Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

local news

මෙරට බැංකු ගිණුම්වවලින් 60%ක රුපියල් 5000ට වඩා අඩුයිලු

මෙරට බැංකු ගිණුම්වලින් තුන් කෝටි හතළිස් තුන්ලක්ෂයකට (34,320,000) වැඩි ප්‍රමාණයක් රුපියල් පන්දහසට වඩා අඩු තැන්පතු සහිත ගිණුම් බව අනාවරණය වී තිබෙනවා.

මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය කියා සිටියේ, මෙරට ජනගහනය දෙකෝටි විසි ලක්ෂයක් වූවත්, බැංකුවල තිබෙන ගිණුම් ප්‍රමාණය පන් කෝටි හැත්තෑ දෙලක්ෂයකි (57,200,000) එම බැංකු ගිණුම්වලින් 60%ක්ම රුපියල් 5000ට වඩා අඩු තැන්පතු සහිත ගිණුම් බවයි.

ණය නොගෙවීම නිසා දේපොළ අත්පත් කරගැනීමේ නීතිය ක්‍රියාත්මක කිරීම (පරාටේ නීතිය) මේ වසරේ දෙසැම්බර් දක්වා තාවකාලිකව රජය විසින් නතර කර ඇතත්, බැංකුවලට අධිකරණයට ගොස් අදාළ දේපොළ අත්පත් කරගැනීමට හැකියාව ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

 

 

ගෝඨාභය, කාදිනල්තුමා බොරු කියනවද? ඇත්ත සඟවනවාද – ජාතික සංවිධාන ප්‍රශ්න කරයි

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා විසින් කාදිනල්තුමා විසින් ඔහුට එල්ල කරන්නට යෙදුණු චෝදනාවලට පිළිතුරු බඳිමින් යවන ලද ලිපිය පිළිබඳව අප ජාතික සංවිධානවල මතය   විමසන ලදී මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්.

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාස්කු ප්‍රහාරයට පසුව ඉස්ලාම් අන්වාතවාදය ශ්‍රී ලංකාවේ භූමියෙන් අතුගා දැමීම සඳහා යෝජනා 57ක් අඩංගු අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සම්මත කළ. එම යෝජනා පදනම වූයේ පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා වාර්තාවක් මතය. නමුත් එම වටිනා යෝජනා බැසිල් රාජපක්ෂගේ මැදිහත්වීම මත  එකක් හෝ ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව මහජනයා දන්නේ නැත. බැසිල්-  හකිම් – රිෂාඩ් රහස් සාකච්ඡාවක් අනුව එය සිදුවූ  බවට මතයක් ඇත.

 

එසේ වුවත් ගෝඨාභය රාජපක්ෂ විසින් එවැනි නිවැරදි සහ වැදගත් පියවරක් ගනු ලැබූ බව කියන්නට මැලි වන්නේ ඇයි? ඒ බව සඳහන් කළා නම් කාදීනල් තුමාට උත්තර  නැති වනු ඇත. ඊට හේතුව කාදිනල්තුමා ඉස්ලාම් අන්තවාදයට විරුද්ධව වචනයක් හෝ කතා නොකිරීමයි. පාස්කු ප්‍රහාරයෙන් මියගියවූවන්ට සැබෑ ලෙසම සාධාරණය ඉටු කළ හැක්කේ ඔවුන්ගේ දරුවන්ට ඊළඟ ප්‍රහාරයට ලක්වීමට සිදු නොවන බව සහතික කිරීමෙන් නොවේද?

 

 

අපේ සහය රනිල්ට…. ආණ්ඩුපක්ෂයේ මැති ඇමතිවරු තීන්දු කරයි

ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂ පාට භේදයකින් තොරව ජනාධිපතිවරයාට සහාය පළකරන බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු අවධාරණය කරයි.

 

ඔවුන් මේ බව කියා සිටියේ, ජනාධිපතිවරයා සමග පැවති විශේෂ හමුවකට එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළකරමිනි.

 

සාකච්ඡාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රිවරු එක්ව සිටියහ.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් අතර විශේෂ හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (25) පස්වරුවේ පැවැත්වුණි.

 

පැය 02කට ආසන්න කාලයක් පැවති රැස්වීමෙන් පසු පිටතට පැමිණි මන්ත්‍රිවරු මාධ්‍යයට අදහස් පළ කළේය.

 

 

ETCA ඇතුලු රටට හතුරු ගිවිසුම් සහ රටට හතුරු බලමුලු පරදවා බත බුලතින් සරුසාර රටක් උදෙසා දළදා මාලිගාව අභියසදී කිරි ආහාර පූජාව සහිත මහා අධිෂ්ඨාන පූජාව අප්‍රේල් 28 වනදා

ETCA ඇතුලු රටට අහිතකර ගිවිසුම් සහ රටට හතුරු බලමුලු පරදවා බත බුලතින් සරුසාර රටක් උදෙසා මහා සංඝරත්නය , ගොවිජනතාව , විද්වතුන් ඇතුලු අයවලුන්ගේ සහභාගිත්වයෙන්  අප්‍රේල් 28 වෙනි ඉරිදා  දින පෙ.ව. 5 .00 සිට පෙ: ව: 7.30 දක්වා මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේදී කිරි ආහාර පූජාව සහිත මහ අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීමට නියමිත බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.

 

බැසිල් ඉන්දිය මහ කොමසාරිස් අතර සුහද හමුවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (26) ඉන්දියාවේ මෙරට මහ කොමසාරිස් සන්තෝෂ් ජා හමු වී තිබෙනවා.

එහිදී දේශපාලන තත්ත්වයන් ඇතුළුව අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන මාතෘකා කෙරෙහි සුහද සාකච්ඡාවක් සිදු කෙරුණු බවයි වාර්තා වන්නේ.

 

 

චීනයෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක්

අමෙරිකානු විදෙස් ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා මේ වනවිට චීනයේ සංචාරය කරයි.

 

එහිදී ඔහු චීනයේ ප්‍රධාන පෙළේ නිලධාරීන් සහ අමාත්‍යවරුන් සමග වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

 

ඔහු අද (26) චීන විදෙස් අමාත්‍ය වැන්ග් යී සමග බීජිං නුවරදී සාකච්ඡා පැවැත්වීය.

 

එහිදී වැන්ග් යී පවසා ඇත්තේ චීනය සහ අමෙරිකාවට “ස්ථායිතාව සහ කඩා වැටීම” යන කාරණා දෙකෙන් එකක් තෝරා ගැනීමට අවස්ථාව ඇති බවයි.

 

මෙය බ්ලින්කන් වසරක් තුළ චීනය ට පැමිණි දෙවැනි අවස්ථාව වෙයි.  ගැටලු මතුවී ඇති දෙරටේ සබඳතා ශක්තිමත් කර ගැනීම මෙම සංචාරයේ අරමුණ බව සඳහන් වෙයි.

විශේෂයෙන් ම චීනය විසින් රුසියාවට සහාය දැක්වීම මෙන්ම දකුණු චීන මුහුදේ මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් සහ තායිවානය ට එරෙහිව මතු කෙරෙන ආක්‍රමණශීලීත්වය ඒ අතර ඇති ප්‍රමුඛ ගැටලු වෙයි.

 

 

මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට සහ රුසියාවට.. කැබිනට් අනුමැතිය හිමිවෙයි

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ කළමනාකාරීත්වය ඉන්දියාවේ Shaurya Aeronautics pvt ltd සහ රුසියාවේ Russia’s Airports of Regions Management company සමාගම වෙත පැවරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

 

ඒ, වසර 30ක කාලයක් සඳහා පැවරීමට බවයි සඳහන් වන්නේ.

 

 

ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක් ගැන තොරතුරු පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි (වීඩියෝ)

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පොදු ජන පෙරමුණේ  රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේ දී අද (26)පැවසීය.

ගිණුම් හිමියන්ගේ කිසිම දැනුවත්භාවයකින් තොරව මුදල් වෙන ගිණුම් වලට මාරු කිරීම මෙම  ජාවාරම හරහා සිදු කෙරෙන බව කී වලේබොඩ මහතා තම ගිණුමෙන්  මුදල් ඇදීම සම්බන්ධයෙන් අඩු ගණනේ කෙටි පඩිවිඩයක්වත් නොලැබෙන අයුරින් මේ වංචාව  සිදුවන බව සඳහන් කළේය.

 

බලන්ගොඩ ස්වාමීන් වහන්සේ නමකගේ ගිණුමකින් ලක්ෂ එකොළහක්  වෙනත් ගිණුමකට මාරු කිරීම පිළිබඳව පෙරේදා 25 වැනිදා ලැබුණු පැමිණිල්ලකට අනුව  බැංකුවට ගොස් පරීක්ෂා කරන විට ඔන්ලයින්  ගනුදෙනු පුහුණු කරන ආයතනයක් විසින් පුහුණු කරන ලද ගෝල බාලයන් පිරිසක් දිවයිනේ විවිධ තැන්වල සිටිමින් මේ කටයුත්ත කරන බවට තොරතුරු හෙළි වී තිබෙන්නේ යැයිද  ගාමිණී වලේබොඩ මහතා සඳහන් කළේය.

 

එක් දිනයකදී ගිණුම් පනහකට හැටකට පමණ මෙලෙස මුදල් මාරු කර විශාල වංචාවක් සිදුවෙමින් තිබෙන බවද දවස් දෙක තුනක් ඇතුළතදී දහසකගේ පමණ ගිණුම් වලින් මුදල් ඇද වංචා කර තිබෙන බවට වාර්තා වන්නේ යැයිද මන්ත්‍රීවරයා කීය.

 

මෙම වංචාව සම්බන්ධයෙන්  මහා බැංකුවට මෙන්ම විදුලි සංදේශ නියාමන කොමිසමට දැනුම් දෙන්නැයි පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටි ගාමිණී වලේබොඩ මහතා  පොලිසි වලට මෙන්ම මූල්‍ය බුද්ධි අංශවලට මේ ගැන ක්‍රියාත්මක වන්නට ධාරිතාවක් නැති බව පැවසීය.

 

 

මන්නාරමේ කුරුල්ලන්ට අදානිගෙන් විදුලි සැර…

”සෑම අවුරුද්දකම ඔක්තොම්බර් ඉදලා ඊළග අවුරුද්දේ මාර්තු මාසය විතර වෙන තුරු විවිධ රටවල් වලින් කුරුල්ලෝ ලක්ෂ 10 කට වැඩි ප්‍රමාණයක් මන්නාරමට ඇවිත් නතර වෙනවා.විශේෂයෙන්ම හමිං බර්ඩ් නමින් හදුන්වන ඉතාමත් කුඩා ඒත් බලන්න ලස්සන කුරුල්ලන් සහ සියක්කාරයා නමින් හදුන්වන පක්ෂියා ඒ අතරින් විශේෂයි.තවත් විවිධ වර්ගයේ කුරුල්ලෝ මේ කාලයේදී මන්නාරමට එනවා.ඒ මේ අවුරුද්දේ ඒ අය ආවේ නෑ.මට නම් හිතෙන්නේ මේ වෙන කොට මන්නාරමේ ඉදිකරලා තියන සුළං බලාගාර නිසා තමයි මේ කුරුල්ලෝ මන්නාරමට එන එක නැවතිලා තියෙන බවයි” මන්නාරම සිවිල් සංවිධාන එකමුතුවේ සභාපති සන්තියාගෝ මාකස් පියතුමන් ගේ අදහස වී තිබෙන්නේ.

 

”විශාල ප්‍රමාණයේ සුළං බලාගාරයක් හදන්න රජය ඉන්දියාවේ අදානි සමාගමට අවසර දීලා තියනවා.මේ නිසා විශාල පාරිසරික හානියක් සිදු වෙන්න ඉඩ තිබෙනවා.මොකද මේ බලාගාරය වෙනුවෙන් නිකුත් කරලා තියන පරිසර අධ්‍යයන වාර්තාව පිළිගත හැකි එකක් නොවන නිසයි”.ඒ අතර තුර පරිසරවේදීන්ද කියා සිටින්නේය.

 

 

දුරාචාරය පතුරවන පනත් ගෙනවිත් ශ්‍රී ලංකාව හයිටියක් කරන්න එපා! – නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

සමලිංගික චර්යා ප්‍රචලිත කරන පනත හා දුරාචාරයට ඉඩකඩ සැලසීමට ගෙනන පනත් තුළ අන්තර්ගත කරුණු පාර්ලිමේන්තුවේ සිටින මැති ඇමැතිවරුන් සහ විශේෂයෙන්ම මන්ත්‍රීවරියන් කියවා බලා ඇත්දැයි බරපතළ සැකයක් ඇති බවත්, තමන්ටත් දරුවන් සිටින දෙමාපියන් ලෙස ඔවුන්ට මෙබඳු සමලිංගික හැසිරීම් ප්‍රචලිත කරන පනත්වලට  සහාය දිය හැකිදැයි යන්න ගැටලුවක් ඇති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

 

ඒ මහත්මිය මේ බව පැවසුවේ ජාතික සංවිධාන එකමුතුව මගින් පැවැත්වූ මධ්‍ය හමුවකට එක් වෙමිනි.

මෙවැනි පනත් ගෙන එන්නෙ කවුදැයි යන්න මෙරට ජනතාව සොයා බැලිය යුතු බවද, මෙම පනත් හරහා සිදුකරනු ලබන්නේ රටේ පවතින සංස්කෘතියට සහ සභ්‍යත්වයට පහර ගැසීම බවද ඇය සඳහන් කරයි.

 

මෙය බටහිර රටවල් විසින් උසස් සංස්කෘතියක්, සභ්‍යත්වයක් පවතින රටවලට  දියත් කරන එක් උපක්‍රමයක් බවත්, උදාහරණයක් ලෙස හයිටි රාජ්‍යයට සිදු කළේද මෙබඳුම දෙයක් බවත්, අද වන විට හයිටියට සිදුව ඇති දේ සොයාබැලූ විට එරට සම්පත් මංකොල්ලය සඳහා බටහිර රටවල් විසින් දියත් කළ මෙම කූඨ උපක්‍රමයන් වටහාගත හැකි බවත් ඒ මහත්මිය වැඩිදුරටත් පවසයි.