Press "Enter" to skip to content

Posts published by “Kubiya2”

සපත්තු තබා සෙරෙප්පුවක් වත් දාන්නෙ නැති මහාචාර්ය සම්බාජි බීඬේ

ඉන්දියාවේ අසහාය නායක නරේන්ද්‍ර මෝදි මහතා ළඟින් ගමන් කරන මේ කෙසඟ පුද්ගලයා කවුද?…


ඔහුගේ නම මහාචාර්ය සම්බාජි බීඬේ. පරමාණුක භෞතික විද්‍යාවට රන් පදක්කම් දිනූ අසහාය විද්‍යාඥයෙක්. පූන් හී ෆගියුසන් ආයතනයේ මෙන්ම රටේ කීර්තිමත් සරසවි රැසක දශක ගණනාවක් ඉගැන්වීම් කළ විද්වතෙක්. ඔහු සිදුකළ පශ්චාත් අධ්‍යයන ප්‍රමාණය අසමසමයි. 67කට වැඩි මේ අධ්‍යයන නිබන්ධන වලට මේ මහාචාර්යවරයා භාරතීය හා ජගත් තලයේ සම්මාන සියයකට වැඩි සංඛ්‍යාවක් හිමි කරගෙන තිබෙනවා.

ඇමෙරිකාවේ නාසා ආයතනයේ හා පෙන්ටගනයේ උපදේශකත්වයට පත්වූ එකම ඉන්දියානුවා ඔහු පමණයි.

මේ සියලු කටයුතු අවසානයේ ඔහු මහාරාෂ්ඨ ප්‍රාන්තයේ තරුණයන් මිලියනයක් සමග භාරතය වෙනුවෙන් සමාජ ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. ලෝකයේ ඉහළම සැප සම්පත් විඳින්නට තරම් උගත්කමක්, ධනයක් තිබුණත් ඔහුගේ ජීවිතය ගෙවෙන විදිහ විශ්මයජනක ලෙස සරළයි. ඔහු අඳින්නේ දළ රෙදි පමණයි. සපත්තු තබා සෙරෙප්පුවක් වත් දාන්නෙ නෑ. අනුභව කරන්නේ සරළ ආහාර. ජාතියේ අසහාය නායකයා හා එක්ව කටයුතු කරන්නට ලැබෙන අවස්ථාවක් අපි ප්‍රයෝජනයට ගන්නේ කොහොමද? අපට තිබෙන හොඳම ඇඳුම, හොඳම සපත්තු යුගලය, හොඳම ඔරලෝසුව. ඒත් මහාචාර්ය සම්බාජි බීඬේ???

උගත්කමට මනුෂ්‍යයෙකු තුළ ඇති කෙතරම් පරිවර්තනයක් ඇති කළ හැකිද යන්නට මහාචාර්ය සම්බාජී බීඬේ ජීවමාන සාක්ෂියක්.


-Doctor Magazine Inspiring Story

අපේ දෙමව්පියන්ගෙන් අපට දායාද වූ උගතා…

මේ ඉන්නෙත් අපේ තාත්තල අම්මල උඩ දාගෙන දේශපාලනයට යවපු හොඳ උගතෙක් !

ලංකාවෙ ඩිගිරියක් සහිත දේශපාලුවෙක්. දැන් බර කාලයක් තිස්සෙ මෙයා ගහන ගැට ලෙහාගන්න බැරිව ලතවෙන උගත්තුනම් කොපමන අපි දකිනවද? විලි ලැජ්ජාවෙ සංටෝසෙ බැරුවා …

දැං මෙයාට උගත්කම හැර දේශප්‍රේමය තියනවද? හැබැයි පිලිගනිල්ල ගැට නම් පට්ට, ගැහුවොත් පඹගාලක්, තැනක ඇලවුනොත් සුපර් ග්ලූ කැලේ, බොරුද හා බො..රු..ද? කොටි කාලෙ මයිලක් හෙලවුන් නැති මෙයා දැං බුලට් පෲෆ් නැතුව බෑ.. ඒ කියන්නෙ දැං අපි කොටිද?

ඔය බොලගෙ උගතුන් සංකල්පය නිසා මේ සුට්ටක් කිව්වෙ. හිටපු එවුන් සහ එන ඕනෙම එකෙක් ගැටේට හිරකළ හැකි අපේ දෙමවුපියන්ගේ අපට දායාදය. මේ උගත අම්මප පුංචි අම්ම පල්ල, දෙතුන් පාරක් හිතහල්ල දේශප්‍රේමී බුද්ධිමතුන් හොයපල්ල, තව එකක් කියන්නද මෙයාට තියෙන්නෙ උගත්කම සහ කපටිකම විතරයි උඹලගෙ වාසනාවට මෙයාට බුද්ධිය නෑ.

උපුටා ගැනීමකි.

ඕස්ට්‍රේලියාවේ සම්පූර්නයෙන්ම තහනම් වූත්… ලංකාවේ රැල්ලක් වූත්… ග්‍රැෆිටි (Graffiti)චිත‍්‍ර ඇඳීම…

“මගේ ෆෝන් එකේ ඩවුන්ලෝඩ් කරන් ඉන්නෙ ගේම් තුනයි. ඒකෙන් එකක් තමයි Subway surfers කියන ගේම් එක.

මේ ගේම් එක ඇවිල්ලා කාටුන් කොල්ලෙක් තමන් අතේ තියෙන පේන්ට් අඩංගු ස්ප්‍රේ ගන්ස්වලින් කෝච්චි යාර්ඩ් එක්ක චිත්‍ර අදිනවා. මේ චිත්‍රවලට කියන්නෙ Grafifti කියලා. එහෙම පොදු ස්ථානවල Graffiti චිත්‍ර ඇඳීම ඕස්ට්‍රේලියාවේ නම් සම්පූර්ණෙයන්ම තහනම්. CCTV මගින් ඇඳපු අයව අත්අඩංගුවට අරන් නීතිය ක්‍රියාත්මක කරනවා.

දැන් මගේ ෆෝන් එකේ ඉන්න කාටුන් මල්ලි කෝච්චි යාර්ඩ් එකේ Graffiti චිත්‍රය අඳිනකොටම යකෙක් වගේ සිකියුරිටිකාරයෙක් කඩාගෙන පනිනවා. කාටුන් මල්ලි පණ බේරගෙන දුවනවා. ගමන් කරන කෝච්චි උඩින් බිල්ඩින් උඩින් අරවා උඩින් මේවා උඩින්. අර සිකියුරිටිකාරයත් හිටු කියලා පන්නනනවා.

තාප්පවල චිත්‍ර අදින උන්ව අධෛර්යවත් කරන්න එපා. පිටරටවලත් නීත්‍යානුකූලව ඇඳපු චිත්‍රත් හොරෙන් ඇඳපු ග්‍රැෆිටි චිත්‍රත් තියෙනවා. හැබැයි ලංකාවේ වගේ තාප්ප පුරා පෝස්ටර් ගහපු රටක් නම්, මං ගිහින් තියෙන 100ක් විතර රටවලින් එක රටකදිවත් දැකලා නෑ.

ඔය චිත්‍ර ඇඳිල්ලට වඩා ගොඩාක් හොඳ අර අරලිය ගහ මන්දිරය තාප්පය පේන්නෙ නැතිවෙන්න තාප්පෙටම අල්ලලා හිටවලා තිබුන මල් ගස් මතකද? ඒක ලෝකේ නවීනතම තාප්ප අලංකාර කරන කන්සෙප්ට් එක.

ඒත් 2015 ජනවාරි 8 බලයට ආව යහපාලනය ඉස් ඉස්සෙල්ලම කලේ වියදම් වැඩියි නාස්තිය වැඩියි කියලා අරලිය ගහ මන්දිරය තාප්පෙ තිබුන ගස් ටික ගලවලා විසිකරපු එක.

එදාම අරලිය ගහ මන්දිරේට පැනපු RR ඇතුලු පිරිස ඒකේ තිබුන කඩු වගයක් අරන් කඩු ශිල්ප දැම්මත් මතකයි නේද?

ඇත්තද බොරුද දන්නෙ නෑ. ඒ කඩු හරඹයට RR එක්ක ගියපු පුත්තලමෙ දේශපාලකයෙක් අරලිය ගහ මන්දිරේ තිබුන පැරණි වටිනා කඩුවක් ගල් කරාලු.

කොහොම උනත් subway surfers නම් පට්ටම ගේම් එක.”

-හිරන්ත හේරත්-