Press "Enter" to skip to content

ගල්අඟුරු නැතිව නොරොච්චෝලේ යන්ත්‍රයක් නවතී

ගල්අගුරු හිඟය හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරයේ විදුලි ජනක යන්ත්‍රයක් ඊයේ (22) රාත්‍රී සිට අක්‍රීය කරන බව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

 

මේ හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට මෙගා වොට් 270 ආසන්න විදුලි ධාරාවක් අහිමි වන බව ද එම නිලධාරියා පැවැසීය.

 

එම විදුලි ජනන යන්ත්‍රයෙන් ජාතික විදුලි පද්ධතියට මෙතෙක් ලැබුණු මෙගාවොට් 270 ක පමණ ප්‍රමාණය කෙරවලපිටිය ඩීසල් බලාගාරයන් ලබාගැනීමට දිනකට රුපියල් මිලියන 228 ක් වැයවන බවත් එය විදුලිබල මණ්ඩලයට විශාල පාඩුවක් බවත් විදුලිබල මන්ඩලයේ නිලධාරියෙක් කීය.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *