Press "Enter" to skip to content

Posts published by “Kubiya3”

බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයාව ඝාතනය ත්‍රස්ත ක්‍රියාවක් ?

බ්‍රිතාන්‍ය කොන්සවේටිව් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ශ්‍රීමත් ඩේවිඩ් ඇමේස් ව ඊයේ (15) ඝාතනය කරන ලදී.

ඔහු සිය ඡන්ද කොට්ඨාසයේ මහජනතාව හමුවන අවස්ථාවේදී පැමිණි තරුණ පුද්ගලයෙකු විසින් මන්ත්‍රීවරයාට තියුණු ආයුධයකින් පහරදී තිබුණි.

එම ඝාතනය සිදුකළ පුද්ගලයාව පොලීසිය අත්අඩංගුවට ගත්තේය.

ඔහු සෝමාලි සම්භවයක් සහිත පුද්ගලයෙක් ලෙස සඳහන් වෙයි.

පසුව සිදුකළ පරීක්ෂණ වලදී පොලීසිය පැවසුවේ මන්ත්‍රීවරයාව ඝාතනය කිරීම ත්‍රස්ත ක්‍රියාවක් ලෙස හැඳින්විය හැකි බවය.

රුසියාවේ කොවිඩ් මරණ ඉහළට

පළමුවරට රුසියාවේ දෛනික කොවිඩ් මරණ අද (16) 1,000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට රජය පවසන්නේ එන්නත් ලබාගැනීමට මැළිවීම ඊට හේතුව බවය.

එරට ජනගහනයෙන් මෙතෙක් එන්නත් ලබා ගෙන ඇත්තේ තුනෙන් එකක ප්‍රමාණයක් පමණක් බව සඳහන් විය.

මෙතෙක් එරටින් කොවිඩ් මරණ 222,000ක් වාර්තා වී ඇති අතර එය යුරෝපයේ එක් රටකින් වාර්තා වී ඇති වැඩිම මරණ ගණන වෙයි.

https://chat.whatsapp.com/JhOTFJGFNZtK1CkccsYuHf

ඔස්ට්‍රේලියාවේදී මෙතෙක් හමුවූ විශාලතම හෙරොයින් තොගය

ඔස්ට්‍රේලියාවේදී මෙතෙක් හමුවූ විශාලතම හෙරොයින් තොගය පිළිබඳව එරට පොලීසිය නිවේදනය කළේය.

ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 104ක් ලෙස ඇස්තමේන්තු කර ඇති හෙරොයින් කිලෝ 450ක් මෙල්බර්න් වරායේ දී කන්ටේනරයක් තුළ තිබී සොයාගෙන තිබේ.

මෙල්බර්න් වරාය එරට විශාලතම වරාය වන අතර එම සොයාගැනීම සැප්තැම්බර් 29 වනදා සිදුකර තිබුණි.

හෙරොයින් තොගය සොයාගැනීමෙන් අනතුරුව මැලේසියානු ජාතිකයෙක් ව අත්අඩංගුවට ගත් බව ඔස්ට්‍රේලියානු පොලීසිය පැවසීය.

ඔහුට මේ වනවිට මත්ද්‍රව්‍ය තබාගැනීම සහ ආනයනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කර ඇති අතර වැරදිකරු වුවහොත් ඔහුව ජීවිත කාලයටම සිරගත කළ හැකිය.

ISIS මූල්‍ය ප්‍රධානියා ඉරාක අත්අඩංගුවට

අයි.එස්.අයි.එස් සංවිධානයේ මූල්‍ය ප්‍රධානී, සාමි ජාසිම් අල් ජබුරි සිය ආරක්ෂක අංශ භාරයට ගත් බව ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කදෙමී නිවේදනය කර තිබේ.

ඉරාක බුද්ධි අංශ විසින් සිදුකළ සංකීර්ණ මෙහෙයුමකින් අමෙරිකාව විසින් සොයමින් සිටි අයි.එස් සංවිධානයේ මූල්‍ය ප්‍රධානියා සිය ආරක්ෂක අංශ භාරයට ගත් බව අල් කදෙමී ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

2015 වසරේදී ගෝලීය ත්‍රස්තවාදියෙකු ලෙස, සාමි ජාසිම් අල් ජබුරි ව අමෙරිකාව විසින් නම් කළේය.

ඒ අනුව අල් ජබුරි සොයාගන්නා පාර්ශවයන්ට අමෙරිකානු ඩොලර් මිලියන 5ක ත්‍යාගයක් පිරිනමන බව ද අමෙරිකාව ප්‍රකාශ කර තිබූ බව විදෙස් මාධ්‍ය පෙනවා දෙති.

https://chat.whatsapp.com/JhOTFJGFNZtK1CkccsYuHf

උතුරු කොරියාවෙන් සුපිරි හමුදාවක්

අමෙරිකාව වැනි රටවල් උතුරු කොරියාවට එරෙහිව ගෙනයන “සතුරු ප්‍රතිපත්තිවලට” එරෙහිව “පරාජය කළ නොහැකි හමුදාවක්” නිර්මාණය කිරීම තම අරමුණ බව එරට ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති කිම් ජොන් අන් පවසා ඇත්තේ උතුරු කොරියාව විවිධ අවි ආයුධ නිර්මාණය කරන්නේ යුද්ධයක් ඇරඹීමට නොව ස්වයං ආරක්ෂාව සඳහා බවය.

ඔහු ඒ බව පවසා ඇත්තේ එරට පැවති ආරක්ෂක ප්‍රදර්ශනයකදී ය.

එහි විවිධ සුවිසල් මිසයිල ප්‍රදර්ශනයට තබා තිබූ බව විදෙස් මාධ්‍ය පැවසීය.

එම ප්‍රදර්ශනය නම් කර ඇත්තේ “ස්වයං ආරක්ෂාව 2021” යනුවෙනි.

උතුරු කොරියාව විසින් මෑතකදී අධිධ්වණික සහ ගුවන්යානා නාශක මිසයිල අත්හදා බැලීය.

තෙවන මාත්‍රාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය දුන් නිර්දේශය

සිනොවැක් සහ සයිනොෆාම් එන්නත් ලබාදුන් අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා තෙවන එන්නත් මාත්‍රාවත් ලබාදිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් -19 ප්‍රතිශක්තීරණය පිළිබඳ විශේෂඥ කණ්ඩායමේ උපදේශක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව අතිරේක මාත්‍රාව ලෙස අදාළ එන්නත් වර්ගයේම තවත් මාත්‍රාවක් ලබාදීම සුදුසු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙති.

තෙවන මාත්‍රාව ලෙස වෙනත් එන්නත් වර්ගයක් ලබාදීම සම්බන්ධයෙන්ද සලකාබැලිය හැකි බව එම සංවිධානය සඳහන් කර තිබේ.

මේ අතර කොවිඩ් -19 වෛරසය ආසාදනය වී පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින්ට තෙවන මාත්‍රාවක් අවශ්‍ය නොවන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

සෞඛ්‍ය අවසර පත් ක්‍රමවේදයට එරෙහිව ඉතාලියේ විරෝධතා

කොවිඩ් -19 වෛරසය ආරක්ෂිත බවට වන සෞඛ්‍ය අවසර පත් ක්‍රමවේදයට එරෙහිව ඉතාලියේ විරෝධතා ආරම්භ වී තිබේ.

පොදු ස්ථානවලට පිවිසිමේදී පූර්ණ එන්නත්කරණයට ලක් වූ බවට හෝ වෛසරය ආසාදනය වී සුවය ලබා ඇති බවට හෝ වෛරසය ආසාදනය වී නොමැති බවට වන අවසර පතක් ඉදිරිපත් කළ යුතු බවට ඉතාලි රජය විසින් ප්‍රකාශයට පත්කර තිබුණි.

කෙසේවෙතත් අදාළ ක්‍රමවේදය සියලු සේවා ස්ථාන වෙත පිවිසීමේදී ඉදිරිපත් කළ යුතු බවට රජය තීරණය කිරීමත් සමග ඊට එරෙහිව ඉතාලියේ ප්‍රදේශ කිහිපයක විරෝධතා ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාළ තීරණයට අනුගත නොවන සේවකයින් තාවකාලික වැඩ තහනමකට ලක්කිරීමට ද ඉතාලි රජය පියවර ගෙන ඇති බව සඳහන් වේ.

රුසියාවේ ගුවන් අනතුරක්

රුසියාවේ ටාටාස්තාන් ප්‍රදේශයේ සිදුවු ගුවන් අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තිබේ.

23 දෙනෙකු රැගත් සැහැල්ලු ගුවන් යානයක් එම ප්‍රදේශයට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පැරිෂුට්කරුවන් 21 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සමාජිකයින් දෙදෙනෙකු එම අවස්ථාවේ යානයේ ගමන් කර තිබේ.

එංගලන්තයේ සිදුවු අපූරු දරු උපත

කොවිඩ් -19 ආසාදිතව කෝමා තත්ත්වයට පත්වී දැඩිසත්කාර ඒකකයක ප්‍රතිකාර ලැබු ගැබිනි කාන්තාවක් දරුවෙකු බිහිකළ පුවතක් එංගලන්තයෙන් වාර්තා වේ.

23 හැවිරිදි අදාළ කාන්තාව කොවිඩ් -19 ආසාදිතව පසුගිය අගෝස්තු 8 වනදා රෝහල් ගතකර ඇති අතර, ඒ වන විට ඇය සති 28 ක ගැබිනියක්ව සිට ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් පසුව කෝමා තත්ත්වයට පත්වු කාන්තාව සීසේරියන් සැත්කමක් මඟින් බිළිඳා බිහිකර තිබේ.

නොමේරු දරුවකු ලෙස උපත ලැබු බිළිඳා මව දැකඇත්තේ, කොමා තත්ත්වයෙන් ප්‍රකෘතිභාවයට පත්ව දින 07කට පසුව වීම විශේෂත්වයකි.

ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

ඊසානදිග ඇෆ්ගනිස්ථානයේ කුන්දුස් නුවර පල්ලියකට එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 50 දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිකුරාදා දේව මෙහෙය පැවැත්වෙන අවස්ථාවේ දී එම ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වේ.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු පිළිගෙන නොමැති බවද විදෙස් වාර්තා පවසයි.