Press "Enter" to skip to content

අපේ යොහානිගේ ”මැණිකේ මගේ හිතේ” ඉන්දියාව පිස්සු වට්ටයි

ලාංකීය ගායන ක්ෂේත්‍රය තුළ නවතම ජනප්‍රිය තරුවක් බවට පත්ව ඇති යොවුන් ගායන ශිල්පිනියක් වන යොහානි ද සිල්වා කරණු ලැබූ “කවර් සෝන්ග්” එකක් හේතුවෙන් ජනපියත්වයේ හිනි පෙත්තටම නැග ඇති බව වාර්තා වේ. ඇය කරණු ලැබූ “කවර් සෝන්ග්” එකට ඉන්දීය සිනමාවේ සුපිරි තරුවක් වන අමිතා භච්චන් මහතා ” “මට දැන් මේක නතර කරගන්න බෑ” යනුවෙන් සිය සමාජ ජාලා ගිනුමේ තැබූ සටහන හේතුවෙන් එම වීඩියෝව ඉහල ජනප්‍රියත්වයක් හිමි කර ගෙන තිබූ බව වාර්තා වේ. එම වීඩියෝව මේ වන විට මිලියන 35කට වඩා නරඹා ඇති බවද වාර්තා වේ.

 

මේ වන විට එම ගීතය හින්දි භාෂාවෙන්ද ගායනා කර තිබේ.

 

යොහානි ද සිල්වා 2009 වර්ෂයේ ප්‍රභාකරනේ ලේවැකි යුද්ධය අවසන් කළ “මානුෂික මෙහෙයුමේ” දැවැන්ත කාර්ය භාරයක් ඉටු කළ මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා මහතා ගේ වැඩිමහලු දියණියයි.

 

https://youtu.be/FQtXrkbRYbk

 

 

කුඹියෝ නිවුස් වට්ස්ඇප් ගෲප් සඳහා එක්වන්න මෙතැනින් 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *