Press "Enter" to skip to content

දයාසිරි සජිත් හමුවෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉකුත්දා හමුවී සාකච්ඡාවක් පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.

 

ජයසේකර මහතා තම ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් එහිදී සජිත් ප්‍රේමදාස මහතා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි දැනගන්නට තිබේ.

 

ඒ අනුව ජයසේකර මහතා ද ඉදිරි කාලයේදී සිය දේශපාලන ගමන් මග සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය තෝරා ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තාවේ.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ ජයසේකර මහතා පක්ෂයේ විනය කඩ කිරීමේ චෝදනාව මත එහි සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබූ අතර,ඒ හේතුවෙන් ඔහුට මහලේකම්ධුරයද අහිමි විය.

 

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *