Press "Enter" to skip to content

අපචාර ප්‍රවර්ධනය කරන්න කතා කළ ඩයනා ජාතික ලැයිස්තුවෙන් පත් කළාට පළමුවෙන්ම සජිත් ප්‍රේමදාස රටේ ජනතාවගෙන් සමාව ගත යුතුයි.. කතානායකත් මේ ගැන වගකිව යුතුයි – වෛද්‍ය වසන්ත බණ්ඩාර

වසර හතරක් පුරා දිග් ගැසුණු දීර්ඝ නඩු විභාගයකින් පසු ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලාංකික පුරවැසියෙකුව නොවී පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් මෙන්ම අමාත්‍ය ධූරයක් දැරීම නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ලැබුවා. ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තු තනතුරක් දැරීමට නීත්‍යානුකූලව හැකියාවක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව සම්බන්ධයෙන්  ජාතික සංවිධාන වල මතය විමසනු ලැබුවා.

 

එහිදී අදහස් දක්වමින්, ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා  මෙලෙස අදහස් දැක්වුවා.

 

“ඩයනා කියන්නේ ඔවුන්ගේ පක්ෂයේම අය කියන ආකාරයට ගලි බවුසරයක්. අපි කාන්තාවන්ට එහෙම අපහාස කරන්න කැමති නැහැ. ඇය පාර්ලිමේන්තුවට පමණක් නොව සජබ දේශපාලන ව්‍යාපාරයටත් අවමානයක් හා ලැජ්ජාවක්. තමන් සල්ලිවලට ගත්ත පක්ෂයක් කුලියට දීල ඇය මන්ත්‍රී ධුරයක් ලබාගත්තා. ඒක ලබාගෙන ඇමැතිකම් අරගෙන කතා කළේ අපචාර ප්‍රවර්ධනය කරන්න. කංසා නීතිගත කරන්න සහ ගණිකා වෘත්තිය නීතිගත කරන්න. ඇය කියනවා කාන්තාවකට ගණිකා වෘත්තියේ යෙදිල සවස ගෙදර ගිහින් ස්වාමි පුරුෂයා සමග ඉන්න පුලුවන් කියලා. ඇය තමන්ගේ චරිතය රටේ සෑම කාන්තාවකටම ආරෝපණය කරන්න හදනවා. එවැනි තැනැත්තියක් ද්විත්ව පුරවැසි වුනත් නැතත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කිරීම පිළිබඳව පළමුවෙන්ම සජිත් ප්‍රේමදාස මහතා රටේ ජනතාවගෙන් සමාව ගන්න ඕනේ. දෙවනුව කතානායකවරයාටත් වගකීමක් තියෙනවා මන්ත්‍රීවරු මැතිවරණ කොමිසමට පක්ෂවලට සහ රටට බොරු කියලා තමාගේ පුරවැසිකම පිළිබඳ තොරතුරු වසංකිරීම පිළිබඳව සොයා බලන්න. අපි ලැජ්ජා වෙනවා මෙවැනි කාන්තාවන් ගැන කතා කරන්න සිදුවීම පිළිබඳව.”

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *