Press "Enter" to skip to content

කොරෝනා සුව වීමේ ප්‍රතිශතය ලෝකයේ 27% යි..ලංකාවේ 34% යි

සමස්ත ලෝකයේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ රෝගීන්ගේ අනුපාතයට වඩා ශ්‍රී ලංකාවේ සුවවීමේ අනුපාතය සියයට හතකින් ඉදිරියෙන් සිටියි. ඒ අනුව ලෝකයේ කොවිඩ් රෝගීන් සුවවී මේ අනුපාතය 27%ක අගයක පවතිද්දී මෙරට රෝගීන් සුවවීමේ අනුපාතය 34%ට වඩා ඉහළ අගයක් දක්වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ වාර්තා අනාවරණය කරයි.

ලෝකයේ දියුණුම සෞඛ්‍ය පද්ධතිය පවතින ඇමරිකා එක්සත් ජනපදය තුළ මේ වනවිට කොවිඩ්-19 වෛරසය හේතුවෙන් වසංගත තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර එරට රෝගීන් සුවවීමේ ප්‍රතිශතය 10.12%කි.

යුරෝපා කලාපයේ ප්‍රබලයා වන ප්‍රංශයේ රෝගීන් සුවවීමේ අනුපාතය 24.79%ක් ලෙස සංඛ්‍යාලේඛන අනාවරණය කරන විට රට දැඩි පාලනයකට යටත් කොට උපරිම ලෙස රෝගීන්ට සෞඛ්‍ය පහසුකම් ලබාදෙන සිංගප්පූරුවේ සුවවී‍මේ අනුපාතය 8.27% දක්වා පහත බැස තිබේ.

මේ අතර අසල්වැසි ඉන්දියාවේ කොවිඩ් රෝගීන් සුවවීමේ ප්‍රතිශතය 19.36%ක් ලෙස වාර්තා වෙද්දී ආසියානු කලාපයේ විශිෂ්ටතම සෞඛ්‍ය පද්ධතිය හිමි ජපානයේ සුවවීමේ අනුපාතය 11.77%ක් ලෙස දැවැන්ත කඩාවැටීමක් පෙන්නුම් කරයි.

එමෙන්ම ලෝකයේ සමස්ත මරණ අනුපාතය 6.93%ක් ලෙස දැක්වෙද්දී මෙරට මරණ අනුපාතය 2%ක අනුපාතයක් පවතී. එක්සත් ජනපදයේ මරණ අනුපාතය 5.5%ක් ලෙසද, ප්‍රංශයේ මරණ අනුපාතය 13.1%ක් ලෙසද වාර්තා වෙද්දී ඉන්දියාවේ 3%ක් ලෙසද, ජපානයේ 2.5%ක් ලෙසද වාර්තා වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *