Press "Enter" to skip to content

දෙවන කොරෝනා රැල්ලට හේතුව මෙන්න! – ජාතික සංවිධාන කියන කතාව!!

බ්‍රැන්ඩික්ස් ආයතනය නිරෝධායන මූලධර්ම සහ නීති නොතකා ඇනවුම් හබා යාම නිසා කෝවිඩ් දෙවන රැල්ල රහසේම වර්ධනය වු බවට ආණ්ඩුවට පක්ෂපාති ජාතික සංවිධාන චෝදනා කරයි.

 

බස්නාහිර පළාත වසා තිබියදී ආයෝජන මණ්ඩල සමාගම් වලට ඇනවුම් හබා යාමට ඉඩදීම නිසා වසංගත තත්වය නරක අතට හැරෙන බවට යම් වෛද්‍යවරුන් දරණ මතය පිළිබඳය ‘ලංකා ලීඩ්’  කල විමසීමක දී ජාතික සංවිධාන ජාලයේ ප්‍රධානී වෛද්‍ය වසන්ත බණ්ඩාර මෙසේ සඳහන් කර ඇත.

 

” බ්‍රැන්ඩික්ස් ආයතනය නිරෝධායන මූලධර්ම සහ නීති නොතකා ඇනවුම් හබා යාම නිසා කෝවිඩ් දෙවන රැල්ල රහසේම වර්ධනය වුණා. ඉන් පසුව තාක්ෂණිකව ප්‍රදේශය වසා දමා නිරෝධායන කටයුතු විධිමත් කිරීම සති කිහිපයකින් පමා වුණා.

 

ඒ නිසා රෝගය සීග්‍රයෙන් අනෙක් ප්‍රදේශ වලට පැතිරුණා. දැන් පමා වී හෝ බස්නාහිර වසා දැම්මා. ඊට යම් සමාගම් කිහිපයකට ඇනවුම් හබා යාමට ඉඩ දීම නිසා වසා දැම්මේ ප්‍රතිපලයත් නැති වෙලා රෝගය පැතිරීම වර්ධනය වෙන්න පුළුවන්. ඇනවුම් හදිසි නිසා සේවකයින්ට වයිරසය ඇතුල් නොවී තිබෙන්නේ නැහැ.

 

යම් සමාගමක් ආයෝජන මණ්ඩලය අනුමත කළ පමණින් එහි සේවකයින්ගෙන් සෙසු ජනයාට රෝගය බෝවීම වළකින්නේ නැහැ. පින්සිද්ධ වෙයි බලධාරීන්ට කියන්න තියෙන්නේ දැන්වත් මොළේ පාවිච්චි කරන්න කියලා තමයි. “

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *