Press "Enter" to skip to content

ඉතාලියේ ලොක්ඩවුන් නීතිය කඩකර පාටි දැමූ ලාංකිකයන්ට ලක්ෂ 12ක දඩ

කෝවිඩ් 19 ලොක්ඩවුන් නීතිය උල්ලංඝණය කරමින් මහල් නිවාසයක සාදයක් පැවැත්වීම හේතුවෙන් ලාංකිකයන් 11 දෙනෙක්ට එක් අයෙකුට යුරෝ 533 ක් බැගින් (ආසන්න වශයෙන් ලංකා මුදලින් රුපියල් එක්ලක්ෂ දසදහසක) යුරෝ 5833 ක දඩ මුදලක් (රුපියල් දොළොස් ලක්ෂයකට ආසන්න) පොලීසිය විසින් නියම කළ පුවතක් ඉතාලියේ ෆිරෙන්සේ නගරයෙන් වාර්තා විය.

ලොක්ඩවුන් නීතිය උල්ලංඝණය කිරිම නිසා යුරෝ 400 ක් හා අවට නිවෙස් හිමියන්ට කරදරකාරි ලෙස හැසිරිම නිසා යුරෝ 133 ක මුදලක් එක් අයෙකුට වෙන් වෙන් වශයෙන් දඩ නියම කර තිබේ.

දින 50 ට ආසන්න කාලක සිට ඉතාලිය වසා දැමුනු අතර නිවෙස් වලින් පිටතට ගොස් ඒකරාසී වීම සාද පැවැත්විම අත්‍යවශ්ය නොවන කටයුතු සඳහා පිටතට යාම තහනම් කරමින් සමාජ දුරස්තභාවය තබා ගැනිම සඳහා නව නීති පැණවු අතර එම නීති උල්ලංඝණය කරන්නන්ට යුරෝ 400 සිට 3000 දක්වා දඩ නියම කිරිමේ බලයද ආරක්ෂ අංශ වෙත ලබා දුන්නේය.

පසුගිය ඉරිදා (19දා) ෆිරෙන්සේ වියා ෆොබ්රියානෝ ප‍්‍රදේශයේ නිවසක අවට සිටි නිවෙස් හිමියන්ට කරදරකාරි ලෙස සාදයක් පැවැත්වෙන බවට පොලීසියට ලැබුණ තොරතුරක් මත ජංගම පොලිස් රථයක් අදාළ නිවෙසට ගොස් පරික්ෂා කිරිමේදි මෙම ලාංකිකයන්ව පොලිස් භාරයට ගෙන තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *