Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

main news

බදුර්දීන්, හකිම් ඇතිලු මුස්ලිම් මන්ත්‍රීවරු යළි අමාත්‍ය දූරවල දිව්රුම් දෙති

ආණ්ඩුවේ අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වූ රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන් ඇතුළු මුස්ලිම් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු මීට පෙර ඔවුන් දැරූ අමාත්‍යධුරවල යළි දිවුරුම් දී තිබේ.

ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මීට ස්වල්ප වේලාවකට පෙර මෙම දිවුරුම්දීම සිදුවිය.

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ අන්තවාදී කණ්ඩායම්වලට දේශපාලන රැකවරණ ලබාදුන් බවට චෝදනා එල්ල කරමින් අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාට එරෙහිව ඒකාබද්ධ වික්ෂය පාර්ලිමේන්තුවට විශ්වාසභාංග යෝජනාවක් බාරදීම, පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ මාරාන්තික උපවාසය යන කරුණ හේතුවෙන් රිෂාඩ් බදුර්දීන් මහතා ඇතුළු ආණ්ඩුව නියෝජනය කළ සියලු මුස්ලිම් මැති ඇමතිවරුන් අමාත්‍යධුරවලින් ඉල්ලා අස්විය.

රිෂාඩ් බදුර්දීන් මහතාට කිසිදු චෝදනාවක් එල්ල වී නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කිරීමත් සමගම යළි අමාත්‍යධුරවල දිවුරුම් දීමට මෙම පිරිසගේ අවධානය යොමුවිය.

රජයේ සියලුම පාසල්වල දෙවන වාරය අගෝස්තු පළවෙනිදා අවසන් වේ

රජයේ සියලුම පාසල්වල දෙවන වාරය අගෝස්තු පළවෙනිදා අවසන් වන අතර තෙවන පාසල් වාරය සඳහා යළි පාසල් විවෘත කිරීම සැප්තැම්බර් දෙවන ද සිදුවන බව ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මරණ තර්ජනයක් ගැන සඳහන් කරමින් සීඅයිඩී අධ්‍යක්ෂකගෙන් පැමිණිල්ලක්

තමාට මාධ්‍ය හමුවකදී තර්ජනය කළ බවට නීතිඥ මනෝජ් ගමගේ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා විසින් පොලීසියට අද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණයට කඳුළු ගෑස් අධිපීඩන ජල ප්‍රහාර

රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාව විසුරුවා හැරීම සඳහා කොළඹ ලෝටස් පාර අසළදී මීට ස්වල්ප වේලාවකට පෙර පොලිසිය විසින් කඳුළු ගෑස් සහ අධිපීඩන ජල ප්‍රහාර එල්ල කර තිබේ

ඝාතනය කරන ලද බිලිදියන් දෙදෙනෙකුගේ මළ සිරුරු සන්තුරේ දී සොයාගැනේ

දස මස් වියැති නිවුන් බිලිදියන් දෙදෙනෙකුගේ මළ සිරුරු සමන්තුරේ නින්දවූර් නිවසකින් පොලිසිය විසින් සොයාගෙන තිබේ. මෙම සිඟිත්තියන් දෙදෙනාගේ මව විසින් ඝාතනය සිදුකරන්නට ඇති බවට සැක කෙරෙන බව පොලිසිය පවසයි.

අන්තතවාදී මුස්ලිම් තක්කඩින්ගේ පහස ලබන නායකයන් තවත් එපා – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

පසුගියදා එල්ලවූ පස්කු ඉරිදා ප්‍රහාරයට උලමා සංවිධානය වගකිවයුතු බවත් අන්තවාදී දේශපාලන නායකයන් බිහිකිරීමට සෘජුවම වගකිවයුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

වහාබ් අන්තවාදය මව්බිමෙන් අතුගා දැමීම වෙනුවෙන් බිහි කළ වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය ඊයේ (28)  කුරුණෑගල නගර ශාලාවේ දී පැවැත්වූ සමුළුවට එක්වෙමින් උන්වහන්සේ මේ බව අවධාරණය කර සිටියේය.

අන්තවාදීන් බිහිකිරීමට අනුබලදුන් බවට චෝදනා එල්ලවූ ඇමතිවරු සහ ආණ්ඩුකාරවරු ඉල්ලා අස්වන ලෙස කළ බලපෑම වහුවේ සියලුම මන්ත්‍රීවරු ඉල්ලා අස්වීම තුළින්  මව්බිම තුළ අන්තවාදය  ඇතිකිරීමේ හා පෝෂණය කිරීමේ  සාමූහික වගකීම සියළු දෙනා බාරගත් බවද අභයතිස්ස හිමියෝ අවධාරණය කර සිටියහ.

ඉදිරි මැතිවරණවලදී මුස්ලිම් අන්තවාදී තක්කඩි නායකයන්ගේ පහස ලබන, ඔවුන් සමග එකට හිටගනිනා නායකයන් තෝරා පත්කර නොගැනීමට සමස්ථ ශ්‍රීලාංකික ජනතාවට පරම අයිතියක් සහ වගකීමක් තිබෙන බවද උන්වහන්සේ පවසා සිටියහ.

රට තුළ වෛරයේ ප්‍රකාශන ඉදිරිපත් කිරීම වැඩි වෙලා-එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ක්ලේමන්ට් න්‍යාලෙස්ටිසොසි වූලි

පාස්කු ප්‍රහාරයෙන් පසුව ට තුළ වෛරී ප්‍රකාශන ඉදිරිපත් කිරීම වැඩිවී තිබෙන බව ශ්‍රී ලංකාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත ක්ලේමන්ට් න්‍යාලෙස්ටිසොසි වූලි මහතා ප්‍රකාශ කරයි. රට තුළ සාමකාමී ව රැස්වීමේ නිදහස සහ අනෙකුත් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා පැමිණි නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව හු මේ බව ප්‍රකාශ කළේය. කොළඹ පිහිටි ්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්විණ.චුලි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ගවිනිසුරු ඇතුළු අධිකරණ ශේෂ්ත්‍රයේ නිලධාරීන් හමුවීමට සහ විශේෂිත නඩු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වශ්‍ය බව දැනුම්දී තිබුණේ දැයි මාධ්‍යවේදීන් මෙහිදී විමසා සිටියා.

තමා රටකට සංචාරය කරන ෑම අවස්ථාවකදීම අධිකරණ පද්ධතියට වාගේම සෑම ක්ෂේත්‍රයකටම අදාළ නියෝජිතයින් මුණ ගැසෙන බවත් රජය විසින් කුමන ඉල්ලීමක් අධිකරණ පද්ධතියට කලාද කියා තමන් නොදන්නා බවත් හු ප්‍රකාශ කළේය. තමා සෑම රාජ්‍ය ආයතනයකම නියෝජ්‍ය මුණගැසුණු බවත් මෙම ක්‍රියාවලිය ශ්‍රී ලංකාවට පමණක් සිදුවන දෙයක් නොවන බවත් තමාගේ පැරණි වාර්තා පරීක්ෂා කළහොත් ඒ ගැන දැනගැනීමට පුළුවන් බවත් පැවසූ වුලි මහතාවැඩිදුරටත් ප්‍රකාශ කළේ තමා සාකච්ඡා කළ කරුණු කිසිවක් ප්‍රකාශ කිරීමට නොහැකි බවත් ඒවා රහසිගතව සිදු වූ බවත්ය.

ජනපති මෛත්‍රී ඉදිරියේම එස්.බී සහ ඩිලාන්ට කුණුබැනුම්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දී ම එස් බී දිසානායක සහ ඩිලාන් පෙරේරා මහත්වරුන්ට ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් මහතා විසින් දැඩි දෝෂාරෝපණයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

එස් බී දිසානායක මහතා ඩිලාන් පෙරේරා මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර ලබා දෙමින් උන් පාර්ලිමේන්තුවට ගෙනා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට එරෙහිව ඔවුන් කටයුතු කරන බවත් ඉදිරියේදීත් ඔවුන්ගේ සහය විශ්වාස කළ නොහැකි බවත් චාමර සම්පත් මහතා මෙහිදී දැඩි දෝෂාරෝපණයක් එල්ල කර ඇති බව වාර්තා වේ. ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වී මෙම දෙදෙනාම තනතුරු ලබාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව කටයුතු කිරීමට සැලසුම් කර තිබෙන බවටද ඔහු චෝදනා එල්ල කර ඇත.

ජනාධිපතිවරණයට මං සූදානම්,කියමින් කතානායක එජාපයට කොන්දේසි දමයි

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට තමනට අවස්ථාව ලද හොත් ඒ සඳහා ඉදිරිපත්වීමට රට වෙනුවෙන් සූදානම් බව කතානායක කරු ජයසූරිය මහතා සඳහා කර ඇත.නමුත් ඒ සඳහා සියලු දෙනාම කැමත්තෙන් අවස්ථාව දිය යුතු බවද ඔහු පවසා තිබේ.කරු ජයසූරිය මහතාට හිතවාදී මැති ඇමැතිවරුන් කිහිපදෙනකු සමඟ ආසන්න දිනකදී සාකච්ඡාවක්ද පවත්වා තිබිණි.ඔවුනගේ අදහස වී ඇත්තේ කරු ජයසූරිය මහතා ජනාධිපති අපේක්ෂකයා වන්නේ එක්සත් ජාතික පක්ෂය විසින් ඒකමතිකව ඔහුට සහාය දිය යුතු බවයි.කිසිදු කණ්ඩායමක් කණ්ඩායම් කල්ලි පැවතිය නොහැකි බවද ජනාධිපති මැතිවරණ වේදිකාවට රනිල් වික්‍රමසිංහ මහතා සමග සජිත් පේ‍්‍රමදාස මහතාද ගොඩ විය යුතු බවද ඔහු කොන්දේසියක් ඉදිරිපත් කිරීමට සාකච්චා කර ඇත.මැතිවරණ ව්‍යාපාරය මුළුමනින්ම සිදුවිය යුත්තේ තමන්ගේ මූලිකත්වයෙන් බවද කරු ජයසූරිය මහතා සදහන් කර ඇති බවද වාර්තා වෙයි.ජනාධිපතිවරයා බවට පත් වූ ඔහු වසර දෙකක් ඇතුළත ස්ථිර වශයෙන්ම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට තමන් සූදානම් බවද කරු ජයසූරිය මහතා පවසා ඇත.

ලබන මාසය මැද වනවිට අපේ කඳවුරේ අපේක්ෂකයා සූදානම්…

මේ වනවිටත් ප්‍රධාන පක්ෂ දෙකෙන්ම ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සිදු වී නැහැ, අපේක්ෂකයා සොයාගැනීමේ එකඟතාවක් නැති නිසා.

අනෙක් පක්ෂවල වගේ අපේ පක්ෂයේ අපේක්ෂකයා වෙනුවෙන් පොරයක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණත්, විද්වතුන්, කලාකරුවන් සිවිල් සංවිධාන ප්‍රගතිශීලී සංවිධාන එකමුතුවෙන් ජාතික ජන බලවේගයක් අපි පිහිටවූව්වා. ජනතා මධ්‍යස්ථානය අපි හැදුවා. ඒ ජනතා මධ්‍යස්ථානයේ සාකච්ඡා සම්මුතියෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයකු අප ඉදිරියේදී නම් කරනවා. ඒකට කිසිම තරගයක් පොරයක් නැහැ. කොහොමත් ලබන මාසේ මැද වනවිට අපේ ජනාධිපති අපේක්ෂකයා අප නම් කරනවා.