Press "Enter" to skip to content

ජෙරම් ෆාස්ටර්වරයා හැලූ පෙට්‍රල් වලට ගිනි කූර නොගැසිය යුතුයි – වෛද්‍ය වසන්ත බණ්ඩාර

ටෘත් විත් චමුදිත අන්තර්ජාල නාලිකාව සමඟ සම්බන්ධ වෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ, බෞද්ධ ආගමට නිගරු කරමින් බෝන් අගේන් ආගමික නිකායේ ප්‍රධානියා වන ෆාස්ටර් ජෙරම් ආගමික ගැටුමකට අදාළ වන පෙට්‍රල් හැලීමට කටයුතු කළ බවත් ඔහුගේ උපක්‍රමයට හසුවී ගිනිකූරු  ගැසීමට කටයුතු කිරීමෙන් වැලකී සිටීමට සියලු දෙනාම  බලා ගත යුතු බවත්ය.

 

එහිදි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වසන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ සිද්ධිය යට ගැසීම සඳහා ජනධිපතිවරයා අපූරු උපක්‍රමයක් භාවිත කරන බවයි. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත්කල කමිටුවේ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා නොදී ජනධිපතිවරයා වෙතටම ලබා ගැනිමට කටයුතු කර ඇති බවයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ මලයාලම් චිත්‍රපටයක් වන Trance නරඹන ලෙසයි. ඒ මහතාගේ සම්මුඛ සාකච්ඡාව ඇතුලත් සම්පූර්ණ වීඩියෝව…

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *