Press "Enter" to skip to content

ඇෆ්ඝනිස්තානයෙන් අමෙරිකානු සහ නේටෝ හමුදා ඉවත්වෙයි

ඇෆ්ඝනිස්තානයේ බග්රාම් ගුවන් කඳවුරේ රඳවා සිටි අවසාන අමෙරිකානු සහ නේටෝ හමුදා භට කණ්ඩායම් එම ස්ථානයෙන් පිටත් වී තිබේ.

 

වසර 20ක් පුරා අමෙරිකානු සහ නේටෝ හමුදා තලිබාන් සහ අල් කයිඩා සටන්කාමීන්ට එරෙහිව සටන්වැදුනේ එම ස්ථානය කේන්ද්‍ර කර ගනිමිනි.

 

එමගින් පෙනී යන්නේ එරට තුළ සිටින විදෙස් හමුදා නුදුරේදීම එරටින් ඉවත්වන බවය.

 

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ අමෙරිකානු හමුදා සැප්තැම්බර් 11 වනදා වනවිට ඇෆ්ඝනිස්තානයෙන් පිටත්වීම සම්පූර්ණ කෙරෙන බවය.

 

මේ වනවිට තලිබාන් කණ්ඩායම් ඇෆ්ඝනිස්තානයේ බොහෝ ප්‍රදේශවල බලය තහවුරු කරමින් සිටින බව ද විදෙස් මාධ්‍ය පැවසීය.

 

කුඹියෝ නිවුස් වට්ස්ඇප් ගෲප් සඳහා එක්වන්න මෙතැනින් 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *