Press "Enter" to skip to content

Posts published by “Kubiya2”

ආර්ථික පරිහානියට ගෝඨා, මහින්ද, බැසිල් වගකිව යුතුයි – පංච පුද්ගල ශේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතරය තීන්දු කරයි

රට තුළ ආර්ථික මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි තීන්දු කළ ශේෂ්ඨාධිකරණය එම පිරිස මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළා. ඒ අනුව හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්.ආටිගල, හිටපු ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයින් යන අයද මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවයි අග විනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් තීන්දු කරනු ලැබුවේ.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබාදුන්නේ වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස නියෝග කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු ඇතුලු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාග කිරීමෙන් අනතුරුවයි.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය බොරුවක්… අමාත්‍ය රොෂාන් රණසිංහ

ශ්‍රී ලංකා ක්‍රිකට් සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය නිවරැදි නොවන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

 

මින් ඉදිරියට අතුරු කමිටු පත්කරන්නේ නම් ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගත යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය එලෙස නිවේදනය කර තිබුණි.

 

එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගැනීමේ බලය විදේශ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවට ලබාදී තිබෙන බවද නිවේදනය කළේය.

 

ඊට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා සිය අමාත්‍යාංශ ලිපි ශීර්ෂය යටතේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එවැනි කිසිදු කැබිනට් නියෝගයක් හෝ සාකච්ඡාවක් නොතිබූ බැවින් ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනය නිවරැදි කළ යුතු බවය.

 

 

 

පිරමිඩ ජාවාරමට අහු වූ උපකාරක ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟේ

පිරමීඩ ජාවාරමට මුදල් ආයෝජනය කර සිටී බව කියන උපකාරක පන්ති පංති ගුරුවරයකුගේ මළසිරුරක් බොල්ගොඩ ජලාශයේ පාවෙමින් තිබියදී අද හමුවූ බව පානදුර උතුර පොලිසිය පවසයි .

 

මියගොස් ඇති පුද්ගලයා පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී 24 හැව්රිදි මුතුතන්ත්‍රිගේ නිපුන් නවෝද් ප්‍රනාන්දු යන අයට බවට පවුලේ සාමාජිකයන් හදුනාගෙන ඇති බවද පොලිසිය කීය.

 

පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් සහ මහේස්ත්‍රාත් පරීක්ෂණයද සිදුකරන ලදී.

 

මියගොස් ඇති තැනැත්තා කොළඹ මරදාන ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයකු ලෙසින් කටයුතු කරන බවත්, පීරමීඩ ජාවාරමකට මුදල් ආයෝජනය කර සිත් තැවුලෙන් සිට ඇති බවටද තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය කීය.

 

මියගොස් ඇති තැනැත්තා අතුරුදන්ව ඇති බවට මොරටුව පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවද සදහන් වේ.

 

 

ක්‍රිකට් නඩුවෙන් අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඉවත්වෙයි

ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නිකුත් කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගයෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අද (14) ඉවත්වුණි.

 

මෙම නඩුවට අදාළව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගොනුකළ මෝසම අද (14) අභියාචනාධිකරණය සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.

 

එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ, මෙම නඩුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා විමසීම සම්බන්ධයෙන් තම සේවාදායකයා විරෝධය පළ කරන බවය.

 

එහිදී සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සඳහන් කළේ, පසුගිය දිනවල ක්‍රීඩා අමාත්‍යවරයා, ඇතැම් අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන් සම්බන්ධයෙන් අසාධාරණ විවේචන එල්ල කිරීම හේතුවෙන් තමන් මෙම නඩු විභාගයෙන් ඉවත්වීමට තීන්දු කළ බවය.

 

ඒ අනුව අදාළ පෙත්සම විභාගය සඳහා වෙනත් විනිසුරු මඩුල්ලක් ඉදිරියට යොමු කිරීමටද තීන්දු වුණි.

 

 

ඉඩම් අක්කර ලක්ෂ 3කට වැඩේ දෙන්න අය වැයෙන් යෝජනා කරලා… ජාතික ගොවි ව්‍යාපාරයෙන් චෝදනා

මෙවර අය වැය මගින්  රාජ්‍ය වැවිලි සංස්ථාව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ මහවැලි ව්‍යාපාරය ආදී රාජ්‍ය ආයතන සතු ඉඩම් ලක්ෂ 3ක ප්‍රමාණයක් බහුජාතික සමාගම් වෙත විකුණා දැමීමට යෝජනා කර ඇති බව ජාතික ගොවිජන ව්‍යාපාරයේ කැදවුම්කරු කරුණාතිලක හේරත් මහතා පවසනවා.

 

අප කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ  මහා පරිමාණ කෘෂිකාර්මික කටයුතු යැයි නාමකරණය කරමින්  රාජ්‍ය ආයතන සතුව පවතින කෘෂිකාර්මික ඉඩම් අක්කර  ලක්ෂ 3ක ප්‍රමාණයක්  බහුජාතික සමාගම් වෙත විකුණා දැමීමට මෙවර ඇයවැය මගින් යෝජනා කර ඇති බවයි. මේ වසන විට ලෝකය ගිල ගනිමින් සිටින ලෝක අර්බුදය හමුවේ මෙසේ රටේ පවතින කෘෂිකාර්මික ඉඩම් බහුජාතික සමාගම් වෙත කුණු කොල්ලයට විකුණා දැමීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජාතික ගොවි ව්‍යාපාරය තම දැඩි විරෝධය පළකරන බවද පැවසීය.

 

අදාල යෝජනාව පහතින්

 

 

ගාසාහි රෝහල් සුසාන භූමි බවට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

උතුරු ගාසාහි ජබාලියා සරණාගත කඳවුරට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයකින් සරණාගතයින් 30 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් තිබේ.

 

මධ්‍යම ගාසාහී සිවිල් වැසියන්ගේ නිවාසවලට එල්ල කළ ප්‍රහාරවලින් ද විශාල පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ.

 

මේ වන විට පලස්තීනයේ රෝහල් පද්ධතිය ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් සම්පූර්ණයෙන් බිඳවැටී ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ රෝහල් සුසාන භූමි බවට පත්ව ඇති බවය.

 

රෝහල් ඇතුළත සහ පිටත නොමෙරූ බිලිඳන් ඇතුළු මියගිය පුද්ගලයින්ගේ සිරුරු ගොඩගසා ඇති බව වාර්තා වේ.

 

අඛණ්ඩව එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර හමුවේ දරුවන් කාන්තාවන් ඇතුළු 100 ගණනක් දෛනිකව මියගිය ද එම සංඛ්‍යා ලේඛන මේ වන විට යාවත්කාලීන වීමක් සිදුනොවන බව විදෙස් වාර්තා පවසයි.

 

මේ අතර හමාස් ප්‍රකාශක ඔසාමා හම්දාන් පැවසුවේ ප්‍රාණ ඇපකරුවන් මුදාහැරීම සඳහා මැදිහත්කරුවන් සමග එකඟතාවලට පැමිණිය ද ඊශ්‍රායලය නැවත නැවතත් අවසන් මොහොතේ කොන්දේසි වෙනස් කරමින් එය මඟහරින බවය.

 

පලස්තීන ජනතාව සමූල ඝාතනය කිරීම සඳහා ආධාර අනුබල දෙන බව පවසමින් අමෙරිකානු ජනාධිපතිවරයා සහ ඉහළ නිලධාරීන්ට එරෙහිව පලස්තීන ජාතිකයින් පිරිසක් අමෙරිකානු ෆෙඩරල් අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

 

 

හදිසියේ ගොඩබැස්සවූ යානය මෝටර් රථයක ගැටුණු හැටි

කුඩා ගුවන් යානයක් හදිසි ගොඩබෑමකට ලක්කළ අවස්ථාවකදී මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරක් කැමරාවක පටිගතව තිබේ.

 

මෙම සිදුවීම වාර්තාවන්නේ අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයෙන්.

 

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ ටෙක්සාස් හි Aero Country Airport  මෙම අනතුර සිදුව ඇති බවය.

 

අනතුරින් තුවාල ලැබූ එක් අයෙකු රෝහල්ගතකර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

 

අනතුර සිදුවන අයුරු කැමරාවක පටිගතව තිබුණේ මෙලෙසින්.

 

 

 

කෝටියක අල්ලස් මුදලක් ඉල්ලූ පරිසර අධිකාරියේ ලොක්කාට ඇප

ව්‍යාපෘතියකට පාරිසරික වාර්තාවක් නිකුක් කිරීම සඳහා රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමට සැරසෙද්දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බනධනාගාරගත කළ මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති සුපුන් එස්. පතිරගේ ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (13) නියෝග කළා.

 

ඒ රුපියල් 25,000ක මුදල් හා ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.

 

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් දෙදෙනා ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගර ගත කර තිබෙනවා.

 

 

ශ්‍රී ලංකා ක්‍රිකට් අද කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.

 

කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා සඳහන් කළේ, අද (14) පස්වරු 2ට ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බවය.

 

එහිදී විශේෂ වාර්තා 02ක් සහ මීට පෙර කෝප් කමිටු දෙකක සිදුකළ නිර්දේශ ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා පැවසුවේය.

 

මීට පෙර සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සභාපතිත්වය දැරූ කෝප් කමිටුවකට සහ චරිත හේරත් මන්ත්‍රීවරයා සභාපතිත්වය දැරූ කෝප් කමිටුවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැඳවා තිබුණි.

 

මේ හේතුවෙන් විගණකාධිපතිවරයා අද සාකච්ඡාවට ඉදිරිපත් කරනු ලබන වාර්තාවෙහි මීට පෙර ක්‍රිකට් ආයතනයට සිදුකළ නිර්දේශ ද ඇතුළත් විය හැකි බව කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර මහතා සඳහන් කළේය.

 

මේ අතර ලබන 17 වනදා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව හමුවට ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් කැඳවා ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

 

අයවැය දෙවන වර කියවීමේ විවාදය අද

අයවැය දෙවන වර කියවීමේ විවාදය අද(14) ආරම්භ කිරීමට නියමිතයි. එය ලබන 21 වනදා දක්වා පැවැත්වීමට නියමිත අතර, එදින පස්වරු 6ට අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත් වෙනවා.  කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 22 වනදා සිට දින 19ක කාලයක් පැවැත්වීමටයි සැලසුම් කර තිබෙනවා.

 

අනතුරුව දෙසැම්බර් 13 වනදා පස්වරු 6ට තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පවත්වනවා. පේරාදේණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ සඳහන් කළේ සමස්තයක් ලෙස ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා වන දැක්මක් අයවැයේ නොමැති බවයි ඔහු කියා සිටියේ.

 

මෙවර අයවැයෙන් මුදල් අමාත්‍යාංශය යටතේ ශ්‍රී ලංකා ආදායම් අධිකාරිය නමින් අධිකාරියක් පිහිටුවීමට ජනාධිපතිවරයා යෝජනා වී තිබෙනවා