Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

main news

අරගලකරුවන් අරගලයේ ප්‍රබල සාමාජිකාවක් වූ ජීනා ඇන්ටි එළවා දමයි… හේතුව ඉරාජ්ගේ වීඩියෝවක සිටීම (වීඩියෝ)

ගාලු මුවදොර කේන්ද්‍ර කරගෙන ඇති වූ අර අරගලයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් ඊයේ දින පැවති අරගල කරුවන් පිරිසකගේ සාකච්ඡාවකින් අරගලයේ ප්‍රබල සාමාජිකයක් වූ ‘ජිනා ඇන්ටි’ නම් කාන්තාව පන්නා දමා ඇත.

 

ඉරාජ් වීරරත්න මහතා සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක නිරත වූයේ යැයි චෝදනා එල්ල කරමින් මෙසේ ඇය එළවා දමා තිබේ.

 

ඇය පන්නා දමමින් එහි සිටි පිරිස සඳහන් කරන්නේය අරගලය ඉරාජ් වැන්නකු ඉදිරියේ පාවාදීමකට ලක්කර ඇති බවයි.

 

ඉරාජ් වීරරත්න සමග සම්මුඛ සාකච්ඡාවේදී ජිනා ඇන්ටි නම් කාන්තාව අරගලයේ සිදුවූ අකටයුතුකම් දූෂණ රැසක් හෙළිදරව් කර තිබුණි.

 

 

 

අමෙරිකාවේ ප්‍රබලයෙක් ඉන්දියාවට ආ ගමන් ලංකාවටත් එයි

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ අද (10) ඉන්දියාවට පැමිණීමට නියමිතය.

 

අද සිට 15 වනදා දක්වා දකුණු ආසියානු කලාපය තුළ රැ‍ඳී සිටින ඔහු ඉන්දියාවෙන් අනතුරුව ශ්‍රී ලංකාවට සහ බංග්ලාදේශයට ද පැමිණීමට නියමිත බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

 

ඔහුගේ සංචාරයේ අරමුණ එක් එක් රටවල් සමග ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කරගැනීමය.

 

 

පසුගිය වසරේදී මත්පැන් බලපත්‍ර 214ක් දීලා… ජන අනුපාතය අනුව තවත් 474 දෙන්න පුළුවන්… ජයන්තගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සියඹලාපිටිය කියයි

මෙම වසරේ මුල් මාස හතර තුළ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නව මත්පැන් බලපත්‍ර 37ක් නිකුත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

 

එම ප්‍රමාණයෙන් 16ක්ම නිකුත් කර ඇත්තේ සුපිරි වෙළෙඳසැල්වලට බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

 

රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මේ බව සඳහන් කර සිටියේ ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ය.

 

2023 වසරේ මත්පැන් බලපත්‍ර 214ක් නිකුත් කර ඇති බවත් ඉන් 147ක් සංචාරක ක්ෂේත්‍රයට ලබා දී ඇති බවත් ජන අනුපාතය අනුව තවත් මත්පැන් බලපත්‍ර 474ක් නිකුත් කළ හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියේ ය.

 

 

 

යාල කැළයේ ජාන සොරකමක්…. ජීවීන් 400ක් සමග ඉතාලි පිය පුතු අත්අඩංගුවට

යාල රක්ෂිතයේ සිදුකරගෙන ගිය ජාන සොරකමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

 

ජීවීන් 400ක් සමග මෙම ජාන සොරකමට සම්බන්ධ ඉතාලි ජාතික පිය පුතු යුවලක් අත්අඩංගුවට ගත් බවයි යාල ජාතික වනෝද්‍යානයේ නිළධාරියෙකු ප්‍රකාශ කළේ.

 

සාෆාරි රියදුරෙකුගෙන් ලද තොරතුරකට අනුව සොදිසි මෙහෙයුමක් දියත් කළ වන ජීවී නිලධාරීන්, රක්ෂිතය මැද මෝටර් රථයක් නවතා සමනලුන් ඇතුලු කෘමීන් අල්ලමින් සිටි මෙම ඉතාලි ජාතික පිය පුතු යුවල හමුවී තිබෙනවා.

 

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක අතර මොවුන්ට උපකාර කළ තවත් පුද්ගලයින් කිහිපදෙනෙක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්.

 

 

රනිල් – බැසිල් 6 වරටත් හමුවෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර තවත් සාකච්ඡාවක් ඊයේ (10) රාත්‍රියේ පවත්වා තිබෙනවා.

 

මෙය ඔවුන් දෙදෙනා අතර ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් පැවති 06 වැනි සාකච්ඡාවයි.

 

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළේ සාකච්ඡා වූ කරුණු පිළිබඳ අද (10) මාධ්‍යට දැනුම් දෙන බවයි.

 

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ ජනාධිපතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය අද (10) බත්තරමුල්ල රජමල් වත්තේදී විවෘත කිරීමට නියමිත බවද වාර්තා වෙනවා.

 

මීට සමාගමීව ආසන මට්ටමින්ද ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාල විවෘත කරන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළේ.

 

ඉදිරි ජනාධිපතිවරණය ඉල්ලක්ක කර ගනිමින් පුළුල් ප්‍රචාරක යාන්ත්‍රණයක් සකස් කර ඇති බවද පොදුජන පෙරමුණ වැඩිදුරටත් සඳහන් කළා.

 

 

මුජිබුර් දිවුරුම් දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මුජිබුර් රහුමාන් මහතා අද (10) දිනයේ දිවුරුම් දුන්නේය.

 

ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේදීය.

 

ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු වු සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පත් කිරීමට එම පක්ෂය තීරණය කළේය.

 

ඒ අනුව එම නම ඇතුළත් ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් ඊයේ (09) ප්‍රකාශයට පත් කර තිබුණි.

 

ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවට සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය

 

 

අපචාර ප්‍රවර්ධනය කරන්න කතා කළ ඩයනා ජාතික ලැයිස්තුවෙන් පත් කළාට පළමුවෙන්ම සජිත් ප්‍රේමදාස රටේ ජනතාවගෙන් සමාව ගත යුතුයි.. කතානායකත් මේ ගැන වගකිව යුතුයි – වෛද්‍ය වසන්ත බණ්ඩාර

වසර හතරක් පුරා දිග් ගැසුණු දීර්ඝ නඩු විභාගයකින් පසු ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලාංකික පුරවැසියෙකුව නොවී පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් මෙන්ම අමාත්‍ය ධූරයක් දැරීම නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ලැබුවා. ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තු තනතුරක් දැරීමට නීත්‍යානුකූලව හැකියාවක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව සම්බන්ධයෙන්  ජාතික සංවිධාන වල මතය විමසනු ලැබුවා.

 

එහිදී අදහස් දක්වමින්, ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා  මෙලෙස අදහස් දැක්වුවා.

 

“ඩයනා කියන්නේ ඔවුන්ගේ පක්ෂයේම අය කියන ආකාරයට ගලි බවුසරයක්. අපි කාන්තාවන්ට එහෙම අපහාස කරන්න කැමති නැහැ. ඇය පාර්ලිමේන්තුවට පමණක් නොව සජබ දේශපාලන ව්‍යාපාරයටත් අවමානයක් හා ලැජ්ජාවක්. තමන් සල්ලිවලට ගත්ත පක්ෂයක් කුලියට දීල ඇය මන්ත්‍රී ධුරයක් ලබාගත්තා. ඒක ලබාගෙන ඇමැතිකම් අරගෙන කතා කළේ අපචාර ප්‍රවර්ධනය කරන්න. කංසා නීතිගත කරන්න සහ ගණිකා වෘත්තිය නීතිගත කරන්න. ඇය කියනවා කාන්තාවකට ගණිකා වෘත්තියේ යෙදිල සවස ගෙදර ගිහින් ස්වාමි පුරුෂයා සමග ඉන්න පුලුවන් කියලා. ඇය තමන්ගේ චරිතය රටේ සෑම කාන්තාවකටම ආරෝපණය කරන්න හදනවා. එවැනි තැනැත්තියක් ද්විත්ව පුරවැසි වුනත් නැතත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කිරීම පිළිබඳව පළමුවෙන්ම සජිත් ප්‍රේමදාස මහතා රටේ ජනතාවගෙන් සමාව ගන්න ඕනේ. දෙවනුව කතානායකවරයාටත් වගකීමක් තියෙනවා මන්ත්‍රීවරු මැතිවරණ කොමිසමට පක්ෂවලට සහ රටට බොරු කියලා තමාගේ පුරවැසිකම පිළිබඳ තොරතුරු වසංකිරීම පිළිබඳව සොයා බලන්න. අපි ලැජ්ජා වෙනවා මෙවැනි කාන්තාවන් ගැන කතා කරන්න සිදුවීම පිළිබඳව.”

 

 

Breaking News මැතිවරණ කොමිසම ජනාධිපතිවරණයට දින දෙයි

2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වනදා සහ ඔක්තෝබර් 16 වනදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

 

ඒ අනුව ඊට අදාළ නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාව තුළ සිදුකරන බව එම කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

 

 

 

ඖෂධ අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක අධිකරණයට

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා මිට සුළු මොහොතකට පෙර අධිකරණයට රැගෙන ආවේය.

 

වෛද්‍ය විජිත් ගුණසේකර මහතාගෙන්    සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (8) පැය 11 ක පමණ කාලයක්  ප්‍රශ්න කිරීමෙන්  අනතුරුව ඔහු අත්අඩංගුවට පත් විය.

 

 

නව විදුලිබල කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව විදුලි බල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා.

 

ඒ, ඉන්ංජිනේරුවන් දෙදෙනෙකු වන පුන්‍යා ශ්‍රී කුමාර ජයකොඩි සහ මයුර චන්දන විසින්.

 

එහිදී පෙත්සම්කරුවන් සඳහන් කර ඇත්තේ මෙම පනත් කෙටුම්පත මගින් විෂය භාර ආමාත්‍යවරයාට අසීමිත බලයක් පවරා දී ඇති බවයි.

 

එමගින් විෂයභාර අමාත්‍යවරයාට අත්තනෝමතික තීන්දු තීරණ ගැනීමට අවස්ථාව සැලසෙන බවත් එය විදුලිබල මණ්ඩලයේ පැවැත්මට යහපත් නොවන බවත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.