Press "Enter" to skip to content

දක්ෂිණ අධිවේගයේ ගමන් නවතී

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව සහ පින්නදුව අතර කිලෝ මිටර් 102 ප්‍රදේශයෙන් නායයාම හේතුවෙන් එම ප්‍රදේශයෙන් වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නවතා දමා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල් ඊ එස් වීරකෝන් මහතා පැවසීය.

 

කොට්ටාව දෙස සිට හම්බන්තොට දක්වා යාමට අවශ්‍ය පුද්ගලයන් පින්නදුව පිවිසුමෙන් පිටතට ගොස් ඉමදූව පිවිසුමෙන් යළි අධිවේගී මාර්ගයට පිවිසිය හැකි බවත් හම්බන්තොට සිට කොට්ටාව දෙසට පැමිණෙන වාහන රියදුරන් ඉමදූව පිවිසුමෙන් පිටතට ගොස් යළි පින්නදූව පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු විය හැකි බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *