Press "Enter" to skip to content

Posts published by “Editor”

“කවුද කියන්නෙ රනිල් එන්නෙ නෑ කියලා”

රනිල් වික්‍රමසිංහ මහතාව මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොකරන කතාවක් එක්සත් ජාතික පක්ෂය තුළ කිසිසේත් නොමැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි. 

ඒ මහතා මේ බව පැවසුවේ එජාප මාධ්‍ය හමුවක් අමතමිනි. 

“කවුද කියන්නෙ එතුමා ඉදිරිපත් කරන්නෙ නැහැයි කියලා ? 2020 නියත ජයග්‍රහණය කරන්න පුළුවන්, ශක්තිමත් තැනට ගෙනියන්න පුළුවන්, බුද්ධිමත් වූ අපේ ජ්‍යේෂ්ඨ නායකත්වයට. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒක ගොඩනඟන බවට අපට දැඩි විස්වාසයක් තියෙනවා” යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය. 

සිංගප්පූරුවේ සිට ගෝඨා දිවයිනට

සිංගප්පූරු රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිට සුවය ලැබූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (23 දා) රාති‍්‍රයේ දිවයිනට පැමිණියේය.

සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්. කිව් 468 ගුවන් යානයෙන් පෙරේදා (23 දා) රාති‍්‍ර 11.30 ට පමණ ගෝඨාභය රාජපක්ෂ මහතා මවුබිමට පැමිණි අතර, ඒ අවස්ථාවේ ගුවන් තොටුපළේ විශේෂ ආරක්ෂාවක් ද සලසා තිබිණි.

හෘද සැත්කමක් සඳහා සිංගප්පූරුව බලා ගිය ගෝඨාභය රාජපක්ෂ මහතා එරට රෝහලක සති කිහිපයක් වෛi ප‍්‍රතිකාර ලැබීය.

විවේක සුවයෙන් පසුවන ඒ මහතා ලබන අගෝස්තු 11 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනයට සහභාගි වීමට නියමිත බව එම පක්ෂයේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.