Press "Enter" to skip to content

ඇඳිරි නීතිය මුළුමනින්ම ඉවත් කෙරේ

අද (28) සිට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කළේය.

කොවිඩ්-19 වසංගත තත්ත්වයත් සමග පසුගිය මාර්තු මස 20 වනදා පළමුවරට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ අතර ඉන් පසු අවස්ථා කිහිපයකදී ලිහිල් කෙරුණි.

පසුගිය 13 වනදා සිට මේ දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට අළුයම 04.00 දක්වා පමණකි.

අද සිට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය මුළුමනින්ම ඉවත් වන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *