Press "Enter" to skip to content

ප්‍රශ්නාර්ථයක් වූ කිඹුලාගේ බලු කරුණාව

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කිඹුලන් බහුලව සිටින ගඟකට පැන්න දඩාවතේ යන බල්ලකුගේ ජීවිතය එම ගඟේ සිටි කිඹුලන් දෙදෙනකු බේරා ඇතැයි සී.බී.එස් පුවත් සේවය වාර්තා කර ඇත.

 

හඹා ආ බලු රංචුවෙන් බේරීම සඳහා එම දඩාවතේ යන බලු තඩියා ප්‍රදේශයේ තිබෙන කිඹුලන් බහුල සාවිත්‍රි ගංගාවට පැන තිබේ. එහිදී කිඹුලන් තුන්දෙනකු බලු තඩියාව වටකරගත් බවත් එම මොහොත බල්ලාගේ ජිවිතයේ අවසන් මොහොත යැයි සෑම දෙනාම විශ්වාස කළ බවත් වසර ගණනක සිට කිඹුලන් අධ්‍යනය කරනු ලබන විද්‍යාඥයන් ප්‍රකාශ කර ඇත.

 

නමුත් බලු තඩියාට ළං වූ කිඹුලන් තිදෙනාගෙන් දෙදනකු කළ දෙය කිසිවකුටත් අදහාගත නොහැකි වූ බවත් කිඹුලන් දෙදෙනා බලු තඩියාව ආහාරයට ගන්නවා වෙනුවට කිඹුලන් දෙදෙනාගේ නාසයෙන් බලු තඩියාව ආරක්ෂිතව ගං ඉවුර වෙත තල්ලු කර ගෙන ගොස් ගොඩ කළ බවත් විද්‍යාඥයන් පවසා තිබේ.

 

එම කිඹුලන් දෙදෙනා බලු රංචුව නොමැති ස්ථානයකින් බලු තඩියාව ගොඩ කර තිබීම තවත් විශේෂත්වයක් බවත් කිඹුලන්ටද අනුකම්පාවක් තිබෙන බව පෙන්වීමට මෙය කදිම උදාහරණයක් බවත් විද්‍යාඥයන් පෙන්වා දී ඇත.එසේ වුවත් කිඹුලන් දෙදෙනා බලු තඩියාව ආහාරයට නොගැනීම බොහෝ විද්‍යාඥයන්ට ප්‍රශ්නාර්ථයක් වී තිබේ.

 

මෙම සිදුවීම පිළිබඳ ලිපියක් ත්‍රෙට්න් ටැක්සා සඟරාවේ පළවී ඇත.

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *