Press "Enter" to skip to content

Posts published by “Kubiya”

අජිත් ප්‍රසන්න උපවාසය අත්හරී

මීට ස්වල්ප වේලාවකට පෙර මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ අජිත් ප්‍රසන්න මහතා ශ්‍රී ලංකාවේ ස්විස් තානාපති කාර්යාලය ඉදිරිපිට ආරම්භ කර තිබූ උපවාසය මේ වන විට අවසන් කර ඇති බව වාර්තා වේ. පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඇතුළු පිරිසක් අජිත් ප්‍රසන්න මහතා අසලට ගොස් මෙම උපවාසය අත්හරින ලෙස ඉල්ලා තිබේ.

ඉන් අනතුරුව මෙම උපවාසය අවසන් වී ඇත. ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියකට තර්ජනය එල්ල වූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ සිදුකරන ලෙසත් ඒ සඳහා කට උත්තරලබා දීමට කටයුතු කරන ලෙසත් සදහා කරමින් අජිත් ප්‍රසන්න මහතා මෙම උපවාසය ආරම්භ කළේ පැහැර ගත්තෙ යැයි කියන තානාපති කාර්යාලයේ නිලධාරීන්ට වහාම කට උත්තරයක් ලබා දෙන ලෙස ඉල්ලමිනි.

අජිත් ප්‍රසන්න ගේ උපවාසය අතරතුර ස්විස් තානාපති කාර්යාලයට විශාල පිරිසක් (වීඩියෝ)

මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතාගේ උපවාසය අතරතුර ශ්‍රී ලංකාවේ පිහිටි වෙනත් තානාපති කාර්යාල වල විශාල පිරිසක් ස්විස් තානාපති කාර්යාලයට පැමිණෙමින් සිටින බව වාර්තා වේ.

අජිත් ප්‍රසන්න මභතා මෙම උපවාසය ආරම්භ කර ඇත්තේ පැහැර ගැනීමක් සිදු වූ බව කියන තානාපති කාර්යාලයේ නිලධාරියකු කට උත්තරයක් ලබා ගැනීමට පොලීසිය ක්‍රියා කළ යුතු බව සඳහන් කරමිනි. පැහැර ගත්තේයැයි කියන කාන්තාව කටඋත්තර ලබාගැනීම සඳහා පොලීසියට යොමුකරන ලෙසට ද අජිත් ප්‍රසන්න මහතා ශ්‍රී ලංකාවේ ස්විස් තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කරයි.

මේ වනවිටත් අජිත් ප්‍රසන්න මහතා ස්විස්තානාපති කාර්යාලය ඉදිරියේ උපවාසයේ නිරත වෙමින් සිටී

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලයට

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කොට නව සැසිවාරය ආරම්භ කිරීමේ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත මීට ස්වල්ප වෙලාවකට පෙර ලැබුණු බව එහි ආරංචි මාර්ගවලින් වාර්තා වේ’

කටුනායක ජනාධිපති රුව ජනාධිපති ඉවත් කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට සුබපතා කටුනායක ඉදිකර තිබූ තොරණ අද(02) ජනාධිපතිවරයාගේ නියෝගයෙන් ඉවත් කෙරුණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට සුබපතා කටුනායක ගුවන්තොටුපළ පිවිසුම් මාර්ගයේ තොරණක් ඉදිකර තිබුණි.

ඉන්දිය රාජ්‍ය සංචාරය නිමවා කටුනායක ගුවන්තොටුපලින් යළි දිවයිනට පැමිණ ජනාධිපතිවරයා විසින් එය වහාම ඉවත් කරන ලෙස දැනුම්දී තිබේ.

එම තොරණ අද ඉවත්කෙරුණේ ඒ අනුවයි.

රාජිතගේ සුදු වෑන් – කිඹුල් මාධ්‍ය හමුව ගැන සී.අයි.ඩී. පරීක්ෂණ ඇරඹෙයි

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැත්වූ සුදු වෑන් – කිඹුල් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.

මෙම තැනැත්තන් විසින් අදාළ මාධ්‍ය සාකච්ඡාව පවත්වමින් මිනීමැරීම, පැහැරගෙන යාම, වද හිංසා පැමිණවීම, අතුරුදන් කිරීම, අයුතු සිරකර තැබීම, සොරකම් කිරීම, තොරතුරු ඕනෑකමින් දැනුම් නොදීම, සැකකරුවන්ට නවාතැන් දීම, ආදී වශයෙන් කරන ලද අනාවරණයන් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක 3 ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර විමලසිරි මහතා අධිකරණය වෙත එලෙස කරුණු වාර්තා කර ඇත

ස්ථාවර පාර්ලිමේන්තුවක් සදහා සියල්ලන් එක්වූ පොදු සන්ධානයකින් මහ මැතිවරණයට – අමාත්‍ය විමල් වීරවංශ (වීඩියෝ)

ස්ථාවර පාර්ලිමේන්තුවක් සැදීමටනම් ඉදිරි මහ මැතිවරණයේදී සියල්ලන් එක්වූ පොදු සන්ධානයකින් තරග කිරීම ඉතා වැදගත් බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන,කර්මාන්ත සහ සැපයුම් කළමණාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. 

අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කළේ අද(02) මහනුවරදී මාධ්‍ය අමතමින්ය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන හා කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගත්තේය. 

අනතුරුව මල්වතු මහා විහාරය වෙත පැමිණි අමාත්‍යවරයා එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නා හිමියන් බැහැදුටුවේය.

අනතුරුව විමල් වීරවංශ අමාත්‍යවරයා අස්ගිරි පාර්ශ්වයේ මහානායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

පසුව අමාත්‍යවරයා පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැදැකීමට ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානය වෙත පැමිණියේය. 

එහිදී මාධ්‍යෙව්දීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍යවරයා

ප්‍රශ්නය- මහමැතිවරණයට කොයි ආකාරයෙන්ද ඉදිරිපත්වෙන්නෙ ? මේ වගේම සන්ධානගතවද ? පොහොට්ටුවෙන්ද ?

අමාත්‍ය විමල් වීරවංශ:- එකඟතාවය ආරක්ෂා කළ යුතුයි. දෙමළ, මුස්ලිම් ජනතාව. අවබෝධ කරගනිමින් ඉන්නවා. ඔවුන්ව රැවටූ බවට. මහමැතිවරණයේදී ඔවුන් අත්වැල් බැඳගනී

ප්‍රශ්නය:- පසුගිය රජය සමයේ දිගින් දිගටම මූල්‍ය වංචා සිදුවුණා. ඒවගේම වංචා දූෂණ සිදුවුණා, පරිසර විනාශ කිරීම් බරපතළ ආකාරයෙන් සිදුවුණා. නමුත් දැන් මේ වනවිට ඒ සම්බන්ධයෙන් කවුරුත් කතාකරන්නෙ නැහැ. 

අමාත්‍ය විමල් වීරවංශ:- මේක වැඩ කරන ආණ්ඩුවක්. ජනපති වැඩභාරගෙන ටික කාලයයි. ඒ කාලයේදී කරපු වැඩ රටම දන්නවා තාම එකපාරයි කැබිනට් මණ්ඩලය රැස්වුණේ. මැරතන් එකක් දුවන්න බලන් ඉන්නෙ

ප්‍රශ්නය:- උතුරු නැගෙනහිරටත් කර්මාන්ත ගෙනයාමේ වැඩපිළිවෙළක් අරඹනවාද ?

අමාත්‍ය විමල් වීරවංශ:- වාලච්චේන කඩදාසි කම්හල ආරම්භ කරනවා. උතුරු නැගෙනහිර අකර්මණ්‍ය රජයේ කර්මාන්ත. මහමැතිවරණයට පෙර ආරම්භ කරනවා“

අම්බලන්ගොඩ රිය අනතුරකින් 4ක් මරුට- 2ක් රෝහලේ

අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයේදී අද(02) ත්‍රිරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් සිව්දෙනෙකු මියගොස්, තවත්බ දෙදෙනෙකු බරපතල තුවාල  ලබා ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය කියයි.

හික්කඩුව සිට පැමිණි ත්‍රිරෝද රථ, කොළඹ  සිට මාතර බලා ධාවනය වූ බසයෙහි ගැටී මෙම අනතුර සිදුව තිබේ. බස් රථය අධික වේගයෙන් පැමිණීම හේතුවෙන් අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.

අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් තිදෙනෙකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. ත්‍රිරෝද රථයේ රියැදුරු ඇතුළු පුද්ගලයන් හයදෙනෙකු ගමන් කර ඇති බවද රියදුරු, ඔහුගේ බිරිඳ සහ දියණිය තුවාල ලබා ඇතැයිද අනාවරණය වී ඇත.
 
අනතුරට ලක්වූ ත්‍රි රෝද රථයේ ගමන් ගත් පිරිස බලපිටිය වලගෙදර පදිංචිකරුවෝ වෙති.

කැනඩාවේ මහකොමසාරිස් හා චින විශේෂිත නියෝජිත ජනපති හමුවෙයි

ශ‍්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ඬේවිඞ් මැකිනොන් මහතා  අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  හමු විය.

මෙහිදී  ජනාධිපතිතුමා මහකොමසාරිස්වරයා සමග  සුහද කතාබහක නිරත වූ අතර මහකොමසාරිස්වරයා කැනඩා රජය වෙනුවෙන් සිය සුභාශීංසන ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

මේ අතර චීන ජනරජයේ රාජ්‍ය මණ්ඩලයේ විශේෂ නියෝජිතයෙකු මෙන්ම චින විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු කරනු ලබන ශ‍්‍රී ලංකාවේ හිටපු චීන තානාපති  Wu Jianghao  මහතා ද ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  හමුවිය.

ස්විස් තානාපති කාර්යාල සේවිකාව සම්බන්ධයෙන් රාජිත කට අරී… කටට පිස්තෝලයක්ද තබා ඇති බව කියයි

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන කාන්තාව පැහැරගෙන ගොස් කටට පිස්තෝලය ඔබා ප්‍රශ්න කර ඇති බව හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

එමගින් ඇති වූ බිය නිසා අද ඇයට කතාබහ කිරීමට පවා නොහැකිව බලා ගත් අත බලාගෙන සිටින බවද ඔහු පැවසීය.

මෙවන් තත්ත්වයක් යටතේ ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි බවද ඔහු පැවසුවේය.

මේ හේතුවෙන් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය විසින් එම කාන්තාව සහ ඇයගේ පවුලේ සියළුම දෙනා ස්විට්සරලන්තයට යැවීමට කටයුතු සූදානම් කරමින් ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

සුදුවෑන් සංස්කෘතිය යළි ඇරඹී ඇති බවත් කී ඔහු යහපාලන ආණ්ඩුව පැවැති කාලයේ කිසිදු දිනයක මෙවන් භිතියක් සමාජයෙන් නොතිබූ බවද සඳහන් කළේය.

රෝසි ගේ නෝටි වැඩක් ගැන රනිල්ට පැමිණිල්ලක්

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ගේ ක්‍රියාකලාපය එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් විසින් පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කර ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් කොළඹ මහ නගර සභාවේ ඉදිරි කටයුතු කරගෙන යාම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම නාගරික මන්ත්‍රීවරුන්ට උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙන බවද වාර්තා වේ. මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරුන් සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය වී තිබේ.

කොළඹ මහනගර සභාවේ කටයුතු රජය විසින් විශේෂ කොමසාරිස්වරයකු යටතට පත් කිරීම සඳහා සූදානම් වන බවට පැතිර ගිය ආරංචියක් හේතුවෙන් මෙම සාකච්ඡාව කැඳවා තිබූ බවද වාර්තා වේ. මෙහිදී ඇතැම් නාගරික මන්ත්‍රීවරුන් සෘජුවම නගරාධිපතිනිය ට දොස් පවරමින් චෝදනා එල්ල කර තිබේ. නගර සභාවේ ආදායමද අඩු වී ඇති බව මෙහි දී හෙළිවිය.

කෙසේ වෙතත් ඉදිරි කටයුතු සිදු කරගෙන යාමට උපදෙස් මාලාවක් නිකුත් කර ඇති රනිල් වික්‍රමසිංහ  මහතා ප්‍රකාශ කර ඇත්තේ තමන් ද සෘජුවම අධීක්ෂණය කරන බවයි.