Press "Enter" to skip to content

Posts published by “Kubiya”

වලපනේ නායයෑමට හේතු වූ ගල් කොරියේ බලපත්‍රය අහෝසියි

වලපනේ මලපට්ටාව ප්‍රදේශයේ නායයෑමට හේතු වූ බව පැවසෙන ගල් කොරියේ බලපත්‍රය තාවකාලිකව අවලංගු කර තිබේ.

ඒ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාගේ මැදිහත්වීමෙනි, ඔහු සදහන් කරන්නේ  නායයෑමට ආසන්නයේ ඇති මෙම ගල්කොරිය සම්බන්ධයෙන් අති විශාල මහජන විරෝධයක් එල්ල වී ඇති බවයි.

මෙම ජනතා විරෝධය වරින් වර ඇති වු බවත් ඒ සෑම අවස්ථාවක දීම භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට,ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයට හා මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දී පසුව නායයෑම් සඳහා මෙම ගල්කොරියේ කිසිදු සම්බන්ධයක් නොමැති බව අගෝස්තු මාසයේ දී දැනුම් දී තිබු බවත් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා මෙහිදී පැවසීය.

ඒ අනුව භූ විද්‍යා හා පතල් කාර්යංශයෙන් මෙය සිදු කිරීමට අවසර ලබා දුන් බවත් පැවසු ඒ මහතා මහජන විරෝධය හා නායයෑම හේතුවෙන් නැවත ඉල්ලීමක් කර මෙය වහාම අත්හිටුවන ලෙස පැවසු බවත් කියා සිටියේය.

පසුව මේ ගැන අධි තාක්ෂණික උපකරණ යොදා ගෙන පරීක්ෂණයක් කර යම් තීරණයක් ලබා ගන්නා තුරු මෙය තාවකාලිකව අත්හිටවු බවත් දිස්ත්‍රික් ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

තම ඉල්ලීම මත භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය විසින් මෙම තීර්ණය ගෙන ඇති බවද පැවසු ඒ මහතා, අද උදෑසන 11 ට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත් වෙන බවත් පසුව මෙම ගල්කොරිය දිගටම අත්හිටුවන වාද නැතිනම් පරීක්ෂණයක් සිදු කරනවා ද යන්න පිළිබඳ අවසන් තීරණය ගනු ලබන බවත් කියා සිටියේය

මහේන්ද්‍රන් ලංකාවට එවන කටයුතු අවසන් අධියරේ… සිංගප්පූරු රජය ලිපි ලේඛන අධ්‍යයනයක

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය මඟින් යොමුකරන ලද ලිපි ලේඛන සිංගප්පූරු  නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධ්‍යයනය කරමින් සිටින බව නීතිපතිවරයා අද(04) කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට දැනුම් දුන්නේය.

මෙම නඩුව අද සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් දැනට අධිකරණය මගහැර විදේශගතව සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා උදර්පණ නීතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඊට අදාළ ලිපි ලේඛන නීතිපති දෙපාර්තමේන්තුව විසින් සිංගප්පූරු රජය වෙත යොමුකළ බව දන්වා සිටියේය.

එම ලේඛන සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධ්‍යයනය කරමින් සිටින බවත් ලේඛන රැසක් පවතින හෙයින්  වැඩිදුරටත් අධ්‍යයනය කිරීම  සඳහා කාලය අවශ්‍ය බව සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා රජයට දන්වා තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දී සිටියේය.

මෛත්‍රී ඉදිරි මාස තුනේ පාර්ලිමේන්තු එන්නේ නෑ…

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මාස තුනක කාලයේදී පාර්ලිමේන්තුවට නොපැමිණෙනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. එසේම හිටපු ජනපතිවරයා එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

“මේ මාස තුනේදී පාර්ලිමේන්තුවට එන්නේ නැතිවෙයි. පක්ෂ නායකයා ලෙස ඉදිරියට ගෙන යෑම අපිටත් ශක්තියත්. දූෂණවලින් තොර නායකයෙක් ලෙස ඔහු ඉදිරියට කරාවි”

සාපෙළ විභාගයට පෙනී සිටීමට යමින්සිටි දැරියක් සර්පයකු දෂ්ඨ කිරීම හේතුවෙන් රෝහලේ

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සදහා සිය නිවසේ සිට කැළැබද මාර්ගයක් ඔස්සේ විභාග මධ්‍යස්ථානයට යමින් සිටි පාසල් ශිෂ්‍යාවක් සර්පයකු දෂ්ඨ කිරීම හේතුවෙන් අද උදෑසන රෝහල් ගතකර ඇත.

මහිංයගය අධ්‍යාපන කලාපයට අයත් අරාව විද්‍යාලයේ පිහිටි විභාග මධ්‍යස්ථානයේ විභාගයට පෙනිසිටි ශිෂ්‍යාවක් මෙලෙස මීගහකිවුල රෝහලට ඇතුලත්කර ඇත.

ශිෂ්‍යාවගේ තත්වය බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයකු අප සමග පැවසීය.

නව නිපැයුම් තරගයකින් ප්‍රබල රටවල් 14කට අභියෝග කරමින් අපේ පොඩ්ඩෙක් රිදී පදක්කමක් දිනා ගනියි

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර නව නිපැයුම් තරගාවලියට ශ්‍රී ලංකා පාසල් කාණ්ඩය නියෝජනය කරමින් ඉදිරිපත් වූ සිසුවෙක් එම තරගාවලියේදී රිදී පදක්කමක් හිමිකර ගැනීමට සමත්විය.

කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ 9 වැනි වසරේ ඉගෙනුව ලබන නිම්දිය ගම්මන්පිල සිසුවා ඉදිරිපත් කළ වැහි පිහිලි වල ජලය ඉවත් කරන උපකරණයකට මෙසේ රිදී පදක්කම හිමිවිය.

මේ තරගය සඳහා මැලේසියාව, තායිලන්තය, විට්නාමය, පිලිපීනය, චීනය, දකුණු කොරියාව, ජපානය, ඊජිප්තුව, ඉන්දියාව, පෝලන්තය, සෞදි අරාබියාව, ක්‍රොඒෂියාව, කැනඩාව හා ඇමෙරිකාව යන වටවල්වලින් නව නිර්මාණ 250ක් පමණ ඉදිරිපත් කර තිබුණි.

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම වාර්ෂිකව සංවිධානය කරනු ලබන සහසක් නිමැවුම් ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනයේ දී තාක්ෂණික ක්ෂේත්‍ර මට්ටමේ විශිෂ්ට දක්ෂතා දැක් වූ යොවුන් නව නිපැයුම්කරුවන්ට ඉන්දුනීසියාවේ පැවැති මෙම තරගාවලියට එක්වීමට අවස්තාව හිමිවිය.

මෙම නිර්මාණයට අමතරව නිම්දිය විසින් ජල සංරක්ෂණ වගා බඳුන, සිමෙන්ති වයරින් බ්ලොක් ගඩොලය ඇතුළු නව නිර්මාණ කිහිපයක්ද නිම්දිය විසින් නිර්මාණය කර තිබේ.

වෙඩි නොවදින රථයක්, පොලිසිය දෙසීයක්, හමුදාවේ දාහතක් රනිල් මහින්දගෙන් ඉල්ලයි

විශ්‍රාම යන අග්‍රාමාත්‍යවරයෙකු ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමි විය යුතු සියලු වරප්‍රසාද ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපි දෙකක් යොමුකර තිබෙන බව වාර්තා වේ.

වෙඩි නොවදින මෝටර් රථයක් අග්‍රාමාත්‍ය කාර්යාලයට අයත්වාහන අටක් පොලිසියේ දෙසීයක් ගිලන් රථයක් වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් දාහත් දෙනෙකු ජේෂ්ඨ පොලිස් අධිකාරි වරයෙකුගේ ප්‍රධානත්වයෙන් පොලිස් නිලධාරීන්  ලබාදෙන ලෙස හිටපු අග්‍රාමාත්‍යවරයා මෙම ලිපිය මගින් ඉල්ලා තිබේ.

ඊට අමතරව නිවසක් කාර්යාල පරිශ්‍රයක් ලේකම්වරයෙක් අනෙකුත් වරප්‍රසාද ද ලබා දෙන ලෙසද ඉල්ලා තිබේ. මෙම ඉල්ලීම අමාත්‍ය මණ්ඩලයට යොමු කර අනුමැතිය ලබාගෙන ඉදිරි කටයුතු කරන ලෙසද හිටපු අග්‍රාමාත්‍යවරයා ඉල්ලා තිබෙන බව වාර්තා වේ.

රංජිත්ගෙන් හිස් වූ අසුන එජාපයට හිමිවන ලකුණු? මනාප ලැයිස්තුවේ 7 වැනියා එජාපයට ගිය වරුණ ලියනගේ

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ අභාවයෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා සුදුසුකම් ලබා සිටින වරුණ ලියනගේ මහතාට එම අවස්ථාව ලබා දීම පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් පැන නැගී තිබේ.

ඒ වරුණ ලියනගේ මහතා මේ වන විට එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වී සිටින නිසාය. 

2015 අගෝස්තු 17 වැනිදා පැවති මහ මැතිවරණයේදී වරුණ ලියනගේ මහතා එජනිසයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ කොට මනාප ලැයිස්තුවේ 07 වැනි තැනට තේරී පත් විය. ‍

කෙසේ වෙතත් එම මන්ත්‍රී දුරය හිමිවිය යුත්තේ මනාප ලයිස්තුවේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීධුර සංඛ්‍යාවට පහළින් මනාප ලබාගත් අයට බව දේශපාලන විචාරකයෝ පවසති.

කටුනායකදී ගෝඨා ඝාතන තැතක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හෝ පවුලේ සාමාජිකයින්ට ජීවිතවලට අනතුරක් කළහොත් විශාල මුදලක් සමග විදේශගත වීමේ අවස්ථාවක් උදාකර ගත හැකි බව කියමින් තවත් පිරිසක් සමඟ කුමන්ත්‍රණය කළේ යයි චෝදනාව මත කටුනායක ප්‍රදේශයේදී පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වාලච්චේන පදිංචි මොහොමඩ් රිෆ්කාන් ඇතුළු පිරිසක් කටුනායක පොලිසියේ අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මේ තොරතුරු හෙළි වී ඇත.

සජිත් හෙට සිට වැඩ?

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතා හෙට (05දා) සිට යළිත් දේශපාලන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා කොළඹ 02, වොක්ෂෝල් වීදියේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලට අද (04දා) පැමිණ ඔහුට හිතවත් පිරිස් හමුවීමට සැලසුම් කර ඇත.

හෙට සිට දිවයින පුරා පිහිටි විහාරස්ථානවල ආගමික කටයුතුවලට සම්බන්ධ වීමටත්, මහජනතාව හමුවීමටත් සජිත් ප්‍රේමදාස මහතා කටයුතු යොදා තිබෙන බවද එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුට හිතවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පෙරේදා දිනයේදී හමු වී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත්, අද දිනයේදීද එම කණ්ඩායම යළිත් හමු වී සාකච්ඡා කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය හා විපක්‍ෂනායක ධුරය සම්බන්ධව එ.ජා.ප.යේ නායකයන් ඉදිරි දින කිහිපයේදී තීරණයක් ගනු ඇතැයි විශ්වාස කරන බවත්, රනිල් වික්‍රමසිංහ මහතා පක්‍ෂයේ අනුශාසකවරයා ලෙස සිටියදී සජිත් ප්‍රේමදාස මහතාට පක්‍ෂ නායකත්වය හා විපක්‍ෂනායක ධුරය ලබාදිය යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

නිවාස 4ක් මතට තාප්පයක් කඩා වැටී අනතුරක්-ළමුන් ඇතුළු 17ක් ජීවිතක්ෂයට

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තාප්පයක් කඩාවැටීමෙන් පුද්ගලයන් 17දෙනෙක් ජීවිතක්ෂයට පත්විය.

ඒ අනුව අයහපත් කාලගුණයෙන් තමිල්නාඩුවේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 25දෙනෙකු  දක්වා ඉහළ ගොස් තිබේ.

තමිල්නාඩු ප්‍රාන්තයට මේ දිනවල බලපා ඇති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් කොයිම්බතූර්හි තාප්පයක් කඩාවැටී තිබේ.

ඉන් නිවාස හතරකට දැඩි හානි සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

අනතුරින් පුද්ගලයන් 17දෙනෙකුට දිවි අහිමිවී තිබේ.

මියගිය පිරිස අතර ළමුන් කිහිපදෙනෙකුද සිටින බවයි විදෙස් වාර්තා පවසයි.

සිදුවීමෙන් විපතට පත්වූ පවුල්වල ඥාතීන් වෙත තමිල්නාඩු ප්‍රාන්ත රජය ඉන්දීය රුපියල් ලක්ෂ හතර බැගින් වන්දි මුදල් ප්‍රදානය කර තිබේ.

මේ අතර විදෙස් වාර්තා පවසන්නේ වැසි සමයේදී ඉන්දියාවෙන් මෙවැනි අනතුරු බහුලව වාර්තා වන බවයි.

ඉදිකිරීම් නිසි ප්‍රමිතියට අනුව නොතිබීම හා නඩත්තු කටයුතුවල ඇති දුර්වලතා එවැනි අනතුරු බහුල වීමට හේතුවී තිබේ.

මේ සමඟ අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය දින 4 තුළ තමිල්නාඩුවේ සිදුවූ මරණ සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම ඉන් නිවාස පන්සීයකට පමණ දැඩි ලෙස හානි සිදුව ඇති අතර අවතැන්ව සිටින පුද්ගලයන් ගණන දහසකට අධිකයි.