Press "Enter" to skip to content

Posts published in “ව්‍යාපාරික පුවත්”

business-news

රටම ආවරණය වූ නව වට රවුම් අධිවේගී මාර්ගයක් – හිටපු අධිපති

ශ්‍රී ලංකාවේ භූමියේ ස්වභාවය තේරුම් ගනිමින් රටේ අභ්‍යන්තරය මෙන්ම, වෙරළ දෙසට යන දෙපසටම පහසුවෙන් පිවිසීමට අවස්ථාව සලසන නව ‘වට රවුම්’ (ඉලිප්සාකාර) අධිවේගී මාර්ගයක් ඉදිරි පස් වසර තුළ ඉදිකරමින් ශ්‍රී ලංකා ආර්ථිකයට කෙටි කාලීන හා දිගු කාලීන වාසි රැසක් අත්කර ගැනීමේ අවස්ථාව උදාවී ඇති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

වෙරළට සමාන්තරව කි.මී. 40-50ක් පමණ දුරකින් ඉදිකෙරෙන මෙම නව අධිවේගී මාර්ගය සමග මැදවච්චිය සිට කිලිනොච්චිය දක්වා දිවෙන තනි අධිවේගී මාර්ගයක්ද සම්බන්ධ කළ හැකි බව පෙන්වා දෙන හිටපු අධිපතිවරයා, ව්‍යාපෘතිය සඳහා වූ නව ආයෝජනය නිසා සමස්ත ආර්ථිකයට නව ගැම්මක් ඇතිවන බවද අවධාරණය කරයි. මේ එම ව්‍යාපෘතිය පිළිබඳ අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ අදහසයි.

ඉලිප්සාකාර රටකට ‘වට රවුම්’ අධිවේගී මාර්ගයක් ඉදිකිරීමෙන් ලැබෙන වාසිය

ශ්‍රී ලංකාව ඉලිප්සාකාර හැඩයක් ඇති රටකි. රටේ මධ්‍යම කොටස කඳු සහිත වන අතර, ඉතිරි භූමි කොටස් තැනිතලා ස්වභාවයක් ගනියි. රටේ උතුරු සිට දකුණු අන්තයට කි.මී.420ක් පමණ වන අතර, නැගෙනහිර සිට බස්නාහිර අන්තයට ඇති දුර කි.මී. 220ක් පමණ වේ.

ඉහත කී කරුණු පදනම් කර ගනිමින්, මුළු රට වටා ඉදිකළ හැකි වඩාත්ම පහසු සහ වියදමින් අඩු අධිවේගී මාර්ග පද්ධතිය තැනිය යුතු වන්නේ මුහුදු වෙරළට සමාන්තරව, මුහුදු වෙරළේ සිට රටේ අභ්‍යන්තරයට කි.මී. 40-50ක් අතර, දුරකින් ඉලිප්සාකාර හැඩයකටය. එසේ කරන විට, එම ‘වට රවුම්’ (ඉලිප්සාකාර) අධිවේගී මාර්ගයේ උතුරු ලක්ෂය මැදවච්චියට නුදුරුවද, දකුණු අන්තය කිරමට නුදුරුවද, නැගෙනහිර ලක්ෂය පොකුරුගමට නුදුරුවද, බස්නාහිර අන්තය මීරිගමට නුදුරුවද විය හැකිය. එවැනි ‘වට රවුම්’ (ඉලිප්සාකාර) අධිවේගි මාර්ගයක් ඉදිකළ විට, දැනට පවතින සමහර මාර්ග මෙම අධිවේගී මාර්ගයට පිවිසුම් මාර්ග ලෙස පහසුවෙන් සම්බන්ධ කර ගැනීමටද පුළුවන.

දැනටමත් කඩවත සිට ගොඩගම (කි.මී.144ක්) දක්වාද, කොළඹ සිට කටුනායක (කි.මී.25ක්) දක්වාද අධිවේගී මාර්ග පවතී. තව මාස කිහිපයකින්, කඩවත සිට කෙරවලපිටිය (කි.මී.10ක්) දක්වාද, ගොඩගම සිට හම්බන්තොට (කි.මී.75ක්) දක්වාද අධිවේගී මාර්ග නිමවනු ඇත. එම කොටස් නිමකළ පසු, ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය කටුනායක සිට හම්බන්තොට දක්වා මුහුදු වෙරළට ආසන්නව ඉදිකර අවසන් වනු ඇත. එබැවින්, මෙහි යෝජනා කෙරෙන ‘වට රවුම්’ (ඉලිප්සාකාර) අධිවේගී මාර්ගයේ ගම්පහ, කොළඹ, කළුතර, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට සම්බන්ධ කොටස් නැවතත් මුහුදු වෙරළට සමාන්තරව කි.මී. 40-50ක් දුරකින් ඉදිකිරීමේදී අලුතින් වැය කරන්නට සිදුවන මුදලින් ලබාගත හැකි වාසිය සීමිතය. එම තත්ත්වය සැලකිල්ලට ගන්නා විට, නිගමනය කළ හැකි වන්නේ පවතින අධිවේගී මාර්ගයටම නව ‘වට රවුම්’ (ඉලිප්සාකාර) අධිවේගී මාර්ගය සම්බන්ධ කිරීම වඩාත් සුදුසු බවය. එහෙයින්, දැනට හම්බන්තොටින් අවසන් වන අධිවේගී මාර්ගයට නව ‘වට රවුම්’ (ඉලිප්සාකාර) අධිවේගී මාර්ගයේ දකුණු ආරම්භය වශයෙන් කුඩාඔයද, දැනට කටුනායකින් අවසන් වන අධිවේගී මාර්ගයට උතුරු ආරම්භය වශයෙන් මීරිගමද සම්බන්ධ කළ හැකිය. එසේ කරනවාත් සමගම නව ‘වට රවුම්’ (ඉලිප්සාකාර) අධිවේගී මාර්ගය,(අමුණා ඇති සිතියමේ පෙන්වා දී ඇති පරිදි), විවිධ වනාන්තර, පුරාවස්තු ඇති ඉඩම්, ජනාකීර්ණ පෙදෙස්, දැකුම්කලු ස්ථාන යනාදිය මඟහරවා ගනිමින්, මුහුදු සීමාවෙන් කි.මී.40-50ක පමණ අභ්‍යන්තරයෙන් කි.මී.500ක පමණ දුරකින් සමන්විත වනු ඇත.

ශ්‍රී ලංකාවේ භූමියේ පිහිටීම අනුව මැදවච්චිය සිට උතුරට ඇති භූමි ප්‍රදේශය ත්‍රිකෝණාකාර හැඩයක් ගනියි. එබැවින් මැදවච්චියෙන් ඔබ්බට ‘වට රවුම්’ (ඉලිප්සාකාර) අධිවේගී මාර්ගයක් ඉදිකිරීමෙන් වැඩි වාසියක් බලාපොරොත්තු විය නොහැක. ඒ නිසා, එම භුමි කොටස වෙනුවෙන් එක් සෘජු අධිවේගී මාර්ගයක් පමණක් තැනීමෙන්, එම භූමි ප්‍රදේශයේ දෙපසටම පහසුවෙන් පිවිසීමට අවකාශය සැලසිය හැකිය. එහෙයින්, මැදවච්චිය සිට කිලිනොච්චිය දක්වා කි.මී.105ක පමණ සෘජු අධිවේගි මාර්ගයක් ඉදිකොට, එම අධිවේගී මාර්ගය යෝජිත නව ‘වට රවුම්’ (ඉලිප්සාකාර) අධිවේගි මාර්ගයට සම්බන්ධ කළ හැකිය. මෙම මැදවච්චිය/කිලිනොච්චිය කොටසද ඉදිකරනු ලැබූ පසු, මුළු රටම කි.මී.859ක පමණ එකිනෙකට සම්බන්ධ අධිවේගී මාර්ග පද්ධතියක් බවට පත්වනු ඇත.

නව අධිවේගී මාර්ගය නිසා එක් තැනකින් තව නැනකට උපරිම ගමන් කාලය පැය 5යි

ඉහත විස්තර කොට ඇති ආකාරයට, අධිවේගී මාර්ග පද්ධතියක් ඉදිකරනු ලැබුවහොත්, ඕනෑම කෙනෙකුට රටේ ඕනෑම තැනක සිට, මේ නව අධිවේගී මාර්ග පද්ධතියට පහසුවෙන්ම පිවිසෙන්නට සහ පිටවීමට හැකිය. උදාහරණයක් වශයෙන් සියඹලාණ්ඩුව සිට මන්නාරම දක්වා යම් පුද්ගලයෙකුට ගමන් කරන්නට අවශ්‍ය නම්, ඔහුට ඇත්තේ කි.මී.30-40ක පමණ දුරක් සාමාන්‍ය මාර්ගවලින් ගමන් කොට, සුදුසු පිවිසුමකින් අධිවේගී මාර්ගයට ඇතුළු වී, වව්නියාවෙන් ඉවත් වී, තවත් කි.මී 30ක පමණ සාමාන්‍ය මාර්ග හරහා මන්නාරමට එලැඹීමය. එමෙන්ම, බලන්ගොඩ සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් කරන කෙනෙකුට, කි.මී.40ක පමණ දුර ප්‍රමාණයක් සාමාන්‍ය මාර්ගවලින් ගමන්කොට, කුඩා ඔය අසල පිවිසුම් මාර්ගයකින් අධිවේගී මාර්ගයට ඇතුළු වී, දෙමටවැව අසල පිවිසුම් මාර්ගයකින් ඉවත් වී, තව කි.මී.40ක් පමණ සාමාන්‍ය මාර්ගවලින් ගමන් කොට, ත්‍රිකුණාමලයට එලැඹීමය. මේ ආකාරයට රටේ අභ්‍යන්තරය හෝ වෙරළබඩ ප්‍රදේශයක පිහිටි ඕනෑම තැනකින්ම පාහේ කි.මී.40-50ක පමණ උපරිම දුර ප්‍රමාණයක් සාමාන්‍ය මාර්ගවල ගමන් කරමින් නව අධිවේගී මාර්ගයට පිවිසීමට හැකි නිසා, ඕනෑම දුර ගමනක් පහසුවෙන් ගමන් කළ හැකිය. එමගින්, රටේ ඕනෑම තැනක සිට තවත් තැනකට යන ගමනක් උපරිම වශයෙන් පැය 5ක පමණ කාලයකට සීමා කරගන්නට සෑම කෙනෙකුටම හැකිවනු ඇත.

මෙම යෝධ ව්‍යාපෘතියට අවශ්‍ය ආයෝජනය කොපමණද, එය සපුරා ගන්නේ කෙසේද?

කොට්ටාව සිට ගොඩගම දක්වා දකුණු අධිවේගී මාර්ගය කි.මී.124කි. ඒ සඳහා 2007 සිට 2013 කාලයේදී වැයවූ මුදල ඇ.ඩො.මිලියන 892ක් බව වාර්තා වේ. එනම්, කිලෝ මීටරයක් ඉදිකිරීම සඳහා වැයවූ මුදල ඇ.ඩො.මි.7.2කි. එසේ නම්, යෝජිත අධිවේගී මාර්ගයද කිලෝ මීටරයකට ඇ.ඩො.මි. 7.2ක් පමණ මුදලකට ඉදිකරගත හැකියැයි අපට උපකල්පනය කළ හැකිය. එවැනි නිගමනයකට එලැඹීමට එක් හේතුවක් වන්නේ යෝජිත අධිවේගී මාර්ගය ඉදිකිරීමට නියමිත භූමිය, කොට්ටාව/ගොඩගම අධිවේගී මාර්ගයට යම් තරමකින් සමාන භූමියක් වන නිසාය. තවද, සිතියමෙන් පෙන්වා දී ඇති යෝජිත අධිවේගී මාර්ගයේ දුර ප්‍රමාණය කි.මි.500ක් පමණය. එමෙන්ම, මැදවච්චිය සිට කිලිනොච්චිය දක්වා කොටස තවත් කි.මී.105ක් පමණය. ඒ අනුව, නව අධිවේගී මාර්ගයේ මුළු දුර ප්‍රමාණය කි.මී.605ක් පමණ වන නිසා, සමස්ත ව්‍යාපෘතිය සඳහා ඇ.ඩො.මි.4,350ක පමණ මුදලක් වැය වේ යැයි අපට ඇස්තමේන්තු කළ හැකිය.

මෙවැනි ව්‍යාපෘතියක් වෘත්තීමය ලෙස ක්‍රියාත්මක කරන්නට නම්, පළමු වසර තුළදී යෝජිත අධිවේගී මාර්ගය භූගෝලීයව, ශාස්ත්‍රීයව සහ ප්‍රායෝගිකව, භූමි තලයේ ලකුණු කොට, ඉඩම් වෙන්කර ගැනීම අවශ්‍ය වෙයි. ඒ සඳහා අවශ්‍ය උපදේශක කටයුතු වෙනුවෙන් වියදම ඇ.ඩො.මි.200ක් පමණ විය හැකිය. ඉන් පසුව, 2021 සිට 2025 දක්වා වසර 5ක් තුළදී, මෙම ව්‍යාපෘතිය කඩිනමින්ම අවසන් කිරීමට අවශ්‍ය නම්, භෞතික මාර්ග සැකසුම් සහ ඉදිකිරීම් සඳහා සාමාන්‍යයෙන් වසරකට ඇ.ඩො.මි.870ක පමණ මුදලක්, හෙවත් රු.බිලියන 157ක පමණ මුදලක් ආයෝජනය කරන්නට රජයට සිදුවනු ඇත. එම මුදල දැවැන්ත මුදලක් ලෙස පෙනනුද, මාගේ දැනුම සහ අත්දැකීම අනුව, රු.බිලියන 14,000ක් ඉක්මවන දළ දේශීය නිශ්පාදිතයක් සහ රු.බිලියන 13,000ක් ඉක්මවන රාජ්‍ය ණයක් ඇති ශ්‍රී ලංකාව වැනි රටක රාජ්‍ය ණය මනා ලෙස කළමනාකරණය කළහොත්,පොලී අනුපාතය ක්‍රමයෙන් අඩුකර ගනිමින්, එම ආයෝජනයට අවශ්‍ය සම්පූර්ණ මුදල රජයට සොයා ගැනීමට හැකි වන්නේය.

උදාහරණයක් වශයෙන්, දැනට පවතින භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර තොගය වන රු.බිලියන 5,500 සඳහා රජය විසින් ගෙවනු ලබන පොලී අනුපාතය, 2014 අවසානයේදී පැවති පොලී අනුපාතයට ආසන්න මට්ටමකට ගෙන ඒමෙන්, වසරකට පොලී අනුපාතය 3%කින් පමණ අඩුකර ගැනීමට හැකිවනු ඇත. එසේ කිරීමෙන් පමණක්, වසරකට රු.බිලියන 165ක පමණ මුදලක් රජයට ඉතිරි වනු ඇත. එම ඉතිරිය මෙම යෝජිත ව්‍යාපෘතිය සඳහා වසරකට අවශ්‍ය රු.බිලියන 157කට වඩා වැඩි බවත් අපට පෙනී යනු ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මෙලෙස මනා ලෙස කළමනාකරණය කිරීමෙන් එවන් මුදල් තොගයක් ඉතිරිකර ගැනීමට රජය සමත් වුවහොත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල කාලයේදී සිදුවූ ආකාරයට, එම අතිරික්තය විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කර ගැනීමට හැකි වනු ඇත. එපමණක් නොව, එවැනි ආයෝජන හරහා පැනනැඟෙන නව ආර්ථික ක්‍රියාවලීන් ඔස්සේ දැනෙන, පෙනෙන ආර්ථික ගැම්මක් මුළු රටේම ඉස්මතු වනු ඇත.

දැවැන්ත කඩා වැටීමක් ඇති ආර්ථිකයට නව පණක් සහ තවත් වාසි රැසක් පැවතීම

මෙවැනි අධිවේගී මාර්ග පද්ධතියක් ඉදිකිරීමෙන් පසු, මුළු රටම පාහේ එකට බද්ධ වන නිසා, දැනට %දුෂ්කර^ ලෙස හඳුන්වනු ලබන බොහෝ පළාත් ඉතා ඉක්මනින්ම දියුණු වනු නොඅනුමානය.

ව්‍යාපාරිකයන් තමන්ගේ කර්මාන්තශාලා සහ ව්‍යාපාර මධ්‍යස්ථාන රට පුරාම ඉදිකිරීමට පෙළඹෙනු ඇත. සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජකයන් නව හෝටල් සංකිර්ණ සහ සංචාරක යටිතල පහසුකම් ඉදිකරන්නට උනන්දුවක් දක්වනු ඇත. ජාත්‍යන්තර ආයෝජකයන්ට සහ සංචාරකයන්ට ශ්‍රී ලංකාව වඩාත් ආකර්ශනීය වනු ඇත. පිබිදෙන ආර්ථික ක්‍රියාදාමය සෑම ගමකටම විහිදී යනු ඇත. දැනට පීඩාවට පත්ව ඇති ශ්‍රී ලංකාවේ ඉහළ, මධ්‍යම සහ කුඩා පරිමාණ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට නව ජීවයක් උදාවනු ඇත. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පිබිදීමෙන් ගලායන ප්‍රතිලාභ අනෙකුත් ක්ෂේත්‍රවලටද ඉක්මනින්ම පැතිර යනු ඇත. මේ ආකාරයට යෝජිත අධිවේගී මාර්ග පද්ධතිය රටේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් වනු ඇත.

මේ දැවැන්ත යෝජනාව වෙනුවෙන් ජනනතාව වන ඔබටත් විශාල වගකීමක් පැවරීම

මේ වන විට, ශ්‍රී ලංකා ආර්ථිකය දරුණු කඩා වැටීමකට ගොදුරු වී ඇත. කිසිදු නිශ්චිත නව දිශාවකට ආර්ථිකය පිවිසෙනු ඇතැයි පෙ‍නෙන්නට නැත. ආර්ථිකය කෙරෙහි විශ්වාසයක් ගොඩ නැගෙන ආකාරයට කිසිදු සැලැස්මක් කිසිදු නායකයෙකු ඉදිරිපත් කොට නැත. විවිධ ව්‍යාපෘති ඉදිරිපත් කළ දුර්ලභ අවස්ථාවලදීද ඒවා සාර්ථකව දියත් කිරීමට අවශ්‍ය සම්පත් උපයා ගැනීමට සැලැසුම් ඉදිරිපත් කරන්නට ඔවුන් සමත් වී නැත.

2006 සිට 2014 කාලය තුළදී, ජනපති මහින්ද රාජපක්ෂ යුගයේදී දියත් කරනලද සියලුම දැවැන්ත ව්‍යාපෘතිවලට අවශ්‍ය වන මුදල් සහ සම්පත් එකල ආර්ථික පාලකයන්ට සොයාගන්නට හැකි විය. නිර්මාණශීලී ක්‍රම හරහා රට තුළ සෑමවිටම මුදල් ගැවසෙන්නට විය. යුද්ධයටද, ප්‍රතිසංස්කරණයටද, නැවත පදිංචි කිරීමටද, සංවර්ධනයටද, සහන සඳහාද අවශ්‍ය මුදල් සෑමවිටම රජය සතුව පැවතිණි. සියලුම අභියෝගවලට මුහුණ දෙන්නට අවශ්‍ය සැලසුම් උපක්‍රමශීලීව ක්‍රියාත්මක කරන්නටද සමත් විය. ඒ සමගම, දළ දේශීය නිෂ්පාදිතය ශීඝ්‍රයෙන් වර්ධනය විය. ණයබරතාවය සැලකිය යුතු මට්ටමකට අඩුවිය. යටිතල පහසුකම් නොසිතූ විරූ ලෙස දියුණු විය. පොලී අනුපාතය සහ උද්ධමනය යහපත් මට්ටමකට අඩු විය. රුපියල ඉතිහාසයේ කිසිවිටෙක සිදුනොවූ ආකාරයට ස්ථාවර විය. සමස්තයක් ලෙස සාර්ව ආර්ථික සාධක යහපත් විය.

ඒ ආකාරයටම, ඉදිරියේදීත් කිනම් බාධක තිබුණද, යෝජිත ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන සොයාගනිමින් මනා ආර්ථික කළමනාකාරිත්වයකින් රට සහ ආර්ථිකය ඉදිරියට ගෙනයාම අත්‍යවශ්‍ය වෙයි. වර්තමානයේදී සිදුවන ආකාරයට, රජයේ නායකයන් ජනතාව ඉදිරියේ දිනපතාම පාහේ හඬා වැළපීමෙන් සහ නිදහසට කරුණු ඉදිරිපත් කිරීමෙන්, කිසිවෙකුට කිසිදු ඵලක් නැත.

එබැවින්, ඊළඟ වසර කිහිපය තුළදී මුළු රටම වැඩබිමක් බවට පත් කරන, රටේ ජනතාවට ප්‍රයෝජනවත් වන, යථාර්ථවාදී, යෝජනා සහ සැලසුම් අවශ්‍ය වෙයි. මේ නව අධිවේගී මාර්ග යෝජනාව එවැන්නකි. එම යෝජනාව ක්‍රියාත්මක කරද්දී, අභියෝග රැසකට මුහුණ දෙන්නට සිදුවනු ඇත. සංකීර්ණ තීරණ ගන්නට සිදුවනු ඇත. එහෙයින්, රට දියුණු කිරීම සඳහා, අභියෝගවලට මුහුණ දිය හැකි, දැනුමක් සහ අත්දැකීම් ඇති නායකයන්ට, රට වැසියන් විසින් පාලන වගකීම් භාරදිය යුතුය. එසේ කිරීම, සමස්ත ජනතාව මත නුදුරේදී පැවරෙන විශාල වගකීමකි.

මත්ස්‍ය අලෙවියෙන් නව වාර්තාවක්

ජනතාවට සහන සැලසීමේ හා ජනතාවට සහන මිට නියම බරට අළුත් මාළු ලබා දීමේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ  වැඩපිළිවෙල යටතේ නුවර පාර , තිහාරිය නගරයේදී අද  [ 20 ] වීවෘත කළ මත්ස්‍ය අලෙවි මධ්‍යස්ථානය මුල් පැය කිහිපය තුළ  මත්ස්‍ය අලෙවියෙන් නව වාර්තාවක් තැබීමට සමත්ව තිබේ .

ඒ අනුව මත්ස්‍ය කිලෝ 700 කට අධික ප්‍රමාණයක් එම කාලය තුල අලෙවි කිරීමට හැකි වූ බව ලංකා ධීවර සංස්ථාව පැවසිය .

 මේ අනුව මුල් දින අලෙවියෙන් ලද ආදායම රුපියල් ලක්‍ෂ පහමාර ඉක්මවීමට හැකි වී ඇත .

 ලංකා ධීවර සංස්ථාවේ 91 වන අලෙවි සැල නුවර පාර , තිහාරිය නගරයේදී අද  විවෘත කල මෙම අලෙවි සැලය .

 සෞඛ්‍ය සම්පන්න ජනතාවක් සදහා ජනතාවගේ ප්‍රෝටීන අවශ්‍යතාව සපුරාලීම සදහා ගුණාත්මක මාළු රට මැද ජනතාව ද ඇතුළු සියලු  ජනතාවට ලබාදීමේ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ වැඩපිළිවෙල යටතේ මෙම ප්‍රාදේශීය අලෙවි සල් ප්‍රධාන නගර ආශ්‍රිතව ආරම්භ කිරිමට ලංකා ධීවර සංස්ථාව කටයුතු කළේය .

අපනයන ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් ඇගයෙන අපනයන සම්මාන උළෙල 2019

නාධිපති අපනයන සම්මාන උලෙළ අද (19) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අපනයන ක්ෂේත්‍රයට දායකවූවන් ඇගයීම වෙනුවෙන් අපනයන සංවර්ධන මණ්ඩලය විසින් වර්ෂිකව සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උලෙළ මෙවර පැවැත්වුණේ 23 වන වරටය.

2018/2019 වර්ෂවලට අදාළව විශේෂ සම්මාන 13ක් සහ භාණ්ඩ හා සේවා ඛාණ්ඩ 42ක් සඳහා ආංශික සම්මාන 42ක් වශයෙන් සම්මාන 56 ක් මෙහිදී ප්‍රදානය කෙරිණි.

ඊට අමතරව භාණ්ඩ හා සේවා ඛාණ්ඩ 42ට අදාළව කුසලතාපූර්ණ අපනයනකරුවන් සඳහා කුසලතා සම්මාන 33ක් ප්‍රදානය කිරීමට ද මෙවර කටයුතු කර තිබිණි.

සම්මානලාභීන් තෝරා ගැනීමේ දී 2018/2019 මුල්‍ය වර්ෂයට අදාළව ඒ ඒ අපනයනකරුවන් විසින් උපයන ලද පිරිවැටුමට අමතරව, වෙළෙඳපොළ විවිධාංගීකරණය, රැකියා උත්පාදනය, නිෂ්පාදන ක්‍රියාවලියේ දී වටිනාකම් එකතු කිරීම හා පසුගිය වසරට සාපේක්ෂව අපනයන වර්ධනය ආදි නිර්නායකයන් ද සැලකිල්ලට ගන්නා ලදී.

1981 වසරේ දී අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ආරම්භ කරන ලද ජනාධිපති අපනයන සම්මාන උලෙළ ශ්‍රී ලංකාවේ අපනයන සඳහා වඩාත්ම කීර්තිමත් සම්මානය වන අතර අපනයන ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා වැඩිම දායකත්වයක් ලබාදී ඇති අපනයනකරුවන් වෙනුවෙන් එය ප්‍රදානය කෙරේ.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායිකා ඉන්දිරා මල්වත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිත පිරිසක් මීට සහභාගී වූහ.

ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට ගෝලීය සම්මානයක්

ශ්‍රී ලංකන් ගුවන් සේවය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව දිවයිනේ සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දරන ලද උත්සාහය පසුගියදා ගෝලීය සම්මානයට පාත්‍ර විය. ඒ ලොස්ඇන්ජලිස් නුවර සම්මේලන මධ්‍යස්ථානයේ දීය. ගුවන් සේවා මගී අත්දැකීම් සංගමයේ (Airline Passenger Experience Association) සම්මාන උළෙලේ දී ‘හොඳම අලෙවිකරණ නවෝත්පාදන’(Best Marketing Innovation’ ) සම්මානයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය පිදුම් ලැබීය. ඊට අමතරව අඛණ්ඩව 3 වන වරටත් ප්‍රධාන ගුවන් සමාගම් කාණ්ඩයේ තරු 4 පංතියේ සේවා ඇගයුම් (Four Star) ලැබීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් විම මෙහි ඇති විශේෂත්වයකි.

මෙම තරගාවලිය සඳහා කටාර් ගුවන් සේවය, බර්ජින් අත්ලාන්තික් ගුවන් සේවය ඇගයීමට ලක්විය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි විපුල ගුණතිලක මහතා මෙසේ පැවසීය. “අපගේ සංචාරක කර්මාන්තය විනාශකාරී සිදුවීමකින් පසු නැවත යථා තත්ත්වයට පත්වෙමින් පවතින මොහොතක අපේ රටට හිමිවූ සම්මානයක් ලෙස අපි මෙම සම්මානය සලකනවා. රටවල් ගණනාවක මිලියන සංඛ්‍යාත ජනකායක් වෙත ළඟා වූ මෙම නව්‍ය අලෙවිකරණ වැඩසටහන සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අපගේ කාර්ය මණ්ඩලයේ සිය ගණනක් සාමාජිකයින්ට මෙහි සියලුම ගෞරවය හිමි විය යුතුයි.” යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

අගමැති ප්‍රධානත්වයෙන් ආර්ථික සමුළුව අරඹයි

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද “ශ්‍රී ලංකා ආර්ථික සමුළුව – 2019” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) කොළඹ, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ආරම්භ විය.

මෙහිදී, මුදල් අමාත්‍ය මංගල සමරවීර, ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ආචාර්ය හාන්ස් විජයසුරිය, ඉන්දියානු රජයේ හිටපු වාණිජ, කර්මාන්ත හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ ජී 07 සහ ජී 20 සංසදයන්හි ඉන්දීය අග්‍රාමාත්‍ය නිල තානාපති ශ්‍රී සුරේෂ් ප්‍රභූ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආණ්ඩුකාර ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ලක්ෂ්මන් කදිර්ගමාර් ජාත්‍යන්තර සබඳතා හා උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ගනේෂන් විග්නරාජා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති සාකච්ඡා මණ්ඩපයකට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි විය.

එම අවස්ථාවට සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඇතුලු දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් ඇතුලු විශාල පිරිසක් සහභාගිවී සිටියහ

නිරීක්ෂණ හා ආවේක්ෂණ උපකරණ ජපානයෙන්

පාස්කු ඉරිදා දින සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරය රට තුළ වේගයෙන් වර්ධනය වෙමින් පැවති සංචාරක ක්ෂේත්‍රය වෙත විශාල ඍණාත්මක ආර්ථික බලපෑමක් ඇති කරන ලද අතර, එමඟින් ශ්‍රී ලංකාවේ මහජන ආරක්ෂාවට තර්ජනයක් ඇති කරන ලදී. ඉහත තත්වයට ක්ෂණික ප්‍රතිචාරයක් ලෙස, ජපාන රජය විසින් ජපන් යෙන් බිලියන 01ක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 1.6 ක)  ව්‍යාපෘති නොවන ප්‍රදාන යටතේ, ශ්‍රී ලංකා පොලීසිය  හා ගුවන්  තොටුපල සහ ගුවන් සේවා සමාගම වෙත ත්‍රස්ත ක්‍රියාකාරකම් මර්ධනය කිරීමේ හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා අත්‍යාවශ්‍ය වන උපකරණ ලබා දීමට එකඟ වී ඇත.

ඒ අනුව, මහජන ආරක්ෂාව සහ ගුවන් මගීන්ගේ ආරක්ෂාව සඳහා අත්‍යාවශ්‍ය වන නිරීක්ෂණ හා ආවේක්ෂණ උපකරණ ජපාන රජය විසින් ශ්‍රී ලංකා පොලීසිය වෙත සහ ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම වෙත රාජ්‍ය ආරක්ෂක සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ හරහා ලබා දෙනු ඇත.

ඉහත ප්‍රදාන ආධාරය සඳහා වන හුවමාරු පත්‍ර අත්සන් කිරිම, අද දින මුදල් අමාත්‍යාංශයේදී සිදුකෙරිණි.

ශ්‍රි ලංකා රජය වෙනුවෙන්, මුදල්  අමාත්‍යාංශ ලේකම්, ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා සහ ජපාන රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා විසින් ඉහත හුවමාරු පත්‍ර සඳහා අත්සන් තබන ලදී.

කුඩා වාහනයක මිල ලක්ෂ එකහමාරකින් ඉහළ ගිහින්

රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීම හා ජපන් යෙන් එකක මිල වරින්වර ඉහළයාමත් සමගම, සෑම කුඩා වාහනයකම මිල ගණන් ගත වූ මාස දෙක තුළ රුපියල් ලක්ෂ එකහමාරකින් පමණ ඉහළ ගොස් ඇති බවද, මේ හේතුවෙන් වාහන ආනයනය ශීඝ්‍ර ලෙස පහත වැටී ඇති බවද ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

2019 අයවැය යෝජනාවකට අනුව ඉදිරියේදී පැනවීමට යෝජිත සුඛෝපභෝගී වාහන බද්දෙන් පසු රුපියල් ලක්ෂ 35කට වැඩි සිලින්ඩර් ධාරිතාව 2300 (ඩීසල්) සහ සිලින්ඩර් ධාරිතාව 1800 (පෙට්‍රල්) අගය ගන්නා සෑම වාහන කාණ්ඩයකටම රුපියල් ලක්ෂ 5 – 25 අතර අමතර බද්දත් ගෙවීමට සිදු වන බවද, වාහන අලෙවිය පහළ බැසීමට මෙම තත්ත්වය වඩාත්ම බලපා ඇති බවද එම සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා ලංකාදීපයට අද(12) පැවැසීය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයත් සමගම බිංදුවට වැටී තිබූ වාහන අලෙවිය නැවත 20%කින් පමණ ඉහළ යමින් තිබියදී මෙවැනි තත්ත්වයක් ඇතිවීම වාහන අලෙවිය තවදුරටත් පහළ වැටීමට හේතුවක් වන බවද හෙතෙම කියාසිටියේය.

සිලින්ඩර් ධාරිතාව 650, 800 හා 1000 යන කාණ්ඩවලට අයත් කුඩා වාහනවල මිල රුපියල් ලක්ෂ 1.5කින් ඉහළ යාම හේතුවෙන්, ඇල්ටෝ වර්ගයේ කුඩා වාහනවල පමණක් මිල ගණන් රුපියල් ලක්ෂ 26 සිට ලක්ෂ 27.5 දක්වා ඉහළ ගොස් ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

LANKAPAK 2019 ඇසුරුම්කරණ ප්‍රදර්ශනය 13දා දක්වා BMICH හිදී

LANKAPAK 2019 ඇසුරුම්කරණ ප්‍රදර්ශනය ඊයේ (11දා) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ විය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා අතින් ප්‍රදර්ශනය විවෘත වූ අතර, මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයාද මෙම අවස්ථාවට සහභාගී විය. ප්‍රදර්ශනය හෙට (13දා) දිනෙන් අවසන් වෙයි.

ශ්‍රී ලංකා ඇසුරුම් ආයතනයේ සභාපති අනුරාධ ජයසිංහ, ආසියානු ඇසුරුම් සංසදයේ සභාපති රොහාන් වික්ටෝරියා, CDC Events කළමනාකාර අධ්‍යක්ෂ ඉම්රාන් හසන් සහ ඉන්දියාවේ PHD වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ ලේකම් රාකේෂ් සාරංගී යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ. මෙම ප්‍රදර්ශනයට PHD වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සහයෝගය ඇතිව ඉන්දියානු සමාගම් 40ක් පමණ සහභාගී වූ අතර, CDC Events මෙය සංවිධානය කර තිබුණි.

පළතුරු මිල ඉහළට

‍වෙළද පොලේ පළතුරු මිළගනන් ඉහළ ගොස් ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

අස්වනු නෙලීමට ආසන්න වත්ම වැස්සෙන් අස්වනු විනාශවීම හේතුවෙන් පළතුරු මිලගණන් ඉහළගෙසේ ඇති බවයි ඔවුන්පවසන්නේ. ‍මේ වන විට කෝලි කුට්ටු කිලෝ එකක මිල රුපියල් 220ත් 250ත් අතර පවතින අතර අනේකුත් පළතුරු ද ඊට සාපකේෂ ලෙස ඉහළගොස් ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ.

පොල් වගාවට නව App එකක්

පොල් වගා කිරීමේ මණ්ඩලයේ පොල් වගා ප්‍රවර්ධන සතිය ඊයේ (09) දිනයෙන් අවසන් විය.

කොත්මලේ මහවැලි මහා සෑය පරිශ්‍රය අසල ඊයේ ඒ සම්බන්ධයෙන් වැඩසටහනක් සිදු කළ බව වැවිලි කර්මාන්ත අමාත්‍යංය නිවේදනය කළේය.

එහිදි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක අමාත්‍යවරයා විසින් කොත්මලේ මහවැලි මහා සෑය පරිශ්‍රය අසල පොල් පැල සිටුවීම සිදු කර ඇත.

පොල් වගා කිරීමේ මණ්ඩලයෙහි පොල් වගාව පිලිබඳ නව app එක හදුන්වාදීමද එම අවස්ථාවේදි සිදු කරන ලදී.