Press "Enter" to skip to content

කටුනායක-කොළඹ අධිවේගය තාවකාලිකව වැසෙයි

සීදූව ප්‍රදේශයේදී කටුනායක-කොළඹ අධිවේගී මාර්ගයේ කටුනායක දෙසට ගමන් කරන මංතීරුව ආසන්නයේ කැළෑබද ප්‍රදේශයක ගින්නක් හට ගෙන ඇති බව සීදුව පොලීසිය පවසයි.

මෙම ගින්න සීදූව ප්‍රදේශයේදී කටුනායක-කොළඹ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 18 කණුව සහ 19 කණුව අතර කැළෑබද ප්‍රදේශයක මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වෙයි.

ගින්න හේතුවෙන් කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ ජාඇල සිට කටුනායක දක්වා කොටස තාවකාලිකව වසා දමා ඇති බව සීදුව පොලීසිය සඳහන් කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *