Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

main news

අරගලයට බඩු ආවේ කොහෙන්ද? අන්තිමට මොකද වුණේ? අරගලයේ හිටපු ජීනා ඇන්ටි දැන් කියන ඇත්ත කතාව

අරගල සමයේදී එතැන් සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් විස්තර කරමින් එහි නායිකාවක් ලෙස කටයුතු කළ ජීනා ඇන්ටි අන්තර්ජාලා නාලිකවක් සමගින් පැවති සංවාදයකට එක්වෙමින් පවසන්නේ අරගලය සදහා කෑම බීම සහ අවශ්‍ය දේවල් බොහෝ දුරට සපයා තිබුනේ රනිල් වික්‍රමසිංහ මහතා බවත් එහි සිදුවූ බොහෝ දේවල් තමන් දන්නා බවත්  මා ඇතුළු බොහෝ දෙනෙක් අරගලයට සම්බන්ධ වූයේ ගෝඨාභය එළවීම සදහා පමණක් බවත් එහෙත් සිදුවී ඇත්තේ රනිල් ජනාධිපති වීම බවත් ය.

 

එම සංවාදය පහළින්

 

 

විදේශීය ණය ඩොලර් බිලියන 38.4ට නැගලා

රජයේ විදේශීය ණය ප්‍රමාණය ඉකුත් වර්ෂයේ දී (2023) ඇමරිකානු ඩොලර් බිලියන 38.4 දක්වා කැපී පෙනෙන ලෙස වැඩි වී ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.

 

රජය විසින් 2022 වර්ෂය අවසන් වන විට පියවා නොමැතිව ඇති විදේශීය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 27.5කි. එකී මුදලට සපේක්ෂව 2023 වසර අවසන් වනවිට නොපියවා ඇති විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 33.1ක් බවද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.

 

රජය විසින් නිකුත් කරනු ලැබූ ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කරවල වෙළෙඳපොළ වටිනාකම් ඉහළයෑම, පියවා නොමැතිව ඉතිරිව ඇති ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කරවල උපචිත කූපනවල ගෙවීම්වල වැඩිවීම, රජය විසින් පියවා නොමැතිව ඉතිරිව ඇති විදේශීය ණය ප්‍රමාණය වැඩිවීම, විදේශීය ණයවල උපචිත පොලිය වැඩිවීම මේ සඳහා හේතුවී ඇති බව ද මහ බැංකු වාර්තාවේ සඳහන් වෙයි.

 

 

‘මැණිකේ මගේ හිතේ‘ ‘ඉන්දියානු දේශපාලනයේ ලාංකික කියවීම’ – අහන්නම ඕන කතාවක් (වීඩියෝ)

ආණ්ඩුව විසින් ඉන්දියාවේ මීලඟ ප්‍රාන්තය බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ සැලසුමක නිරතවී සිටින බවත්,  ස්වෛරී රාජ්‍යක් ලෙස පැවති සිකීම් රාජ්‍ය ඉන්දියාවේ 17 වැනි ප්‍රාන්තය බවට පත්කර ගන්නා ලද්දේ ද මෙබඳුම ආකාරයකට බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

 

 

1973 දී සිකීමයේ පැවැත්වූ මැතිවරණයේ දී ඊට  ඉන්දීය හිතවාදී අපේක්ෂකයකු මෙන්ම ඉන්දීය හිතවාදී නොවන අපේක්ෂකයකු ඉදිරිපත් වී ඉන්දීයානු හිතවාදීයෙකු නොවන අපේක්ෂකයා ජයගත් බවද, එහිදී ඉන්දියානු රෝ සංවිධානය විසින් මෙම මැතිවරණය දූෂිතයැයි පවසා කරනු ලැබූ බලපෑමට බියවී එම රාජ්‍යයේ රජු විසින් නැවත මැතිවරණය පැවැත්වූ බවද, එමගින් ඉන්දියානු හිතවාදී අපේක්ෂකයා ජය ලබා ගත් බව හා මාස කිහිපයක් යනවිට ගිවිසුම් විශාල ප්‍රමාණයක් අත්සන් තබා සිකීමය ඉන්දියාවේ 17 වැනි ප්‍රාන්තය බවට පත්කරගත් බවද විමල් වීරවංශ මහතා  හෙළිකළේය.

 

ජාතික නිදහස් පෙරමුණ විසින් පැවැත් වූ ‘ඉන්දියානු දේශපාලනයේ ලාංකික කියවීම’ සම්මන්ත්‍රණ මාලාවේ පළමු වැන්න ඊයේ මාතර දී පැවති අතර එහිදී අදහස් දක්වමන් ඒ මහතා මේ බව පැවසීය.

 

 

 

 

මෙරට බැංකු ගිණුම්වවලින් 60%ක රුපියල් 5000ට වඩා අඩුයිලු

මෙරට බැංකු ගිණුම්වලින් තුන් කෝටි හතළිස් තුන්ලක්ෂයකට (34,320,000) වැඩි ප්‍රමාණයක් රුපියල් පන්දහසට වඩා අඩු තැන්පතු සහිත ගිණුම් බව අනාවරණය වී තිබෙනවා.

මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය කියා සිටියේ, මෙරට ජනගහනය දෙකෝටි විසි ලක්ෂයක් වූවත්, බැංකුවල තිබෙන ගිණුම් ප්‍රමාණය පන් කෝටි හැත්තෑ දෙලක්ෂයකි (57,200,000) එම බැංකු ගිණුම්වලින් 60%ක්ම රුපියල් 5000ට වඩා අඩු තැන්පතු සහිත ගිණුම් බවයි.

ණය නොගෙවීම නිසා දේපොළ අත්පත් කරගැනීමේ නීතිය ක්‍රියාත්මක කිරීම (පරාටේ නීතිය) මේ වසරේ දෙසැම්බර් දක්වා තාවකාලිකව රජය විසින් නතර කර ඇතත්, බැංකුවලට අධිකරණයට ගොස් අදාළ දේපොළ අත්පත් කරගැනීමට හැකියාව ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

 

 

ගෝඨාභය, කාදිනල්තුමා බොරු කියනවද? ඇත්ත සඟවනවාද – ජාතික සංවිධාන ප්‍රශ්න කරයි

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා විසින් කාදිනල්තුමා විසින් ඔහුට එල්ල කරන්නට යෙදුණු චෝදනාවලට පිළිතුරු බඳිමින් යවන ලද ලිපිය පිළිබඳව අප ජාතික සංවිධානවල මතය   විමසන ලදී මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්.

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාස්කු ප්‍රහාරයට පසුව ඉස්ලාම් අන්වාතවාදය ශ්‍රී ලංකාවේ භූමියෙන් අතුගා දැමීම සඳහා යෝජනා 57ක් අඩංගු අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සම්මත කළ. එම යෝජනා පදනම වූයේ පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා වාර්තාවක් මතය. නමුත් එම වටිනා යෝජනා බැසිල් රාජපක්ෂගේ මැදිහත්වීම මත  එකක් හෝ ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව මහජනයා දන්නේ නැත. බැසිල්-  හකිම් – රිෂාඩ් රහස් සාකච්ඡාවක් අනුව එය සිදුවූ  බවට මතයක් ඇත.

 

එසේ වුවත් ගෝඨාභය රාජපක්ෂ විසින් එවැනි නිවැරදි සහ වැදගත් පියවරක් ගනු ලැබූ බව කියන්නට මැලි වන්නේ ඇයි? ඒ බව සඳහන් කළා නම් කාදීනල් තුමාට උත්තර  නැති වනු ඇත. ඊට හේතුව කාදිනල්තුමා ඉස්ලාම් අන්තවාදයට විරුද්ධව වචනයක් හෝ කතා නොකිරීමයි. පාස්කු ප්‍රහාරයෙන් මියගියවූවන්ට සැබෑ ලෙසම සාධාරණය ඉටු කළ හැක්කේ ඔවුන්ගේ දරුවන්ට ඊළඟ ප්‍රහාරයට ලක්වීමට සිදු නොවන බව සහතික කිරීමෙන් නොවේද?

 

 

අපේ සහය රනිල්ට…. ආණ්ඩුපක්ෂයේ මැති ඇමතිවරු තීන්දු කරයි

ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂ පාට භේදයකින් තොරව ජනාධිපතිවරයාට සහාය පළකරන බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු අවධාරණය කරයි.

 

ඔවුන් මේ බව කියා සිටියේ, ජනාධිපතිවරයා සමග පැවති විශේෂ හමුවකට එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළකරමිනි.

 

සාකච්ඡාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රිවරු එක්ව සිටියහ.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් අතර විශේෂ හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (25) පස්වරුවේ පැවැත්වුණි.

 

පැය 02කට ආසන්න කාලයක් පැවති රැස්වීමෙන් පසු පිටතට පැමිණි මන්ත්‍රිවරු මාධ්‍යයට අදහස් පළ කළේය.

 

 

ETCA ඇතුලු රටට හතුරු ගිවිසුම් සහ රටට හතුරු බලමුලු පරදවා බත බුලතින් සරුසාර රටක් උදෙසා දළදා මාලිගාව අභියසදී කිරි ආහාර පූජාව සහිත මහා අධිෂ්ඨාන පූජාව අප්‍රේල් 28 වනදා

ETCA ඇතුලු රටට අහිතකර ගිවිසුම් සහ රටට හතුරු බලමුලු පරදවා බත බුලතින් සරුසාර රටක් උදෙසා මහා සංඝරත්නය , ගොවිජනතාව , විද්වතුන් ඇතුලු අයවලුන්ගේ සහභාගිත්වයෙන්  අප්‍රේල් 28 වෙනි ඉරිදා  දින පෙ.ව. 5 .00 සිට පෙ: ව: 7.30 දක්වා මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේදී කිරි ආහාර පූජාව සහිත මහ අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීමට නියමිත බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.

 

බැසිල් ඉන්දිය මහ කොමසාරිස් අතර සුහද හමුවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (26) ඉන්දියාවේ මෙරට මහ කොමසාරිස් සන්තෝෂ් ජා හමු වී තිබෙනවා.

එහිදී දේශපාලන තත්ත්වයන් ඇතුළුව අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන මාතෘකා කෙරෙහි සුහද සාකච්ඡාවක් සිදු කෙරුණු බවයි වාර්තා වන්නේ.

 

 

චීනයෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක්

අමෙරිකානු විදෙස් ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා මේ වනවිට චීනයේ සංචාරය කරයි.

 

එහිදී ඔහු චීනයේ ප්‍රධාන පෙළේ නිලධාරීන් සහ අමාත්‍යවරුන් සමග වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

 

ඔහු අද (26) චීන විදෙස් අමාත්‍ය වැන්ග් යී සමග බීජිං නුවරදී සාකච්ඡා පැවැත්වීය.

 

එහිදී වැන්ග් යී පවසා ඇත්තේ චීනය සහ අමෙරිකාවට “ස්ථායිතාව සහ කඩා වැටීම” යන කාරණා දෙකෙන් එකක් තෝරා ගැනීමට අවස්ථාව ඇති බවයි.

 

මෙය බ්ලින්කන් වසරක් තුළ චීනය ට පැමිණි දෙවැනි අවස්ථාව වෙයි.  ගැටලු මතුවී ඇති දෙරටේ සබඳතා ශක්තිමත් කර ගැනීම මෙම සංචාරයේ අරමුණ බව සඳහන් වෙයි.

විශේෂයෙන් ම චීනය විසින් රුසියාවට සහාය දැක්වීම මෙන්ම දකුණු චීන මුහුදේ මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් සහ තායිවානය ට එරෙහිව මතු කෙරෙන ආක්‍රමණශීලීත්වය ඒ අතර ඇති ප්‍රමුඛ ගැටලු වෙයි.

 

 

මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට සහ රුසියාවට.. කැබිනට් අනුමැතිය හිමිවෙයි

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ කළමනාකාරීත්වය ඉන්දියාවේ Shaurya Aeronautics pvt ltd සහ රුසියාවේ Russia’s Airports of Regions Management company සමාගම වෙත පැවරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

 

ඒ, වසර 30ක කාලයක් සඳහා පැවරීමට බවයි සඳහන් වන්නේ.