Press "Enter" to skip to content

Posts published in “මුහුණු පොතෙන්”

තවමත් සුද්දන්ගෙන් ඉගෙන ගන්න දේවල් අපිට තියෙනවා!!

ජර්මනියේ ඉදන් ලංකාවට ආපු නිදහස් සංචාරකයෙක් වෙච්ච හැරල්ඩ් බෝල්ඩර් දැන් ලංකාවේ ප්‍රසිද්ධ චරිතයක් වෙලා. ලංකාවේ ටුවරිස්ට් බෝඩ් එකෙන්වත් නොකෙරෙන දේවල් හැරල්ඩ් බෝල්ඩර් එක වීඩියෝ එකෙන් ලංකාවට කරා. ලංකාවේ ඉපදිච්ච උන්වත් ලංකාව දිහා නොබලපු විදියට දැන් ලෝකෙම මිනිස්සු ලංකාව දිහා බලන්න පටන් අරන්. ලංකාවේ අයම ලංකාවේ අය කැඩි කැඩි වැරදි වැරදි ඉංග්‍රීසි කතා කරද්දි බක බක ගාලා හිනාවෙද්දි හැරල්ඩ් ඉංග්‍රීසි “බිංදුවක් වත් බැරි” ලංකාවේ අය එක්ක හරි හරියට ඉංග්‍රීසියෙන් කතා කරා. ටුවරිස්ට් කෙනෙක් වෙච්ච හැරල්ඩ් ට අවංක වෙච්ච හැමෝටම පොඩියට හරි උදව්වක් කරා.

කැමරා කරන්න එපා මෙතන රූපගත කරන්න තහනම් කිව්ව හැමතැනදිම හැරල්ඩ් ඒවාට හිස නමලා තමන්ගේ කැමරාව වහලා දැම්මා, කුණු කෑල්ලත් මාකට් කරන ලංකාවේ ටීවී කාරයන්ට හොඳ ආදර්ශයක් දුන්නා. හෙළුවෙන් ගෑනු නටවලා, බොරු දේශප්‍රේමීත්වයක් ආරූඩ කරගෙන හාමුදුරු ගොල්ලන් එක්ක යූටියුබ් වීඩියෝ ගහ ගහ රටවල් හදන්න යන මැටි මෝල්ලුන්ට වඩා හැරල්ඩ් යූටියුබ් හරහා ලංකාව ලෝකෙට අරන් ගියා. ඩ්‍රෝන දාගෙන අහසෙන් යන වීඩියෝ පෙන්නපු ලංකාවේ ට්‍රැවල් වීඩියෝ කරපු “පොර අප්පුලාට” වඩා හැරල්ඩ් තමන්ගේ සෝනි ඇක්ෂන් කැමරාව පෝල් එකක අටවගෙන අපිවත් අරගෙන මිනිස්සු අතරේ හැම තැනම ඇවිද්දා. හැමදේම ගැන හොයලා බලලා ලංකාවට ආපු හැරල්ඩ් ව රවට්ටන් අාපු ලංකාවේ මෝඩයින් ගැන වීඩ්යෝ හදලා ඒවත් යූටියුබ් දැම්මා. ඒ වගේම බයක් සැකක් නැතුව ලංකාවට එන්න කියලා ලේකෙම මිනිස්සුන්ට ආරාධනා කළා.

පේට්‍රිඔන් වෙබ් අඩවිය හරහා හැරල්ඩ් ට ලෝකේ පුරාම මිනිස්සු ලබාදෙන මුදල් ආධාර, ඒ වගේම යූටියුබ් හරහා තමන් උපයන මුදල් විවිධ රටවලදී ඒ මිනිස්සුන්ට ලබාදුන්නා වගේම ලංකාවේදීත් තමන්ට හිත ගියපු කීප දෙනෙක්ටත් ලබාදුන්නා. පහුගියදා ඇල්ල බලන්න මෝටර් සයිකලේ ගියපු හැරල්ඩ් පුංචි තේ කඩේක නැවතිලා රුපියල් පනහට තේ කෝප්පයක් බීලා ⁣ඩොලර් 1100කුත් දීලා ගියා. දැන් ඒ කඩේට ඕසෙට සෙනග එනවාලු. කඩේ කරගෙන ගියපු තරුණයා හැරල්ඩ්ට පින්තූරත් එක්ක විස්තරේ එවලා. දෙන්නටම සතුටුයි. අපිටත් සතුටුයි. හැරල්ඩ් හැම වෙලේම කිව්වේ තමන් වැඩ කරොත් තමන්ට උපයන එක මහ අමාරුවක් නෑ කියලා. රටවල් කීපයකම ගිය හැරල්ඩ් ගොඩක් වෙලාවට උදවු කළෙත් අමාරුවෙන් ඔලුව උස්සගන්න හදන කෙනෙක්ට. ඒ දුන්නු මුදල් ලොකු ගණන් නොවුනට අහම්බෙන් ලැබුණු ඒ දේ සමහර අයට ගොඩක් ලොකුවට දැනෙන්න ඇති.

තව දවස් කීපයකින් හැරල්ඩ් තමන්ගේ ලංකා සංචාරය ඉවර කරලා වෙනත් රටකට යාවි. ඒ යන්න කලින් හැරල්ඩ් ලංකාව වෙනත්ම කෝණයකින් ලොකෙට අරන් ගිහින් තියේවි. හැරල්ඩ් බෝල්ඩ් මේ දවස් ටිකට කරපු එක අංශුවක දෙයක් ලංකාවේ දේශපාලුවෙක්ට කරන්න බැරිවේවි. ඒ සෑම විටම ලංකාවේ අපි හැරල්ඩ් බෝල්ඩර් ට ආදරය කරාවි.

තවමත් සුද්දන්ගෙන් ඉගෙන ගන්න දේවල් අපිට තියෙනවා!!

(තේ කඩයේ තරුණයා හැරල්ඩ් ට එවපු පණිවුඩය පින්තූරයේ දැක්වේ. ඉන්ස්ටග්‍රෑමයේ thenorthmanhb යනු හැරල්ඩ් බෝල්ඩර් ය)

©හසිත හේරත්.

ෆේස්බුක් සාදයක් වටලා නීති විරෝධි මත්‍ද්‍රව්‍ය සමඟ 51 ක් STF බාරයට

රත්නපුර සුරාබදු අධිකාරියට ලද තොරතුරක් මත බලංගොඩ පොලිස් වසමේ බෙලිහුල්ඔය, හෝටලයක් තුළ නීති විරෝධිව පවත්වනු ලැබූ ෆේස්බුක් සාදයක දී වැටලීමක් සිදු කර තිබේ.

ඊයේ(16) සවස 4.30ට පමණ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර තිබේ.

එහිදී නීති විරෝධී මත්ද්‍රව්‍ය කීපයක් සමඟ පුද්ගලයින් 51 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම පිරිස මේ වන විට වැඩිදුර පරීක්ෂණ සඳහා රත්නපුර සුරාබදු අධිකාරිය වෙත බාර දී ඇත.

මෙහිදී ප්‍රිගැබ්ලීන් පෙති 20ක්, ඇපල් පෙති 3ක්, හෙරොයින් මිලිග්‍රෑම් 160 ක්, කොකේන් මිලිග්‍රෑම් 300 ක්, අයිස් මිලිග්‍රෑම් 50 ක් ගංජා ග්‍රෑම් 150ක් සොයා ගෙන තිබේ.

දෙරණ 360 දයාසිරිගේ සායම අරී ”ඇත්තම කියන දයාසිරිගේ” වීඩියෝව මෙන්න

ආරක්ෂක මණ්ඩලයේ සිටි ඇතැමුන් ආරක්ෂක මණ්ඩලයේ දී ජංගම දුරකථනයක් දෙකක් තබාගෙන ඒවාට ඇන ඇන සිටි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පවසා නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයා තමන්ද සිටියදී පඬුවස්නුවරදී පැවති රැස්වීමකදී පැවසුවේ ඇතැමුන් කැබිනට් මණ්ඩලයේ දී ජංගම දුරකතනයට අනිමින් සිටින බවද කී මහ ලේකම්වරයා ආරක්ෂක මණ්ඩලයේදී එවැන්නක් සිදු වූ බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය වීඩියෝව දමා පෙන්වන්නයි දෙරණ රූපවාහිනියට අභියෝගද කළේය.

එම අභියෝග දෙරණ රූපවාහිනිය විසින් පිළිගනිමින් සිය වෙබ් අඩවියේ අදාල වීඩියෝව පළ කර තිබිණි.

එම වීඩියෝව අනුව ජනාධිපතිවරයා පැහැදිලිවම සඳහන් කරන්නේ ආරක්ෂක මණ්ඩලයේ ඇතැමුන් ජංගම දුරකථනයට ඇන ඇන සිටි බවයි.

https://www.facebook.com/watch/?v=449844432227898

කාදිනල් රංජිත් හිමිපාණෝ මාධ්‍ය ඉදිරියේ කදුළු සැලූ හැටි

කාදිනල් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) රෝමයේදී මාධ්‍ය හමුවක් පැවති අතර මෙහිදි කාදිනල් හිමියන් ඉතා සංවේදීව අදහස් පල කළේය.

“මේ විනාශය නවත්වාගැනීමට තිබුණු දෙයක්. ප්‍රහාරයක් සැලසුම් කරලා තිබුණු බවට මම දැනගෙන සිටියා නම් මම දේවස්ථාන වසා දමා බැතිමතුන්ට නිවෙස් වෙත යන්න කියනවා. අපිට ඔවුන් ආරක්ෂා කරගන්න තිබුණා. මින් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකා රජයේ වගකීම විරහිතභාවයයි.

ප්‍රහාරයෙන් තමන්ගේ බිරිද සහ දරුවන් තිදෙනාම මියගිය පුද්ගලයෙකු මට හමුවුණා. මම ඔහුව හමුවීමට ගියාම ඔහු මට පැවසුවා මීට පෙර රැකියාව අවසන්වී නිවස වෙත පැමිණියාම දරුවන් තිදෙනාම තමන් පිළිගැනීමට එන බවත් දැන් ඒ නිවසේ කිසිවෙකුත් නොමැතිව පාළුවට ගිහින්. ඔහු අද තනිවෙලා..

මම කතෝලිකයන්, බෞද්ධයන් ඇතුලු සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටියා මුස්ලිම්වරුන්ට එරෙහිව කටයුතු කරන්න එපා කියලා.

අපිට වැටහුණා මුස්ලිම් සමාජයම මේ ප්‍රහාරයට වගකියන්න ඕනේ නෑ කියලා”යනුවෙන් උන්වහන්සේ සිය අදහස් දක්වා ඇත.