Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

local news

ඉරානයේ මීළඟ නායකයා කවුද?; තෝරා ගන්නේ මෙහෙමයි

ඉරානයේ ජනාධිපති ලෙස කටයුතු කළ ඊබ්‍රාහිම් රයිසි එරට කඳුකර ප්‍රදේශයක ඊයේ (19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් මියගොස් ඇති බව අද (20) තහවුරු විය.

 

ඒ අනුව එරට මීළඟ ජනපති සම්බන්ධයෙන් මේ වනවිට කතාබහක් ඇතිවී තිබේ.

 

එරට ව්‍යවස්ථාව අනුව අන්තර්වාර ජනපතිවරයෙක් පත්කෙරෙයි. එම තනතුරට පත්කෙරෙන්නේ එරට මේ වනවිට “පළමු නියෝජ්‍ය ජනාධිපති” ලෙස කටයුතු කරන පුද්ගලයා ය.

 

එම තනතුර මේ වනවිට දරනු ලබන්නේ 68 හැවිරිදි මොහම්මඩ් මොක්බර් ය. ඒ අනුව එරට අන්තර්වාර ජනාධිපති ලෙස මොක්බර් පත්වෙතැයි ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

 

ඔහුද අයත් වන ත්‍රි-පුද්ගල කවුන්සිලයක් මඟින් දින 50ක් තුළ නව ජනාධිපතිවරණයක් පැවැත්වීමට සැලසුම් කළ යුතුය. එම කවුන්සිලයේ අනෙක් සාමාජිකයින් දෙදෙනා වන්නේ පාර්ලිමේන්තුවේ කථානායක සහ අධිකරණයේ ප්‍රධානියා ය.

 

 

 

 

ඉරාන ජනපති ජීවිතක්ෂයට (වීඩියෝ)

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, විදේශ අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්ලාහින් ඇතුලු පිරිස හෙලිකොප්ටර අනතුරෙන් මියගොස් ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

 

අසර්බයිජාන දේශසීමාවේ වේල්ලක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගිවී යළි පැමිණෙමින් සිටියදියි මෙලෙස ඉරාන ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටරය අනතුරට ලක්ව තිබුණේ.

 

ඉරාන ජනාධිපතිවරයා ගමන් කර ඇත්තේ ඇමරිකාවේ නිෂ්පාදිත බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයකින් වන අතර, එම අවස්ථාවේ අධික මීදුම සහ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් එය කඳුකර ප්‍රදේශයකට හදිසියේ ගොඩබැස්සවීමට උත්සහ කර තිබෙනවා.

 

එහිදී හෙලිකොප්ටරය අනතුරට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 

 

සීඅයිඩිය ඩයනා පසු පස

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව එල්ල වී ඇති අපරාධමය කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසත් ඇයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.

 

බ්‍රිතාන්‍ය පුරවැසියකුව සිටියදී මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීම සම්බන්ධව විභාග වූ නඩුකරවල දී සහ විමර්ශනවල දී අනාවරණය වූ අපරාධමය කරුණු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ආකාරය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා සිටියේය.

 

ඩයනා ගමගේ මහත්මිය සම්බන්ධයෙන් අපරාධමය කරුණු කීපයක් අනාවරණයවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා නීතිපතිවරයා දන්වා තිබිණි.

 

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම, මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීම, ව්‍යාජ ලේඛන මුල් ලේඛන ලෙස ඉදිරිපත් කිරීම ඒ අතර විය.

 

ගමගේ මහත්මියට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙසත් ලැබෙන සාක්ෂි මත අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ චෝදනා ගොනු කරමින් ඇය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත.

 

 

ඉරාන ජනාධිපති තවමත් අතුරුදහන් සෝදිසි මෙහෙයුම් දිගටම

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ඇතුළු පිරිසක් රැගෙන පියාසර කළ හෙලිකොප්ටර් යානා ත්‍රිත්වයකට අයත් යානයක් රළු ගොඩබෑමකට ලක් ව ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණා.

 

ඉරාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පැවසුවේ ප්‍රදේශයේ අධික මීදුම සමග පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගලවා ගැනීමේ කණ්ඩායම් තවමත් එම ස්ථානයට ළඟා වීමට උත්සාහ කරමින් සිටින බවයි.

 

සහන සේවා කණ්ඩායම්වලට එම ප්‍රදේශයට ළඟා වීමට කාලය ගතවිය හැකි බව ද ඔහු සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

 

ප්‍රාදේශීය මාධ්‍යවලට අනුව, ජනාධිපති ඊබ්‍රහිම් රයිසි අසර්බයිජාන දේශසීමාවේ චීස් ක්වොලාසී සහ කුඩාෆිරන් නමැති වේලි විවෘත කිරීමෙන් පසුව ඉරානයේ වයඹ දෙසින් පිහිටි ටබ්‍රිස් නගරයට ආපසු පැමිණෙමින් සිට තිබෙනවා.

 

ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සියේ වාර්තාකරුවෙකුට අනුව හෙලිකොප්ටරය ගොඩබස්වන්නට ඇතැයි සිතන ස්ථානයේ දැඩි මීදුම් සහිත තත්ත්වයක් පවතින අතර ඒ හේතුවෙන් සෝදිසි කිරීම දුෂ්කර වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

 

කඳු සහ වනාන්තර ප්‍රදේශයේ බාධාවකින් තොරව පෙනෙන සීමාව මීටර් පහක් පමණ දක්වා අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.

 

ටබ්‍රිස් නගරයේ ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රී අහමඩ් අලිරේසාබෙයිගි ටෙහෙරානයේ වාර්තාකරුවන්ට පවසා ඇත්තේ මුදා ගැනීමේ සේවකයින්ට ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටරය ඇති ස්ථානය තවමත් සොයාගැනීමට නොහැකි වී ඇති බවයි.

 

ඉරාන ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටරය අනතුරකට ලක්වීමෙන් පසු එය සොයා ගැනීමට ගලවා ගැනීමේ සේවකයින් උත්සාහ කරන දර්ශනද මාධ්‍යවාර්තා කර තිබෙනවා.

 

ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටරය සමග පියාසර කළ අනෙක් හෙලිකොප්ටර් යානා දෙක නිරුපද්‍රිතව නියමිත ගමනාන්තයට ළඟාවී ඇති බව ද ඔහු සඳහන් කර ඇත්තේ.

 

ඉරානයේ රට පුරා වෙනත් ස්ථානවල ජනපති වෙනුවෙන් යාච්ඤා කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 

 

සජබ – ජජබ විවාදයට සජබ දින ෙදයි

සමඟි ජන බලවේගය සහා ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට යෝජිත විවාදය සඳහා දින නියම කරමින් සමගි ජන බලවේගය විසින් ලිපියක් යවා තිබෙනවා.

 

සමඟි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් ඒ සඳහා වන ලිපිය යවා ඇති අතර එහි දැක්වෙන්නේ පළමුව දෙපාර්ශවයේ ආර්ථික කමිටු අතර විවාදය පළමුවෙන් තැබිය යුතු බවයි

 

ඒ අනුව ඒ සඳහා මැයි මස 27, 28, 29, 30,සහ 31 යන දිනයන් යෝජනා කර ඇති අතර ඉන් පහසු දිනයක් තෝරා ගන්නා ලෙස ජාතික ජන බලවේගයට දැනුම් දී තිබෙනවා.

 

මේ අතර දෙපාර්ශවයේ නායකවරුන් වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසනයාක අතර විවාදය සඳහා ජුනි මස 3, 4, 5, 6, හෝ 7 අතර දිනයක් තෝරා ගැනීමට යෝජනා කර ඇත්තේ.

 

එසේම එම විවිවාද දිනයන් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයෙන් කඩිනම් පිළිතුරක් අපේක්ෂා කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් අදාළ ලිපියේ සඳහන් කර තිබෙනවා.

 

 

ෙකෙස් ෙවතත් ජාතික ජන බලෙව්ගය සදහන් කර සිටිෙය් පක්ෂ නායකයන් ෙදෙෙදනා අතර විවාදය මුලින් පැවැත්විය යුතු බවයි.

 

”රනිල් – බැසිල් එකතුවෙලා ලබන 14 පාර්ලිමේන්තුව විසුරුවනවා – උදයංග හෙළි කරයි

ලබන මස 14 වැනි දා නියත වශයෙන් ම පාර්ලිමේන්තුව විසුරුවා හරින බවත්, ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත් වීමට ජනාධිපතිවරයා එකඟ වී ඇති බවත් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසනවා.

රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් මේ බව අනාවරණය කළ රුසියාවේ හිටපු තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඇතැම් විට 15 වැනි දා හෝ 14 වැනි දා රාත්‍රියේ විය හැකි බවයි.

ඒ අනුව ඉතා ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බව පැවසූ ඔහු පැවසුවේ,

“පාර්ලිමේන්තු ඡන්දයක් ඉතා ඉක්මනින් පවත්වනවා, ඊට පස්සෙ හදන ආණ්ඩුව සමග ‍රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වැඩ කරන්නේ කොහොමද, එහෙම නැත්නම් පොහොට්ටුවේ හෝ වෙනත් පක්ෂයක අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට එන්න ඉඩ තියෙනවා.”

කෙසේ නමුත් කතානායකවරයා ද එසේ සිදු නොවන බව පසුගිය දිනයක ප්‍රකාශ කර තිබුණත්, තමා එය බැහැර කරන බවත් රුසියාවේ හිටපු තානාපතිවරයා පවසනවා.

මේ අතර ජනාධිපතිවරයා ජනාධිපතිවරණය සඳහා තරග නොකරන බව සඳහන් කරන ඔහු වැඩිදුර සඳහන් කරන්නේ, ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත් වීම සඳහා එකඟතාවකට පැමිණ ඇති බවයි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් අගමැති අපේක්ෂකයෙකු නම් කිරීමට තවමත් තීරණය කර නොමැති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා ප්‍රබල අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව ද හිටපු රුසියානු තානාපතිවරයා මෙහි දී පැවසුවා.

 

 

වෙල්ලමුල්ලිවයික්කාල් සිහිකරමින් වැල්ලවත්තේදී සැමරුමක් සමග ගැටුමක්… එක් අයෙක් අත්අඩංගුවට

මෙරට යුද ගැටුම්වල තීරණාත්මක ස්ථානයක් වූ වෙල්ලමුල්ලිවයිකාල් සිහිකරමින් වැල්ලවත්ත වෙරළ තීරයේදී පිරිසක් විසින් අද (18) උදෑසන සැමරුමක් සංවිධානය කර තිබුණි.

 

එම ස්ථානයට පැමිණි තවත් පිරිසක් එම සැමරුමට විරෝධය පළකර තිබේ.

 

එහිදී විරෝධය පළකළ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

 

 

ජනමත විචාරණයකින් ඊළම පිහිටුවීමේ ඇමරිකානු කොංග්‍රස් යෝජනාව වහාම හෙලා දැකිය යුතුයි – ජාතික සංවිධාන කියයි

බෙදුම්වාදී යුද්ධය සහමුලින්ම පරාජය කර වසර 15ක් ගත වන මොහොතේ දී දකුණු සුඩානය, නැගෙනහිර ටිමෝරය බොස්නියා, එරිත්‍රයා, කොසෝවෝ ආදී රටවල් බෙදා වෙන් කළ ආකාරයට ඊළම නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කියයි.

 

එම යෝජනාව අනුව සමූල ඝාතන චෝදනා පිළිගන්නා ලෙස උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනමත විචාරණයක් පවත්වා එම ජනතාවට ස්වයං පාලනයක් ලබා දීමට ඇමරිකාව මැදිහත් විය යුතු බව කියැවේ.

 

එවැනි බරපතල තත්ත්වයකදී පවා ඊට එරෙහිව විදේශ අමාත්‍යාංශ පැත්තෙන් කිසිදු විරෝධයක් එල්ල නොකිරීම පිළිබඳ පුදුමය පළ කරන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ආණ්ඩුවේ එම ස්ථාවරය දැඩි ලෙස හෙලා දැකිය යුතු බවද සඳහන් කරයි.

 

 

ලැජ්ජ නැද්ද අයිසේ, දෙකයි පනහේ දේශපාලනය කරන්න.. පුළුවන් එකෙක් ඉන්නවනං නවත්තන්න..- හර්ෂගෙන් දැඩි ප්‍රකාශයක් (වීඩියෝ)

සමගි ජන බලවේග මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා දැඩි ප්‍රතිචාර දක්වා තිබේ.

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙන්වන විමධ්‍යගත අරමුදල් සම්බන්ධයෙන් රංජිත් මද්දුම්බණ්ඩාර මහතා හිරු රූපවාහිනිය කළ ප්‍රකාශයකට දැඩි ස්වරයෙන් හර්ෂද සිල්වා මහතා මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ අදහස් පළ කරන තිබේ.

 

සියලු අපරාධ රනිල් කරද්දී ආධාර අනුබල දෙන්නේ ‌පොදුජන පෙරමුණ – කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)

රටේ අනාගත පැවැත්ම ඉතා බිහිසුනු අවදානමකට ලක්කර ඇති බවත්, ජනතාවගේ ඇස් බැඳ මෙම බිහිසුනු අනතුර රට තුළ ක්‍රියාත්මක කරමින් සිටින බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ තුළ කාරණා තුනක් පැහැදිලිව දැකගත හැකි බවත් ඉන් එකක් වන්නේ රටේ ජාතික සම්පත් , ජාතික උරුමයන් දේශීය විදේශීය ධනේෂ්වර මංකොල්ලකරුවන්ට විකුණා දැමීම බවත් ඒ මහතා පවසයි.

 

දෙවැනි කාරණය වන්නේ 30 වසරක ත්‍රස්තවාදී යුද්ධයෙන් රට මුදාගත් රණවිරුවන්ට ජාත්‍යන්තර යුද අධිකරණයක් හමුවේ දඩුවම් පැමිණවීමට අවශ්‍ය සියලු පහසුකම් සැලසීම බවත්, මෙහි ප්‍රතිඵලය වන්නේ රට බෙදීගොස් අනාගතයේ දී යුද්ධයකින් තොරවම ද්‍රවිඩ ඊළමක් දිනාගැනීමට ඔවුන්ට හැකිවීම බවත් කල්‍යානන්ද තිරාණගම මහතා සඳහන් කරයි.

 

තුන්වැනි කාරණය වන්නේ රටේ සියලු සභ්‍යත්වයන්, සදාචාර ධර්ම විනාශකර, දුරාචාරය ප්‍රවර්දනය කරන සමාජයක් මෙරට නිර්මාණය කිරීම බවයි ඒ මහතා පවසන්නේ.

 

තිරාණගම මහතා මේ බව පැවසුවේ ජාතික සංවිධාන එකමුතුව මගින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

 

මේ සියල්ලු සිදුවෙද්දී රනිල් වික්‍රමසිංහ මහතාව නායකයා ලෙස පත්කළ පොදුජන පෙරමුණේ නායකයන් ඇස් කන් වසාගෙන ගොළුවන් බිහිරන් මෙන් සිටින බවද, ඒවා වැළැක්වීමට ඔවුන් උත්සාහ නොගන්නා බවද ඒ මහතා පවසයි.

 

මේ සියලු අපරාධ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිදුකරද්දී මේවාට ආධාර අනුබල ලබාදීම සිදුකරන්නේ පොදුජන පෙරමුණේ නායකයන් බවට ද ඒ මහතා චෝදනා නගයි.

 

රටේ යහපතට පනත් සම්මත කරන බව රනිල් වික්‍රමසිංහ මහතා රටේ යහපත සඳහා සම්මත කළ පනත් මොනවැදැයි තිරාණගම මහතා ප්‍රශ්නකර සිටී.

 

රටේ ගොවියා නගාසිදුවීම වෙනුවෙන්, රටේ ජනතාවගේ දුප්පත්කම තුරන් කිරීමට මොනයම් හෝ පනතක් ගෙනවිත් තිබේ දැයි ප්‍රශ්න කරන ඒ මහතා, ගෙනවිත් තිබෙන පනත් මගින් සිදුකරන්නේ දුරාචාරය ප්‍රවර්ධනය කිරීම, සමාජ සංස්ථා බිඳදැමීම, සංඝ සමාජය බිඳදැමීමට හා පුද්ගලයාගේ පෞර්ෂය විනාශ කිරීම පමණක් බවත් පෙන්වා දෙයි.