Press "Enter" to skip to content

Posts published by “Editor”

අදත් කොවිඩ් ආසාදිතයින් 257ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 257 දෙනෙකු අද (07) දවසේ මේ වනවිට හඳුනාගෙන තිබේ.

 

එම සියලු ආසාදිතයින් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමීප ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ගෝඨාභය බැසිල්ගෙන් ආරක්‍ෂා කරමු – නලින් ද සිල්වා

මා නොවැදගත් මිනිසකු බව ඇත්ත. මා ලියන ලිපිවලින් සත පහක වැඩක් වෙන්නෙ නැති බවත් ඇත්ත. ඒ නිසා දිනපතා ලිපි නොලියන්නත් මා තීරණය කරගෙන හිටියා. ඒත් මා අද තීරණය කළා අනාගත ඉතිහාසඥයන්ගෙ (ජී සි මැන්දිස්ගේ ගෝලයන් නොවෙයි) දැන ගැනීම සඳහාවත් දිනපතා නැති වුවත් යම් යම් දේ ලියා තැබිය යුතු ය කියා. ඒ ලිපි ඉතා කෙටි වෙන්නත් පුළුවන්.

අද දි අයිලන්ඩ් පත්තරේ කළුතර දිස්ත්‍රික්ක මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කියල තිබුණ මැතිවරණයේ දි පොහොට්ටුව තනිව ඉල්ලුවොත් මන්ත්‍රීධුර 150ක් ලබා ගන්න පුළුවන් කියල. එය ඔහුගෙ පෞද්ගලික මතය බවත් කියල තිබුණ. ඒත් පෞද්ගලික මත කියන්න නෙළුම් මාවතේ පොහොට්ටුවෙ කාර්යාලයට යන්න ඕන නැහැ. ඒ සම්බන්ධයෙන් පොහොට්ටුවෙ සභාපති ජී එල් පීරිස්ගෙන් ඇහුව ම ඔහු කියා තිබුණෙ පක්‍ෂය ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නැති නමුත් පොහොට්ටුවෙ මන්ත්‍රීවරුන්ගෙන් වැඩි දෙනකුගෙ මතය එය බව. දී කිරට බළල්ලුත් සාක්‍ෂි කීවාළු.

මෙය බැසිල් රාජපක්‍ෂගෙ අදහසක් බව කියන්න පේන බලන්න ඕන නැහැ. මේක මුට්ටිය දැමීමක්. බැසිල්ටවත් ජී එල් පීරිස්ටවත් ජාතිකත්වයක් නැහැ. බැසිල් කියන්නෙ ගාමිණී දිසානායකගෙන් වැඩ ඉගෙන ගත්ත අයෙක්. ඔහුගෙ ශ්‍රී ල නි පක්‍ෂයට ඇති ඇල්මක් නැහැ. අද දයාසිරිගෙ ගිවිසුම් මොනව වුවත් පොහොට්ටවෙ ලොක්කන් ශ්‍රී ල නි පක්‍ෂයට විරුද්ධ ව වැඩ කරන බවක් පේනවා. ශ්‍රී ල නි පක්‍ෂය තමයි තවමත් ජාතිකත්වයෙ ප්‍රධාන පක්‍ෂය.

ශ්‍රී ල නි පක්‍ෂය යහපාලනයට යෑමෙන් වරදක් කළා. ඒත් මෛත්‍රිපාල යහපාලනයට යැවුවෙ බැසිල්. ඒ බව එස් බීලාත් දන්නවා. මෛත්‍රිපාල ආප්ප කාලා ගියා නොවෙයි. ඊට දින කිහිපයකට උඩ දි එස් බීලාත් දැන හිටියා මෛත්‍රිපාල යන බව. එත් අද එස් බී ඒ බව කියන එකක් නැහැ. බැසිල්ගෙ ක්‍රියා කලාපය හා අරමුණ තේරුම් නොගත්තොත් ගෝඨාභය අමාරුවෙ වැටෙනවා. මා මේ කරුණු කියන්නෙ ආණ්ඩුව අමාරුවෙ දාන්නවත් භේද ඇති කරන්නවත් නොවෙයි. නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ කඩා නොදැම්මොත් වෙන විපත ගැන අවබෝධයක් තියෙන නිසා.

ඇමති ධුර බෙදීමේදීත් ශ්‍රී ල නි පක්‍ෂයට වරදක් වුනා. හතරක්වත් දිය යුතු තැන දෙකයි ලැබුණෙ. රාජ්‍ය ඇමති කියල තනතුරු ව්‍යවස්ථාවෙ නැහැ. ඇත්තෙ නියෝජ්‍ය ඇමති ධුර. නියෝජ්‍ය ඇමති ධුර දීමෙදිවත් ඒ වරද හරි ගස්සන්න ඕන. ගිවිසුම අනුව 32%ක් ශ්‍රී ල නි පක්‍ෂයට හිමි වෙන්න ඕන. පොහොට්ටුවට පනහක් දෙන විට ශ්‍රී ල නි පක්‍ෂයට තිස්දෙකක් දෙන්න ඕන. ඇමති ධුර ඇත්තෙ දහසය නිසා හරියට ගණන් බලන්න බැරි බව මට තේරෙනවා.

ඒත් මැතිවරණයෙදි තරග කරන්න තීරණය කරලා තියෙන්නෙ පුටුවෙන් මිස පොහොට්ටුවෙන් නොවෙයි. දැන් බැසිල් රෝහිත කියන මුට්ටිය දාලා බලන්නෙ ගිවිසුම මොනව වුනත් පොහොට්ටුවෙන් තරග කරන්න. බැසිල්ට අනාගත ජනාධිපතිධුර අපේක්‍ෂාවක් ඇති. ඒ නිසා ගෝඨාභය යවා පොහොට්ටුව ශක්තිමත් කරන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්. ඔහුට අද හොඳ ම තැන එ ජා පක්‍ෂය කියල මා හිතන්නෙ. එහි නායකත්ව අර්බුදයක් තියෙනවා. ගිහින් එතන නායකයා වෙලා ජනාධිපති වෙන්න, ශ්‍රී ල නි පක්‍ෂය සමග ඇති කරගත් ගිවිසුම් කඩල ගෝඨාභයවත් අමාරුවෙ දාන්නෙ නැතිව.

බැසිල් ගෝඨාභයගෙ ජනාධිපතිධුර අපේක්‍ෂකත්වයට විරුද්ධ ව හිටියෙ. ඒත් පස්සෙ කපන්න බැරි අත ඉම්බ. ඒ සඳහා ප්‍රකාශත් කළා. දිනන්න නම් ශ්‍රී ල නි ප සමග එකතු වෙන්න ඕන කියලත් කිව්ව. ඒ ප්‍රකාශය හොඳයි. හිතන්න එපා ගෝඨාභයට 52.25%ක් ලැබුණෙ පොහොට්ටුව හින්ද කියල. මා මුල ඉඳන් කිවුවෙ ගෝඨාභය වෙනින් ලකුණකින්, වෙනින් පක්‍ෂයකින් ඉදිරිපත් වුනා නම් හොඳය කියල. පස්සෙ සියල්ලන් ම තීරණය කළා පොහොට්ටුවෙන් තරග කරන්න. ඒත් හිතන්න එපා මා ඡන්දය දුන්නෙ පොහොට්ටූවට කියා. මා ඡන්දය දුන්නෙ ගෝඨාභයට මිස පොහොට්ටුවකට නොවෙයි. මා හිතන්නෙ එලෙස ඡන්දය දීපු අය තවත් ඉන්නව කියා.

මැතිවරණයෙදි අපේක්‍ෂකයන් තුන්සිය දෙනකු ඉදිරිපත් කරනවා නම් ඉන් පොහොට්ටුවට ලැබෙන්න ඕන එකසිය පනස්දෙනකු පමණයි. ශ්‍රී ල නි පක්‍ෂයට අනූහය දෙනකු ලැබෙන්න ඕන. ජී එල් පීරිස්ට මේ ගිවිසුම් කඩන්න බැහැ. ගිවිසුම් අත්සන් කෙරුවෙ ගෝඨාභයගෙ නායකත්වයෙන්. පුටුවෙ නායකයා ගෝඨාභය. බැසිල්ට අවශ්‍ය පොහොට්ටුවෙන් තරග කරල ගෝඨාභයගෙ නායකත්වය නැති කරන්න ද?

ගිවිසුම කැඩුවෙත් සිද්ධ වෙන්න ගෝඨාභයගෙ ආණ්ඩුව දුර්වල කිරීමක්. බැසිල්ටයි ජී එල්ටයි ඕන ගෝඨාභය ඉක්මණින් ගෙදර යවන්න ද? මැතිවරණයක දි දිනේෂ් විමල් ගම්මන්පිල වාසුදේව වැන්නන් ඉදිරිපත් වෙන්න ඕන පොහොට්ටුවෙන් ද? මතක තියා ගන්න මහින්ද සුළඟ එහෙමත් නැත්නම් ගෝඨා සුළඟ ආරම්භ කෙළෙ බැසිල් නොවන බව.

අද කියන්න තියෙන්නෙ එක කරුණක් පමණයි. ගෝඨාභය බැසිල්ගෙන් ආරක්‍ෂා කර ගනිමු. මේ කියමනට පොහොට්ටුවෙ අනුගාමිකයන් විරුද්ධ වේවි. මට එය ප්‍රශ්නයක් නොවෙයි. මා බැසිල්ගෙන්වත් ගෝඨාභයගෙන්වත් කිසිවක් බලාපොරෙත්තු වන්නෙ නැහැ. මට අවශ්‍ය මේ අවස්ථාවෙ ගෝඨාභය හා ආණ්ඩුව ආරක්‍ෂා කිරීම පමණයි.

දිවයිනට මහ වැසි… දිස්ත්‍රික්ක 3 කට නාය යෑමේ අනතුරු ඇඟවීම්…

දිවයිනට බලපා ඇති තද වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් පුද්ගලයින් 2000 කට අධික පිරිසක් පීඩාවට පත් ව සිටි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ඉන් අවතැන් වූ පුද්ගලයින් 643 දෙනෙකු සහන කඳවුරු 3 ක රඳවා ඇති බවයි.

වර්ෂාවත් සමග ජලාශ රැසක් වාන් දමන බව ද ඔහු සඳහන් කළේ ය. මේ හේතුවෙන් ප්‍රදේශ රැසක මාර්ග අවහිර වීම් වාර්තා වන බව ද ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ය. මේ අතර අධික වර්ෂාවත් සමග වලපනේ, උඩපත්තවෙල ප්‍රදේශයේදී නිවසක් මතට පස් කන්දක් කඩා වැටී තිබේ.නුවරඑළිය දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ, එහි පදිංචිව සිටි පුද්ගලයින් සිව්දෙනා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා නොවන බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ එම පුද්ගලයින් නිවසේ සිටියේ ද නැද්ද යන්න පිළිබඳ මෙතෙක් තහවුරු වී නැත. ඔවුන් සම්බන්ධයෙන් අද උදෑසන සිට සොයා බලමින් සිටින බව ඔහු පැවසුවේ ය. අධික වර්ෂාවත් සමග බදුල්ල – පස්සර මාර්ගයේ හතේ කණුව ප්‍රදේශයේ ද නාය යෑමක් සිදුව තිබේ. බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය සඳහන් කළේ, මේ වනවිට එම මාර්ගය වසා දමා ඒ ආසන්නයේ පදිංචි පවුල් 10 ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති බවයි.

මේ අතර අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 3 කට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, බදුල්ල, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට එම නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි. ඊයේ රාත්‍රියේ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රදේශයෙන් වාර්තා විය. එම අගය මිලිමීටර් 200 ඉක්මවනු ඇත.

ඊට අමතරව කොළඹට මිලිමීටර් 140 ක්, මූලටියනට මිලිමීටර් 138 ක්, කුරුණෑගලට මිලිමීටර් 120 ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර මහත්මිය සඳහන් කළේ, අදත් ප්‍රදේශ රැසකට තද වැසි අපේක්ෂා කරන බවයි.

නිල නිවාස හා නිල වාහන යළි භාර නොදුන් ඇමතිලාට උපදෙස්

මෙතෙක් නිල නිවාස හා නිල වාහන ලබා නොදුන් හිටපු අමාත්‍යවරුන්ට ඒවා කඩිනමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට භාර දෙන ලෙස අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, එහි ප්‍රගතිය සම්බන්ධයෙන් හෙට දිනයේ විමසා බලන බවයි.

නව අමාත්‍යවරුන්ට හා රාජ්‍ය අමාත්‍යවරුන්ට කඩිනමින් ඔවුන්ට හිමි නිල නිවාස ලබාදීමට පියවර ගන්නා බව ද රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් සභා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවේ ය.

රටට හිතකර නායකයන් බිහිකර ගැනීමට මහා සංඝරත්නය ඉදිරියේදීත් කැපවිය යුතුයි – කුඹුක්කන්වෙල රේවත හිමි

වර්තමානයේ සිදුකලාක් මෙන් රටට හිතකර නායකයින් ඉදිරියේදීත් බිහික ගැනීමට මහා සංඝරත්නය කැපවිය යුතු බව කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය කුඹුක්කන්වෙල රේවත හිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව සදහන් කළේ පුලතිසිපුර ඒකාබද්ධ භික්ෂු පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් සංඝ සමුළුව අමතමිනි

පූජ්‍ය පක්ෂය දේශපාලන වේදිකාවට ගොඩවීම රටට කරන විනාශයක් – කාදිනල් හිමි

දේශපාලන නායකයින් තෝරා ගැනීමේදී ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

රුහුණු විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය සඳහා සහභාගී වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේය.

එහිදී උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ රටට අවශ්‍ය යුක්තිය, සාධාරණය, ප්‍රගතිය ලබා දිය හැකි දේශපාලන නායකයින් තෝරා පත් කර ගත යුතු බවයි.

එසේම පූජ්‍ය පක්ෂය දේශපාලන වේදිකාවන්වලට ගොඩවීම වෙනුවට දේශපාලන වේදිකාවෙන් පිටත සිට රටට නායකත්වය ලබා දිය යුතු බවත් පූජ්‍ය පක්ෂය දේශපාලන වේදිකාවට ගොඩවීමෙන් රටට අත් කරදෙන්නේ විශාල විනාශයක් බවත් කාදිනල් රංජිත් හිමිපාණන් පවසා සිටියේය.

ඉන්දීය සංචාරය නිමා කරමින් ජනපති යළි දිවයිනට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දෙදින ඉන්දීය නිල සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණ ඇත.

ඒ මහතා සමඟ දූත පිරිස ඊයේ රාත්‍රී 9.45 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

කාල්ටන් පෙර පාසල් වාර්ෂික උත්සවය අගමැතිගේ ප්‍රධානත්වයෙන් (ඡායාරූප)

කාල්ටන් පෙර පාසල් වාර්ෂික උත්සවය ඊයේ (30) පස්වරුවේ බිෂොප් විද්‍යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විය.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ද සහභාගී විය.

මගේ නිල කාලය ඉවරනිසා සමහර අය හිතාගෙන ඉන්නවා මම ඉවරයි කියලා – හිටපු ජනාධිපති

“මගේ නිල  කාලය ඉවරනිසා සමහරඅය හිතාගෙන ඉන්නවා මම ඉවරයි කියලා. නෑ. මම දේශපාලනයේ නැවත උපදිනවා”යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(30) පොලොන්නරුවේදී ප්‍රකාශ කලේය.

හිටපු ජනාධිපතිවරයාගෙන් ඉටුවූ මෙහෙවර අගැයීම වෙනුවෙන් පොලොන්නරුව පුලතිසි බුද්ධිමණ්ඩපයේ පැවැති මෛත්‍රී ප්‍රසාද ප්‍රණාම උළෙල අමතමින් ඒ මහතා මේ බව කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවැසීය. “සමහර අය මට තේරෙනවා මට පේනවා දැනුත් කියන කරන දේවල්වලින්. ඒ අය හිතාගෙන ඉන්නවා මගේ නිල කාලය ඉවර නිසා මම ඉවරයි කියලා. නැහැ මම දේශපාලනයේ නැවත උපදිනවා. මගේ පණකෙන්ද තියෙනකම්, අවසන් හුස්ම යනකම් මිනිස්සුන්ටත්, රටටත් මම සේවය කරනවා. ඒක නවත්වන්න කාටවත් බෑ”යැයිද කීවේය.

එකම කඳවුරක පුහුණුව ලැබූ මිතුරන්ගේ දේශපාලන හමුව (ඡායාරූප සමගින්)

හමුදාවේ මාණ්ඩලික නිලධාරියෙකු ලෙස ඉන්දියාවේ පුහුණුව ලබන අවස්ථාවේ එකම කඳවුරේ පුහුණුව ලැබූ මිතුරන් දෙදෙනෙකු දේශපාලන මිතුරන් ලෙස අද යළි හමු වුණා. ඒ දේශපාලන තොරතුරු පිළිබඳ කතා කිරීමට නම් නොවේ.

එක් අයෙකු අද ශ්‍රී ලංකාවේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. අනිත් තැනැත්තා ඉන්දියාවේ රාජ්‍ය ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය ආචාර්ය ජෙනරල් වී.කේ. සිං :(VK Singh)   මැතිතුමා.
මේ හමුවට ඔවුන් දෙදෙනා සමඟ පුහුණුව ලැබූ අද විශ්‍රාමව සිටින තවත් හමුදා නිලධාරින් 15 දෙනෙකු පමණ එක්ව සිටියා. එය බොහෝ සුහදශීලි අතීතය ස්මර්ණය කරන පිළිසඳරක් බවට පත් වුණා.

මේ අතරින් බොහෝ දෙනෙක් ඉන්දිය සාම සාධක හමුදාවේ නිලධාරින් ලෙස ශ්‍රී ලංකාවේ සේවයේ නිරතව සිටි අය. ඒ අතීතයත්, අමතක නොවන සිදුවීමුත් මේ කතා බහට ඇතුළත් වුණා. ඔවුන් වෙන් වෙලා ගියේ පරණ අතීතය විසින් නැවත එක් කළ අලුත් මිතුරන් පිරිසක් ලෙසින්.

මෙහි වැදගත් කාරණය වන්නේ මෙම අතීත මිතුදම තුළින් යළි ගොඩනැගුණේ දෙරටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ දැවැන්ත පවුර වීමයි.