Press "Enter" to skip to content

ඉරාන ජනාධිපති චීනයේ ඉතිහාසගත සංචාරයක

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රායිසි චීන ජනාධිපති ක්ෂී ජින්පින්ගේ ගේ ආරාධනයකට අනුව චීනයේ සංචාරයක නිරතවෙන බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රායිසි පෙබරවාරි 14 සහ 16 අතර කාලයේදී චීනයේ සංචාරයේ නිරත වීමට නියමිතය.

 

ඉරානා ජනාධිපතිවරයාගේ තෙදින සංචාරය අතරතුර රායිසි සහ ක්ෂී අතර සාකච්ඡා පැවැටුහ්වීම, ඉරාන සහ චීන ව්‍යාපාරිකයින් සමඟ දෙරටේ නායකයින්ගේ ඒකාබද්ධ රැස්වීමක් පැවැත්වීම සහ දෙරටේ නියෝජිතයින් අතර සහයෝගීතා ගිවිසුම් වලට අත්සන් තැබීම ඇතුළත් වන බව ඉරාන රාජයේ පුවත් වාර්තා උපුටා දක්වන ඉරාන පුවත් ඒජන්සිය පවසයි.

 

ඉරාන ජනාධිපතිවරයාගේ එලඹෙන චීන සංචාරය සම්බන්ධයෙන්  වාර්තා කරන එක්සත් ජනපදයේ පොලිටිකෝ නම් පුවත් පත පැවසුවේ ,එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ජාත්‍යන්තර කටයුතු ආධිපත්‍යයට විරුද්ධ දේශපාලන සහ ආර්ථික හවුල්කරුවන් දෙදෙනා අතර සබඳතා වඩාත් ශක්තිමත් කිරීමට ඉරාන ජනාධිපතිවරයාගේ චීන සංචාරය අපේක්ෂා කරන බවයි.

චීන ජනාධිපති ක්ෂී ජින් පින් සහ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි අවසන් වරට හමුවූයේ පසුගිය සැප්තැම්බරයේ උස්බෙකිස්තානයේ සමර්කන්ඩ් හි පැවති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවේදීය. එම සාකච්ඡා අතරතුර, චීන නායකයා අවධාරනය කළේ ඔවුන්ගේ මූලෝපායික හවුල්කාරිත්වය තහවුරු කිරීම බීජිං සහ ටෙහෙරානය යන දෙකටම පොදු තේරීමක් බවයි.

 

පසුගිය දෙසැම්බරයේ දී චීන උප ජනාධිපති හූ චුන්හුවා ඉරානයට ගොස් ඉරාන ජනාධිපති රයිසි හමුවී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නංවා ගැනීමට දෙපාර්ශ්වයේම කැමැත්ත පළ කරන බව මාධ්‍ය වෙත දන්වා සිටියේය.
ටෙහෙරානයට එරෙහි එක්සත් ජනපද සම්බාධක මධ්‍යයේ චීනය ඉරානයේ විශාලතම වෙළඳ හවුල්කරු වන අතර ඉරාන කැනිජ තෙල්වල ප්‍රධාන ගැනුම්කරුද වේ. ඉරාන දත්ත වලට අනුව, පසුගිය මාස දහය තුළ චීනය වෙත ඉරාන නිෂ්පාදන අපනයනය ඩොලර් බිලියන 12.6 දක්වා ළඟා විය. මෙම කාලය තුළ ඉරානය ඩොලර් බිලියන 12.7 ක් වටිනා චීන භාණ්ඩ ද මිලදී ගෙන තිබුණි.

පසුගිය වසරේ ඉරානය විධිමත් ලෙස ෂැංහයි සහයෝගිතා සංවිධානයේ ස්ථිර සාමාජිකයෙකු ලෙස ඇතුළත් කර ඇති අතර චීනය සහ රුසියාව ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන ජාත්‍යන්තර සංවිධාන දෙක වන BRICS හා සම්බන්ධ වීමට ද ඉල්ලුම් කරන ලදී.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *