝගියා සම්පූර්ණයෙන්ම නිර්වින්දනයට (සිහි මුර්ජා)
පත්කිරීම සිදුකරනු ලබයි.

 

නමුත් මෙම ශල්‍යකර්මයදී රෝගියා සම්පූර්ණයෙන් නිර්වින්දනය නොකෙරුණු බවත් වේදනාවක් නොදැනෙන පරිදි අවම නිද්‍රාශීලී තත්ත්වයකින් (under minimal sedation) පවත්වා ගෙනගොස් තිබුණි.

 

මෙහි සුවිශේෂීත්වය නම් ශල්‍යකර්මය අතරතුරදී රෝගියා සමග නිරන්තරයෙන් සන්නිවේදනය කරමින්, ඔහුගේ මතකය පරීක්ෂා කිරීම, දකුණුපස අත , කකුල චලනය කිරීම වැනි ක්‍රියාකාරකම් සිදුකිරීම මගින් ඔහුගේ මොළයේ වැදගත්, සංවේදී ප්‍රදේශයන් සංරක්ෂණය කරන අතරතුරම ව්‍යාධිජනක කොටස (ගෙඩිය/tumour) ඉවත් කිරීමට හැකියාව ලැබීම බව වෛද්‍යවරු පැවසූහ.

 

මෙම ශල්‍යකර්මයට භාජනය වූ ප්‍රතිමා නිර්මාණ ශිල්පී සමන් ජයසිංහ මහතා ශල්‍යකර්මය අතරතුරදී නෙළුම් මලක් චිත්‍රයට නැගුවේ වෛද්‍යවරුන් කණ්ඩායමද පුදුමයට පත්කරමිනි.

 

ශල්‍යකර්මයෙන් පසු රෝගියා කිසිදු සංකූලතාවයකින් තොරව රෝහලින් නික්ම ගොස් තිබුණි.

 

මෙම ශල්‍යකර්මය සිදුකරන ලද්දේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් වන වෛද්‍ය මධුශංක ගෝමස් , වෛද්‍ය රොහාන් පාරිස් සහ නිර්වින්දක විශේෂඥ වෛද්‍යවරුන් වන වෛද්‍ය ලෙවන් කාරියවසම් , වෛද්‍ය විශාඛා කර්නර් ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් මගිනි.

 

 

 

වසර 14ක් නිවාඩුවක් නොගත් විදුහල්පති

තම සේවා කාලයේ වසර දාහතරක් තුළ එකම නිවාඩුවක්වත් ලබා නොගත් විදුහල්පතිවරයෙක් පිළිබඳ පුවතක් හොරණ අධ්‍යාපන කලාපයේ පලන්නොරුව මධ්‍ය මහා විද්‍යාලයේන් වාර්තා වෙයි.

 

එම පාසලේ විදුහල්පති ලෙස කටයුතු කරන විදුහල්පති සුසන්ත ජයනාල් පෙරේරා මහතා මෙසේ සිය වසර 14ක කාලය තුළ ඒකදු නිවාඩුවක් හෝ ලබාගෙන නොමැත.

 

සුසන්ත මහතා ඉංග‍්‍රිසි ගුරුවරයකු වශයෙන් මුල්ම පත්වීම ලබා ගත්තේ මහියංගන අධ්‍යාපන කලාපයේ පස්සර මීරියබැද්ද පුංචි ඉස්කෝලෙටය. ඒ 1994 වර්ෂයේ දීය. හෙතෙම වසර දහයක පමණ එහි රාජකාරී ගත කළේය.

 

2010 අවුරුද්දේ ඔහුට භාරගන්නට වෙන්නේ වැහෙන්නට ඔන්න මෙන්න කියා තිබෙන පාසලක්ය. ඒ හාන්දුපැල්පොල කනිෂ්ඨ විද්‍යාලයටය. වසර කිහිපයක පසුව ජාතික කියවීම් මාසයේ ලංකාවේ හොඳම පාසල ලෙසින් තේරීපත් වූ අතර ජාතික හරිත සම්මානය මෙන්ම හොඳම පාරිසරික පාසලට හිමි සම්මානයට ද එමෙන්ම බස්නාහිර පළාතේ හොඳම කනිෂ්ඨ විද්‍යාලය බවට ද පත්විය.

 

අනතුරුව 2016 වසරේ පලන්නොරුව මධ්‍ය මහා විද්‍යාලය භාරගත් හෙතෙම වැඩ පටන් ගත්තේ පාසලම හරිත කලාපයක් බවට පත් කරමිනි.

 

කාර්ය බහුල ජීවන රටාව තුළ වුවද සුසන්ත නිර්මාණශිලීව පෑන හැසිරෙව්වේ පොහොසත් ශ‍්‍රි ලාංකේය සාහිත්‍යයක් වෙනුවෙන්ය. එහිදී ළමා සාහිත්‍යල චරිත කතාල කාව්‍යල අධ්‍යාපනල ළමා ගිතල පරිවර්තන ආදී කෘති පනහකට ආසන්න ගණනක් දායාද කර ඇත්තේය.

 

 

ප්‍රශ්නාර්ථයක් වූ කිඹුලාගේ බලු කරුණාව

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කිඹුලන් බහුලව සිටින ගඟකට පැන්න දඩාවතේ යන බල්ලකුගේ ජීවිතය එම ගඟේ සිටි කිඹුලන් දෙදෙනකු බේරා ඇතැයි සී.බී.එස් පුවත් සේවය වාර්තා කර ඇත.

 

හඹා ආ බලු රංචුවෙන් බේරීම සඳහා එම දඩාවතේ යන බලු තඩියා ප්‍රදේශයේ තිබෙන කිඹුලන් බහුල සාවිත්‍රි ගංගාවට පැන තිබේ. එහිදී කිඹුලන් තුන්දෙනකු බලු තඩියාව වටකරගත් බවත් එම මොහොත බල්ලාගේ ජිවිතයේ අවසන් මොහොත යැයි සෑම දෙනාම විශ්වාස කළ බවත් වසර ගණනක සිට කිඹුලන් අධ්‍යනය කරනු ලබන විද්‍යාඥයන් ප්‍රකාශ කර ඇත.

 

නමුත් බලු තඩියාට ළං වූ කිඹුලන් තිදෙනාගෙන් දෙදනකු කළ දෙය කිසිවකුටත් අදහාගත නොහැකි වූ බවත් කිඹුලන් දෙදෙනා බලු තඩියාව ආහාරයට ගන්නවා වෙනුවට කිඹුලන් දෙදෙනාගේ නාසයෙන් බලු තඩියාව ආරක්ෂිතව ගං ඉවුර වෙත තල්ලු කර ගෙන ගොස් ගොඩ කළ බවත් විද්‍යාඥයන් පවසා තිබේ.

 

එම කිඹුලන් දෙදෙනා බලු රංචුව නොමැති ස්ථානයකින් බලු තඩියාව ගොඩ කර තිබීම තවත් විශේෂත්වයක් බවත් කිඹුලන්ටද අනුකම්පාවක් තිබෙන බව පෙන්වීමට මෙය කදිම උදාහරණයක් බවත් විද්‍යාඥයන් පෙන්වා දී ඇත.එසේ වුවත් කිඹුලන් දෙදෙනා බලු තඩියාව ආහාරයට නොගැනීම බොහෝ විද්‍යාඥයන්ට ප්‍රශ්නාර්ථයක් වී තිබේ.

 

මෙම සිදුවීම පිළිබඳ ලිපියක් ත්‍රෙට්න් ටැක්සා සඟරාවේ පළවී ඇත.

 

 

 

සජීවී ගුටි කෙළියක් (වීඩියෝ)

පාකිස්තානයේ පෞද්ගලික රූපවාහිනී නාළිකාවක, දේශපාලන සංවාදාත්මක වැඩසටහනක් අතරතුරේ, සජීවී ගුටි කෙළියක් දැකගැනීමට නරඹන්නන්ට අවස්ථාව උදා විය.

 

වැඩසටහනට සහඟාවී වූයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ අපේක්ෂක නීතීඥ ෂාර් අෆ්රාල් මර්වාත් සහ ‘පාකිස්තාන මුස්ලිම් ලීගය’ පක්ෂයේ අපේක්ෂක සෙනෙට් සභික අෆ්නරුල්ලා ඛාන් යන  දෙදෙනාය.

 

දේශපාලන මතවාද සම්බන්ධයෙන් පළමුවෙන් එකිනෙකාට වාග් ප්‍රහාර එල්ල කරගත් දේශපාලනඥයන් දෙදෙනා, ඉන්පසු අසුන්වලින් නැගිට ගුටි හුවමාරු කර ගැනීමට පටන් ගත් බව පැවැසෙයි.

 

ගුටි කෙළිය සජීවීව නාළිකාව ඔස්සේ විකාශය විය. ගුටි කෙළිය නැවැත්වීමට වැඩසටහන මෙහෙයවූ නිවේදකයාටත්, නිෂ්පාදන කණ්ඩායමටත් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බව ද දැනගන්න ලැබේ.